ඔක්‌කොම අනිත්‍යයි හිතලා කොහොමද ජීවත්වෙන&

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔක්‌කොම අනිත්‍යයි හිතලා කොහොමද ජීවත්වෙන&

    ධර්ම දේශනාවක්‌ අවසානයේදී පිංවත් තරුණයෙක්‌ ප්‍රශ්නයක්‌ විමසුවා. "හාමුදුරුවන් කියනවා මේ මේසයත් අනිත්‍යයි, මේ මල් පෝච්චියත් අනිත්‍යයි, මේ කෝප්පයත් අනිත්‍යයි, මමත් අනිත්‍යයි, ඔක්‌කොම අනිත්‍යයි.... මෙහෙම හිතලා අපි කොහොමද ජීවත්වෙන්නේ " කියලා.

    මේ මහත්තයා යම් කිසි ආවේගයකින් මේ ප්‍රශ්නය ඇසුවේ. ඒ මහත්තයා තුළ මේ උතුම් අනිත්‍ය ධර්මය කෙරෙහි යම් හාස්‍යයක්‌ ඇතිවෙලා තිබුණා.

    බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මම ඔබලාට කාමයන්ගේ රූපයන්ගේ ආදීනවයන් දේශනා කරන්නේ, කාමයන්ගෙන් වෙන්වෙලා ජීවත්වෙන්න කියලා. එසේ කියන්නේ පිංවත් ඔබ කාලා, බීලා, හොඳින් ජීවත්වෙනවාට ඇති අකමැත්ත නිසා නොවේ.

    මේ කාමයන් අපිව දුකටමයි ඇද දමන්නේ. නිවන් මාර්ගයෙන් ඈතටමයි ඔබව රැගෙන යන්නේ. ඒ නිසාමයි බුදුරජාණන්වහන්සේ කාමයේ ආදීනවයන් ගැන ඒ තරම් දේශනා කරන්නේ.

    බුදුරජාණන්වහන්සේ කොතැනදීවත් ගිහි පිංවතුන්ලාට දේශනා කරන්නේ නැහැ කාමයන්ගෙන් සම්පූර්ණයෙන්ම බැහැරව ජීවත්වෙන්න කියලා. ශිල්පද ආරක්‍ෂා කරගෙන කාමයන් ඇසුරු කරන්න කියලයි බුදුරජාණන්වහන්සේ ගිහි පිංවතුන්ට දේශනා කරන්නේ. බුදුරජාණන්වහන්සේ කොයිම වෙලාවකවත් සෝවාන් මාර්ගය තුළ සිටින ගිහි පිංවතුන්ලාට සීමාව ඉක්‌මවා ගියාවූ තහංචි පනවා නැහැ.

    පිංවත් ඔබ හිතන්න. ඔබ ගිහි තරුණයෙක්‌. ඔබ සද්ධර්මය ශ්‍රවණය කරලා, සෝවාන් ඵලයට පත්වෙනවා. පිංවත් ඔබ සෝවාන් ඵලයට පත්වුණත්, ඔබ තුළ කාම රාග පටිඝයන් තිබෙනවා. ඔබ කැමතිනම් ඔබට ලබන සතියේ විවාහයකට යන්න පුළුවන්. සෝවාන් ඵලයට පත්වුණු ගිහි පිංවතා, පිංවතිය අවශ්‍ය නම් විවාහ වෙනවා. විවාහය කියන්නේ ශිල්පද බිඳීමක්‌ නොවේ. බලන්න බුදුරජාණන්වහන්සේ අනිත්‍ය කියන ධර්මය කොයිතරම් ප්‍රයෝගික තැනකට ගෙනත් තිබෙනවාද. ගිහි පිංවතුන්ලා උදෙසා මෙච්චර පැහැදිලි නිදහසක්‌ ඔබලාගේ ගිහි ජීවිතය උදෙසා ලබාදී තිබියදී, සමහර පිංවතුන් අන්තවාදීව අනිත්‍යය කියන වචනය විවේචනය කරනවා.

    එක්‌ ගෞරවනීය ස්‌වාමීන්වහන්සේනමක්‌ භික්‍ෂුවගෙන් විමසුවා, සෝවාන් ඵලයට පත්වූ භික්‍ෂුවක්‌ කාමය උදෙසා, සිව්රු හැරයයිද කියලා. සෝවාන් ඵලයට පත්වූ භික්‍ෂුවක්‌ කවදාවත් කාමයන් උදෙසා සිව්රු හැර යන්නේ නැහැ. උතුම් උපසම්පදා භික්‍ෂුවගේ ආර්යකාන්ත ශීලය බවට පත්වෙන්නේ සාමනේර දස ශීලය. එම නිසා ගිහි පිංවතා සෝවාන් ඵලයට පත්වෙලා, විවාහයකට ගියත්, සෝවාන් ඵලයට පත්වූ භික්‍ෂුවක්‌ කාමයන් උදෙසා සිව්රු හැර යන්නේ නැහැ. මොකද එම ස්‌වාමීන්වහන්සේ ආර්යකාන්ත ශිලයෙන් පරිපූර්ණභාවයට පත්වී ඇති නිසා.

    ගිහි පිංවතුන්ලා අතහැරීම ගැන කථාකරනකොට, හොඳ උදාහරණයක්‌ විශාඛා උපාසිකාවගේ ජීවිත කථාව තුළ තිබෙනවා. දිනක්‌ විශාඛා සිටු දියණිය, පළඳනාවක්‌ ගෙල පැළඳගෙන බුදුරජාණන්වහන්සේ බැහැදැකීමට පූර්වාරාමයට ගියා. බුදුරජාණන්වහන්සේට වන්දනා කිරීමට පෙර ඇය එම පළඳනාව ගලවා අසල ඇති මේසයක්‌ මත තබනවා. බුදුජාණන්වහන්සේ වන්දනාකර, ධර්මයන් ශ්‍රවණයකොට, ඇයට ධර්මය කෙරෙහි ඇතිවූ ප්‍රීතිය නිසාම තමන්ගේ ගෙල පළඳනාව පූර්වාරාමයේ අමතකකොට දමා සිටු මැදුරට යනවා. සිටු දියණිය සිටු මැදුරට පැමිණි පසු සේවිකාවකගෙන් අහනවා "ඔබ මගේ ගෙල පළඳනාව රැගෙන ආවාද?" කියලා. සේවිකාව කියනවා තමන් රැගෙන නොපැමිණි බව. ඒ වෙලාවේ තමයි විශාඛා සිටු දියණිය දැනගත්තේ තම ගෙල පළඳනාව පූර්වාරාමයේ අමතකව පැමිණි බව. ඒ වෙලාවේ ඇය තම සේවිකාවකට කියනවා "ඔබ පූර්වාරාමයට යන්න. එහි ගොස්‌, යම් හෙයකින් මගේ ගෙල පළඳනාව ආන්නද ස්‌වාමීන්වහන්සේ විසින් ආරක්‍ෂාව උදෙසා වෙනත් තැනක තබා තිබේ නම් නැවත එය ඉල්ලන්න යන්න එපා. එම පළඳනාව සංඝයාටම පූජාවේවා කියලා සංඝයාට පූජා කොට එන්න. ගෙල පළඳනාව තබා තිබූ මේසය මතම තිබුණොත් එය නැවත අරගෙන එන්න" කියලා.

    ඉහත කථාව තුළ තිබෙනවා සෝවාන් ඵලයට පත්වූණ කෙනෙකුගේ අතහැරීමේ ස්‌වභාවය. ඇය තුළ කාම, රාග, පටිඝ ධර්මයන් තිබෙන නිසා ඇය අලංකාර ගෙල පළඳනාවක්‌ පළඳිනවා. නමුත් ඇය දක්‍ෂයි එය ඕනෑම මොහොතක අතහරින්න. එය අහිමිවීම තුළ ඇය කිsසිම ශෝකයක්‌ ඇතිකරගන්නේ නැහැ.

    නැවත වතාවක්‌ විශාඛා සිටු දියණිය සිය කෝටි ගණනක්‌ වටිනා මහලිය පළඳනාව විකුණා, පූර්වාරාමය ගොඩනගලා, එය මහා සංඝරත්නයට පූජා කරලා, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය පූර්වාරාමයට ගෙවැදීමේ ප්‍රීතියට, තම දරු මුණුබුරන්ද සමගින් තුටු ගී කියමින් පූර්වාරාමය තුළ සතුටුවුණා. භික්‍ෂූන්වහන්සේලා විශාඛා සිටු දියණියගේ මෙම හැසිරීම දැකලා, බුදුරජාණන්වහන්සේට සැලකොට සිටියා, විශාඛා සිටු දේවියගේ පිත කිපිලද කොහෙද, ඇය උමතුවෙන් හැසිරෙනවා කියලා. ඒ වෙලාවේ බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, විශාඛාවගේ පිත කිසිවක්‌ වෙලා නැහැ. ඇය ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ අග්‍ර දායිකාව කියන උතුම් තනතුර ලැබීමේ සතුටයි භුක්‌තිවිඳින්නේ කියලා.

    දක්‍ෂ මාලාකාරයෙක්‌, මල් මාලයක්‌ ලස්‌සනට ගොතන්නාක්‌ මෙන්, දක්‍ෂයා පිං සිදුකරගෙන සතුට ලබනවා කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. ඉහත කාරණා තුළින් පිංවත් ඔබට දකින්න පුළුවන්, යම් ගිහි පිංවතෙක්‌ සෝවාන් ඵලයට පත්වුණාය කියලා තමා පළඳින රන්, රිදී, මාල, වළලු අතහරින්ට උවමනා නැහැ. පිංවත් ඔබට ලස්‌සන්ට, තමන්ට ගැලපෙන පරිදි ඇඳ පැළඳගෙන මගුල් ගෙදරක යන්න බැරි කමක්‌ ලැබෙන්නේ නැහැ. ඔබ මේවා පරිහරණය කරමින් ඒ කෙරෙහි ඇති තෘෂ්ණාවයි හීනකරගත යුත්තේ.

    10574405_696946310397855_6786096408478740146_n.jpg

     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    TV program ekakadi mama dakka---Japan valadi Darma desanavak avasanedi, sanvidakain kivva, Hamuduruvan gen prasna asimata athnam asanna kiya. Evita eka japan mahathek oya vage prasnayak asuva. Samahara Hamuduruvo oya prasnayata answer eka hariyata denne naha. Ath hari pilithurak thiyenava. Elagata mama right answer eka dennam.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Anithya----Dukka -----Anathma nam api kanna bonna addinne pirisiduva inne ayi. Mea kisi deyakin vadak naha nedha kiyala hithenne, Buddhism gana varadi vatahimak nisai.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Buddihism yanu VINASAKARI [DESTROY] dahamak nove. Buddhism yanu ABIBAVA [OVERCOME] dahamaki.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Nirvanaya yanu NATHI KARALA ,VINASA KARALA damu pasu ena position ekak neve. Nirvanaya yanu ABIBAVA[OVERCOME] kala pasu ena position ekaki.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Eka nisa THRUSNAVA [DESIRES] NATHI kirima kiya bana desana kirima varadiya. Hariyata desana kala yutthe THRUSNAVA [DESIRES] ABIBAVA yama Nirvanaya lesaya.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Science anuvath , SAKKTHIYA VINASA KALA NOHAKA. Eheth sakkthiya venath form ekakata path kala haka.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Oba sakkthiya vinasa kirimata try kaloth venne----kali valata kadi bidi gos paramanu bavata path vee thavath kuda kotas valata kadi bidi gos VISVA SAKKTHIYA bavata path vee kalayak gos navath ema visava sakkthiya venas vee ksudra jivin [life] bavata path vee parinamaya vemin pada nathi sathun padha athi sathun bavata path vee vanarayan vee minisun bavata parinamaya veemai. [prathi chakraniya veemai]
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    For example----mama physical example ekak gannam example ekak vidiyata. Namuth pasuva oba mema kandha [mountain] word eka venuvata manasa [MIND] kiyana word eka adesa karanna.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Obata Mountain ekak , Buldozer ekak magin flat kala haka.[pas tika venath thanakata ivath vea.] . Eya ZERO after DESTROY lesa salakiya haka. Eheth oba mountain eka vinasa nokara mountain eka mudunata[top ekata] naga gatthoth , mountain top ekedi da mountain eka natha. Atthedha nove , Natthedha nove . same to Nirvana. That is the great ZERO AFTER OVERCOME. That is the top of the mountain. That is the top of the MIND. GREAT NIRVANA. BUDUN VAHANSELAGE , RAHATHUN VAHANSELAGE SADAKALIKA VASASTHANAYA.
     
    Last edited:

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මෙ ධර්ම දානයෙ පිනෙන් මෙ ආත්මෙදීම නිවන් දකීමට හේතු වසනා වෙවා !!
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    Nirvanaya yanu NATHI KARALA ,VINASA KARALA damu pasu ena position ekak neve. Nirvanaya yanu ABIBAVA[OVERCOME] kala pasu ena position ekaki.

    පින්වත් Luxmen,

    ඔබ බුදු පියානන් පවසා ඇති බොහෝ දේවල් වලට ප්‍රතිවිරුද්ධ කාරනාම පවසනවා. මෙය ඔබට බොහෝ හානිකරයි.

    බුදු දහම විනාශකාරී දහමක් නොවන්නේ එය අවිහිංසාවාදී ක්‍රියා පිළිවෙතක් නිසායි. නමුත් තෘෂ්ණාව විනාශ කිරීමක්මයි එහි ඇත්තේ. තෘෂ්ණාව අභිබවා යෑමක් නොවේ. ක්‍රමයෙන් ක්‍රමයෙන් තෘෂ්ණාව අඩු කරගෙන ගොස් නැත්තටම නැති කර දැමීමක්.

    ඔබ මෙසේ පවසා තිබෙනවා:

    "Nirvanaya yanu NATHI KARALA ,VINASA KARALA damu pasu ena position ekak neve. Nirvanaya yanu ABIBAVA[OVERCOME] kala pasu ena position ekaki."


    මෙතනත් තවත් තැන් කිහිපයකත් ඔබ නිවන යනු ස්ථානයක් ලෙස දක්වා තිබෙනවා. ඔබේ මේ පිළිගැනීම නිසා වෙන්න ඕනෑ ඔබ බුදු දහම නම් තෘෂ්ණාව අභිබවා යෑමක් ලෙස දකින්නේ. ඔබේ මේ නිවන යනු ස්ථානයක් ලෙස වටහා ගැනීම නිවැරදි නැහැ. මේ පිළිබදව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට දහම් දැකීම දෙවන කොටස MP3 එක අසන්න. ලිනක් එක පහත දැක්වෙනවා. එහි සරලව විස්තර වෙනවා නිවන යනු ස්ථානයක් නොවන ලෙස වටහා ගන්නේ කෙසේද කියාත්, හේතු ඵල දහම, මධ්‍යම ප්‍රතිපදාව යනු කුමක්ද කියාත්. එය හොදින් වටහා ගත්තොත් ඔබට බුදු දහම යනු තෘෂ්ණාව යනු අභිබවා යෑමක් කියවෙන දහමක් නොවන බවත්, අවිහිංසාවාදී පිළිවෙතක් මගින් තෘෂ්ණාවේ සම්පූර්ණ විනාශයක්ම කියවෙන දහමක් බවත් පැහැදිලි වේවී. මේ නිසාම තමයි ඔබ "GREAT NIRVANA. BUDUN VAHANSELAGE , RAHATHUN VAHANSELAGE SADAKALIKA VASASTHANAYA." ලෙස පවසා ඇත්තේත්. එසේ ඇති සදාකාලික වාසස්ථානයක් ගැන නොවෙයි නිවන ලෙස බුදු දහමේ සදහන් වෙන්නේ.

    http://www.trekmentor.com/si/daham/talks



    ඔබ කියා ඇති විශ්ව ශක්තිය ගැන කතාවත් නිවැරදි නැහැ. පවතින දේ කැඩී බිදී යෑමනම් හරි. නමුත් මිය ගිය සත්වයා වෙනත් සතුන් බවට පරිවර්ථනය වීමක් නොවෙයි සිදුවන්නේ. එය සිදුවන්නේ හේතු ඵල කරුනක් නිසාමයි. මිය ගිය සත්වයාගේ පදාර්ථයන් වෙනත් මියගිය සත්වයින්ගේ භවය සකස්වීම පිණිස කාරනා වී එසේ මියගිය වෙනත් සත්වයින් නැවත ඉපදීම තමයි සිදුවන්නේ. ඉතින් හුදෙක් එක් මියගිය සත්වයෙක් වෙනත් සතුන් බවට පරිවර්ථනය වීමක් නැහැ. විශ්ව ශක්තිය ගැන කතාවක් නම් මම බුදු දහමේ මෙතෙක් දැකලා නැහැ. නමුත් විශ්ව ශක්තිය ගැන වෙනත් ආගම්, ඉගැන්වීම් වල ඇති බව අසා තිබෙනවා - විශේෂයෙන්ම ඉන්දියාවේ ආත්මීය, යෝගීන්ගේ ඉගැන්වීම් වල. බුදු දහමේ නම් එවැනි දෙයක් නැහැ. ආසන්න දෙයකට ඇත්තේ සතර මහා ධාතූන් ගැන සදහන. එය විශ්ව ශක්තිය ලෙස අමුතුවෙන් කියන්න, අමුතු බලයක් ඇති දෙයක් ලෙස දක්වන්න දෙයක් නොවේ.