ඔන්න බොලව් අපි කැම්පස් ඉද්දි සිද්ද වුන සිŞ
සිද්ධිය 1
අපේ හොස්ටල් එකේ කැන්ටිමේ බත් ගූ හැත්තෑවයි. වැලි තිහයි. මනුස්සයෙක් ට තියා සතෙක්ට වත් කන්න බෑ. හැබැයි බත්තෙකක් රුපියල් පහළොවයි. අඩුවක් දහයයි. කැම්පස් ඉන්න එකෙක්ට ඒක මසුරං.
ඔන්න එක අවුරුද්දක කැන්ටිං ටෙන්ඩරේ අළුත් එකෙක් ගත්ත. ඌ කෑම එකේ කොලිටිය වැඩි කරා. හැබයි ගානත් ටිකක් වැඩි වුනා. මතක විදිහට රුපියක් තිහක්. කෑම එක දැන් ඕකේ කොලිටියෙ තියෙනවා. හැබැයි ගාන ටිකක් සැරයි. ඒ ගාන දරන්න අමාරුයි.
මාස දෙකක් විතර යද්දි එක පාරටම බත් එකක පණුවෙක් "ඉඳල" මාට්ටු වුනා. කොල්ලො බත් පිඟන් පොලේ ගහල කැන්ටිමේ යකා නටල කොහොම හරි අරූව එලව ගත්ත.
එදා ඉඳං ආපහු රුපියල් පහළොවේ බත් එක.
===========================================
සිද්ධිය 2
එක පාරක් මම අපේ ෆැකල්ටිය ළඟ තියෙන මුස්ලිම් හෝටලේට ගියා ෆ්රයිඩ් රයිස් එකක් කන්න. ඒ කාලෙ හෝටල් වලින් ෆ්රයිඩ් රයිස් කනව කියන්නෙ හෙනම ලක්ෂරි සීන් එකක්. මම හිතන්නෙ මහපොළ වත් හම්බෙල තියෙන්න ඇති.
ඔන්න කඩේට ගියාම කඩේ ඇතුළෙ දහයක දොළහක සෙට් එකක් ඉන්නව. ට්රිප් එකක් ආපු සෙට් එකක්. උනුත් කන්නෙ ෆ්රයිඩ් රයිස්. චිකන් හොදි එක්ක.මාත් ඉතිං ෆ්රයිඩ් රයිස් එකයි චිකන් හොදියි ගේන්න කිව්ව. කඩේ වැඩට ඉන්නෙ අවුරුදු පහළොවක විතර කොළු ගැටයෙක්. ඌත් රයිස් එකයි හොදි එකයි ගෙනත් දුන්න.
දෙයියනේ කියල චිකන් හොදි රයිස් එකට දාගන්න යද්දිම තමයි දැක්කෙ. චිකන් හොද්දෙ.........
නෑ යකෝ වඳ පෙති නෙවෙයි. කැරපොත්තෙක්.පොඩ්ඩක් කල්පනා කරල බැලුව මොකද කරන්නෙ කියල.
සීන් එක ඇනලයිස් කරා.මම කැම්පස් කියල කඩේ එවුං දන්නව. ඒ නිසා මම නිකං පිම්බත් විසිවෙන සයිස් එකේ (ඒ කාලෙ ඈ. දැං එහෙම නෑ) එකෙක් වුනත් මට ලොකුවට ගේම කෝල් වෙන්නෙ නෑ කියල බුදු ෂුවර්.
ට්රිප් එක ආපු එව්වො දැනටමත් සෑහෙන තරමක් කාල. මම කෑගහල සීන් එක වකූර් කරොත් උං මට වඩා කලබල වෙනව. මොකද උං දැනටත්මත් කැරපොතු හොදි කාල ඉන්නෙ. සෙට් එකේ කොල්ලො හතර පස් දෙනෙකුත් ඉන්න නිසා බොහෝ විට මුදලාලිට කනේ පාරක් වගේ ලැබෙන්නත් ඉඩ තියෙනවා.
කඩේ මුදලාලිට හොඳම දේ වැඩේ ගොඩින් ෂේප් වෙන එක.උං දැනටමත් කැරපොතු හොදි කාල තියෙන්නෙ. ඒ නිසා මම කෑගැහුවොත් උන්ට අප්පිරියාවටම වමනෙ ගිහිල්ල ට්රිප් එකත් අල වෙන්න ඉඩ තියෙනවා.
මම කෑගැහුව කියල උන්ට වෙන යහපතක් නෑ.ඒ නිසා මම ෂේප් එකේ කොල්ලට කතා කරල කැරපොත්තව පෙන්නුව.ඌ නිකං රෙවෙන ගානට බය වුනා. ඌ එතන නටනවා. මට තව හොදි එකක් ගේන්නං කිව්ව. මම ඇහුව ගොම්පාට් ද කියල. ඒ හැලියෙන් ම නෙ ගේන්නෙ.
මුදලාලි සීන් එක දැකල එතනට ආව. පොරත් ටිකක් කලබල වුනා. එක එක කතා කියනවා. අනිත් සෙට් එක දිහා හැරි හැරී බලනවා.මම කිව්ව හරි මට වෙන හොදි ඕනෙ නෑ ඕක ඔහොම්මම තියල කෝක් එකක් දෙන්න කියල. නිකම්ම රයිස් ගිලින්නත් බෑ නෙ. ලිස්සල යන්නත් මොනා හරි තියෙන්න ඕනෙ නෙ. ඊට පස්සෙ කෝක් එකත් එක්ක රයිස් එක කෑවා. රයිස් එක කාල ඉවර වෙලා සිගරට්ටෙකක් ගෙන්න ගෙන ඒකත් බිව්ව (ඒ කාලෙකඩ ඇතුලෙ සිගරට් බොන්න පුළුවං).
ඊට පස්සෙ නැගිටලා යන්න ගියා.
මම නැගිටල යද්දි මුදලාලි නිකං "මල්ලි බිල?" වගේ ලුක් එකක් දැම්ම.
මම "පිස්සුද අයියා ගොම්පාට් ද?" ලුක් එක දාල යන්න ගියා.

ටිකක් මොළේ පාවිච්චි කරපල්ල බං. තිරිසං සත්තු වගේ හැසිරෙන්න එපා.
උපුටාගැනීම:සසර සැරිසරන පාදඩයා