ඔබලාගෙන් උපදෙස් අවශයි, please help me

helpme1234

Member
Jan 23, 2016
20
1
0
ඔකේ දෙපැත්තක් තියෙනවා බන් ...එකක් උඹේ තාත්තා පොඩි කාලෙම දාලා ගියපු නිසා අම්මා උඹව දුක් විදලා මහන්සි වෙලා උගන්වලා අද තැනකට ගේනවා කියල හොද දකින මිනිස්සු වැඩි ...ඒ වගේම කුහක , අදහස් තියෙන අය හිතන්න පුළුවන් උඹේ අම්මා තාත්තා නැති නිසා වැරදි පැත්තට යන්නත් ඇති කියලා ..එත් එහෙම හිතන්නේ බොහොම සුළු පිරිසක් විතරයි ..

..පවුල් පසුබිම කවුරු නෑ කිව්වත් එක හොයනවා ...ඒ හොයන්නේ පුද්ගලයාගේ චර්යාව ගැන අදහසක් ගන්න ..එත් තාත්තා එහෙමයි කියල පුතා හරි දුව හරි එහෙම වෙනවමයි කියලාම කියන්න බෑ ....අනිත් එක දෙන්න නොගැලපීම නිසා දික්කසාද උනා කියන එක ලොකු දෙයක් නෙවෙයි බන් ...බැදලා ඉන්න ගමන් හොර ගැනු හෝ හොර පිරිමි තියාගෙන ඉන්නවට වඩා එක නම්බුකාරයි..

.. උඹ ඔය බයිලා හිතන්න එපා ..උඹේ පරණ ආදරය ගැන අතීතය හිතන්නත් එපා ...අනාගතය ගැන හිතපන් ..proposal එකක් ගේනවා නම් ඒ කෙල්ල මොනවා වගේද කියල හදුනාගන්න හොදට ..විශේෂයන්ම එයාගේ ගතිගුණ හා චර්යාවන් ...අනිත් දේ උඹ කවදාවත් කාටවත්ම පෙන්නන්න යන්න එපා උඹේ දෙමාපියන් දික්කසාද වෙලා ඉන්න එක ප්‍රශ්නයක් කියලා ...කාටවත් එක නිසා උඹව පහත කරලා සලකන්න දෙන්න එපා...ඉස්සෙල්ලම එක ඉගෙන ගනින් ....උඹ කෙල්ලටත් හැම වෙලේම කියවන්න ගියොත් අම්මල දික්කසාද වෙලා තියෙන එක නිසා උඹව ගැලපෙන්නේ නෑ කියලා එකිත් අන්තිමට ඒ අදහසට එනවා .....

හොදම උපදේශය පරණ අතීතය අමතක කරලා අනාගතය ගැන හිතන්න ...නැති ප්‍රශ්නයක් ගැන වැඩිපුර හිතලා ප්‍රශ්නයක් ඇතිකරවන්න යන්න එපා සහෝ ...උඹ රස්තියාදුකාරයෙක් වෙලා නැත්තන් , දකින දකින කෙල්ල පස්සෙන් යන එකෙක් නොවෙයි නම් , බඩු ගහන එකෙක් නෙවෙයි නම් තව මොන කතාද ....එත් උඹ කවදාහරි ඒකිට වැරද්දක් කලොත් අනිවා මිනිස්සු කියයි තාත්තගෙම පුතා කියල ..එක නිසා උඹ හොදින් ඉන්නකන් උඹට හොදයි .....good luck

බොහොම ස්තුති මචන් මන් කවදාවත් එහෙම වැඩක් කරන්නේ නැහැ බන්, ඒ වෙචච දේවල් හන්ද අම්මයි මයි පුදුම දුකක් වින්ද අදටත් විදිනවා. එත් කෙල්ලොත් මට කැමති නැහැ බන් මන් එච්චර ලස්සන එකෙකුත් නෙමෙඉ
 

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    බොහොම ස්තුති මචන් මන් කවදාවත් එහෙම වැඩක් කරන්නේ නැහැ බන්, ඒ වෙචච දේවල් හන්ද අම්මයි මයි පුදුම දුකක් වින්ද අදටත් විදිනවා. එත් කෙල්ලොත් මට කැමති නැහැ බන් මන් එච්චර ලස්සන එකෙකුත් නෙමෙඉ

    ස්සන කන්නද බන් ...කෙල්ලෙක් ලස්සන බලනවා තමයි ..එක ඔයා මට හැමෝට පොදු දෙයක් ...එත් සාර්ථක පවුල් ජිවිතයක් ගෙනියන්න නම් ලස්සනට වඩා වටින්නේ ඒ කෙනාගේ ඇතුලේ ජීවත් වෙන සැබෑ පුදගලයා අනුව ...

    ..උඹ මෙහෙම හිතපන්කෝ ..ලස්සන කොල්ලෙක් වෙලා දකින දකින කෙල්ල පස්සේ යන එකෙක් වැඩක් තියෙනවද ..එහෙම කොල්ලෙක් බදින කෙල්ලත් කාලයක් ඉදලා වෙන කොල්ලෝ පස්සේ යන්න ගන්නවා ....

    එත ලස්සනට වඩා හිත ඇතුලේ ඉන්න නියම පුද්ගලයා අදුරගත්ත දෙන්නෙක් කවදාවත් රණ්ඩු නොවී සතුටෙන් ඉන්නවා ...නොගැලපීම් තියෙනවා නම් ඒවා ඉවසන්න , හදාගන්න උත්සහ කරලා සතුටින් ඉන්නවා ...

    උඹ ඔය බයිලා හිතන්න එපා ..කෙල්ල සාමාන්‍ය ලස්සනක් තියෙන විශේෂයෙන්ම සරල සුන්දර කෙනෙක් නම් , උඹව හොදට තේරුම් ගන්න පුළුවන් කෙනෙක් නම් උඹට වරදින්නේ නෑ ..එත් සල්ලි වලට සහ කෙල්ලගේ පවුල ගැන ලොකු ඔලුවකින් ඉන්න කෙනෙක් නම් ජීවිතේට බදින්න එපා ....

     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හැමදෙයක්ම හොදින් විසදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචන් !
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මේ ඔක්කොමටම කලින් උඹ විසින් උඹවම පහත් කරලා දකින ,සමාජය උඹට හිනාවෙනවා කියල දකින හීන මානසිකත්වය නැති කරගනින් බන් ....එතකොට උඹට කවදාවත් වරදින්නේ නෑ
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    kollekta owa balapan na bn
    kellekta witarai owa balapane
    ada lankawe eka kollekta kello 9 ratio ekak tiyaawa

    වැඩේ තියෙන්නේ කොල්ලෝ එකෙක්ට කෙල්ලෝ 9 ක් උනාට බන් කෙල්ලෝ ඔක්කොම යන්නේ සල්ලි තියෙන කොල්ලෝ ගාවටම විතරයිනේ ..එතකොට සල්ලි තියෙන එකාට කෙල්ලෝ 18-20 වගේ එනවා ..එතකොට සල්ලි නැති එකාට එකෙක්වත් නෑ ....:P:P:P..:D:D
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,668
    2,512
    113
    නිධානයක් උඩ
    උඹ තවම ප්‍රපොසල් බලලා නැහැනේ, ඉස්සෙල්ලා ප්‍රපොසල් කිහිපයක් බලලා හිටපන්. බලන්න යන හැම මනමාලිම බදින්නේ නැහැනේ. වතුරට බහින්න කලින් බයවෙලා වැඩක් නැහැනේ. උඹ ප්‍රපොසල් 10ක් බැලුවොත් 3ක් වත් උඹට සෙට් වෙයි, බයනතුව හිටපන්...
     

    helpme1234

    Member
    Jan 23, 2016
    20
    1
    0
    උඹ තවම ප්‍රපොසල් බලලා නැහැනේ, ඉස්සෙල්ලා ප්‍රපොසල් කිහිපයක් බලලා හිටපන්. බලන්න යන හැම මනමාලිම බදින්නේ නැහැනේ. වතුරට බහින්න කලින් බයවෙලා වැඩක් නැහැනේ. උඹ ප්‍රපොසල් 10ක් බැලුවොත් 3ක් වත් උඹට සෙට් වෙයි, බයනතුව හිටපන්...

    බලන්න හදල තියනවා බන් ගෙදර situation එක දැනගත්තහම කතා කරන්නේවත් නැහැ අයි
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,042
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තාත්ත ගෑනිව දාල ගියා කියන්නෙ පුතාත් එහෙම කරනවා කියන එකනෙ. අහල නැද්ද "ගහේ කටු උල් කරන්න ඕනෙ නෑ", "අප්ප කල දේ පුතා නොකලොත් ඌ නොට්ටිගෙ පුතා" වගේ කියමන්.

    හොඳම දේ පවුල් පසුබිම හොයන්නෙ නැති පවුලක කෙල්ලෙක් හොයාගන්න එක