ඔකේ දෙපැත්තක් තියෙනවා බන් ...එකක් උඹේ තාත්තා පොඩි කාලෙම දාලා ගියපු නිසා අම්මා උඹව දුක් විදලා මහන්සි වෙලා උගන්වලා අද තැනකට ගේනවා කියල හොද දකින මිනිස්සු වැඩි ...ඒ වගේම කුහක , අදහස් තියෙන අය හිතන්න පුළුවන් උඹේ අම්මා තාත්තා නැති නිසා වැරදි පැත්තට යන්නත් ඇති කියලා ..එත් එහෙම හිතන්නේ බොහොම සුළු පිරිසක් විතරයි ..
..පවුල් පසුබිම කවුරු නෑ කිව්වත් එක හොයනවා ...ඒ හොයන්නේ පුද්ගලයාගේ චර්යාව ගැන අදහසක් ගන්න ..එත් තාත්තා එහෙමයි කියල පුතා හරි දුව හරි එහෙම වෙනවමයි කියලාම කියන්න බෑ ....අනිත් එක දෙන්න නොගැලපීම නිසා දික්කසාද උනා කියන එක ලොකු දෙයක් නෙවෙයි බන් ...බැදලා ඉන්න ගමන් හොර ගැනු හෝ හොර පිරිමි තියාගෙන ඉන්නවට වඩා එක නම්බුකාරයි..
.. උඹ ඔය බයිලා හිතන්න එපා ..උඹේ පරණ ආදරය ගැන අතීතය හිතන්නත් එපා ...අනාගතය ගැන හිතපන් ..proposal එකක් ගේනවා නම් ඒ කෙල්ල මොනවා වගේද කියල හදුනාගන්න හොදට ..විශේෂයන්ම එයාගේ ගතිගුණ හා චර්යාවන් ...අනිත් දේ උඹ කවදාවත් කාටවත්ම පෙන්නන්න යන්න එපා උඹේ දෙමාපියන් දික්කසාද වෙලා ඉන්න එක ප්‍රශ්නයක් කියලා ...කාටවත් එක නිසා උඹව පහත කරලා සලකන්න දෙන්න එපා...ඉස්සෙල්ලම එක ඉගෙන ගනින් ....උඹ කෙල්ලටත් හැම වෙලේම කියවන්න ගියොත් අම්මල දික්කසාද වෙලා තියෙන එක නිසා උඹව ගැලපෙන්නේ නෑ කියලා එකිත් අන්තිමට ඒ අදහසට එනවා .....
හොදම උපදේශය පරණ අතීතය අමතක කරලා අනාගතය ගැන හිතන්න ...නැති ප්‍රශ්නයක් ගැන වැඩිපුර හිතලා ප්‍රශ්නයක් ඇතිකරවන්න යන්න එපා සහෝ ...උඹ රස්තියාදුකාරයෙක් වෙලා නැත්තන් , දකින දකින කෙල්ල පස්සෙන් යන එකෙක් නොවෙයි නම් , බඩු ගහන එකෙක් නෙවෙයි නම් තව මොන කතාද ....එත් උඹ කවදාහරි ඒකිට වැරද්දක් කලොත් අනිවා මිනිස්සු කියයි තාත්තගෙම පුතා කියල ..එක නිසා උඹ හොදින් ඉන්නකන් උඹට හොදයි .....good luck
බොහොම ස්තුති මචන් මන් කවදාවත් එහෙම වැඩක් කරන්නේ නැහැ බන්, ඒ වෙචච දේවල් හන්ද අම්මයි මයි පුදුම දුකක් වින්ද අදටත් විදිනවා. එත් කෙල්ලොත් මට කැමති නැහැ බන් මන් එච්චර ලස්සන එකෙකුත් නෙමෙඉ


