කවුද කියන්නේ හරි වැරැද්ද ඉබේ එනවා කියලා? අමු බොරු බන්. සියලුමහර පද්ධතීන් හැදිලා තියෙන්නේ මිට කලින් කවුරුහරි උගන්නපු ඒවගෙන්. ඕනෙම දියුණු රටක උනත් එහෙමයි. කිසිම මිනිහෙක්ට තමන් තනිවම හිතලා දේවල් කරා කියන්න බෑ. අනිවාර්යෙන්ම ඒක වෙන කෙනෙක් උගන්නපු දෙයක්. කොටින්ම අපි මුනෙන් හැඟීම් පෙන්නන්න ඉගෙනගන්නේ පොඩි කාලේ කිරි බොද්දි අම්මගේ මුන දිහා බලලා. ඒක ළමයෙක්ගේ පෞරුෂ වර්ධනයට ලොකු හේතුවක්. ලෝකේ හැම රටක්ම සාරධර්ම කියන එක හදාගෙන තියෙන්නේ තමන්ගේ ආගමික මතවාද අනුව. එහෙම තමන්ට නිකන්ම ඒ දේවල් එනවනම් මිනි මස් කන ගෝත්රිකයෝ අතරේ හැදෙන උන්ට ඒක වැරදියි කියලා තේරෙනන ඕනෙනේ. එහෙම නෑ, උන්ට අනුව ඒකේ වැරද්දක් නෑ.
අනිත් එක තමයි මිනිස්සුන්ගේ විශ්වාස කියන ඒවා නැති වෙන්නේ නෑ. ඔය අපි නිරාගමිකයි අපි ඕවට නෑ අපි logical කියන හැම එකාම එල්ලිලා ඉන්නෙත් තව එක මතවාදයක විතරයි. කොටින්ම materialism. එතකොට materialism කියන්නෙත් ලෝකේ තියෙන මතවාද ගොඩක් අතරින් තව එකක් විතරයි, මමත් අවුරුදු ගානක් materialism කරේ තියාගෙන හිටිය එකෙක්. ඒක අනිත් ඒවාට වඩා වෙනස් ඒක අමුතුයි ඒක මාරයි කියලා දෙයක් නෑ. උන් එහෙම අපි නිදහස් අපි එහෙම නෑ කියනවනම් තව එකෙක් එක්ක තර්ක කරන්න ඕනෙත් නෑනේ. මොකද රකින්න දෙයක් තියෙනවනම් තමයි ඒක රකින්න ඕනේ. ඔය logical කියන එකෙක්වත් logical නෑ. ලෝකේ ඉන්න හැම විද්යාඥයම ලෝකේ ඉන්න හැම බුද්ධිමතාම, ලෝකේ ඉන්න පට්ටම IQ එක තියෙන එකා උනත් ඌගේ මතවාදය වෙනුවෙන් biased. ඔය එකෙක්වත් open minded නෑ. ගල් ගහලා මරණ එක වෙනුවෙන් පෙනී හිටින තම්බියගේ මානසිකත්වයම තමයි ඔය materialism තමයි හැමදේම කියලා හිතාගෙන ඉන්න එකාගෙත් තියෙන්නේ. දෙන්නම අන්ත දෙකක එල්ලිලා ඉන්නවා විතරයි.