ඔම්ලට්.. ඔම්ලට්.. ඔම්ලට්..

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ඔම්ලට්.. ඔම්ලට්.. ඔම්ලට්..

    මසක් මාළුවක් නැති වෙලාවක ඉතින් බත් එකේ අඩුව පුරවන්න අපි කාටත් මතක් වෙන්නෙ බිත්තරයක් තමා. එහෙම කන වෙලාවක ඉතින් නිකම්ම බිත්තරේ තම්බල බැදල ගන්නවට වඩා ඔම්ලට් එකක් හදාගත්තම රස ඉහලයි. බත් කන්න විතරක් නෙවෙයිනෙ ඉතින් පාන් කන්න, නිකම්ම කන්න සහ හීනියට සෙට් වෙන වෙලාවක අඩු වෙලාවකින් ලේසියෙන්ම හදාගන්න පුළුවන් රස කෑමක් තමා ඔම්ලට් කියන්නෙ.
    ලූණු අමු මිරිස් කපල දාල හැමදාම ඔම්ලට් කන එකේ වෙනස් විදියට ඔම්ලට් ටිකක් හදාගන්න හැටි ඔයාලට ගේන්න අපි හිතුව. හදලම බලන්නකො මේවගෙ රස.


    1. Country Omelette



    OmeletteRecipes-aniwa-01.jpg


    අවශ්‍ය ද්‍රව්‍ය

    1. බිත්තර 6ක්
    2. කිරි කප් 1\3
    3. ෆිශ් සෝස් හෝ වූශ්ටශයර් සෝස් තේ හැඳි 1\4ක්
    4. කැමති චීස් වර්ගයක් කප් 1\4
    5. සිහින්ව කපාගත් ලූනු කොල මේස හැඳි 2
    6. රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු


    • බිත්තර ටික බෝල් එකකට දමා මදක් බීට් කරගන්න. එයට කිරි, සෝස්, ලුණු සහ ගම්මිරිස් එක් කරගන්න.
    • පෑන් එකක බටර් ටිකක් රත් වෙන්න හැර ඒකට බිත්තර මිශ්‍රණය දමාගන්න. ඔම්ලට් එක පිසීගෙන එන විට ලූනු කොල සහ චීස් ටික උඩින් දමා දෙකට නවාගන්න. මැද චීස් ටික උණු වන තුරු අඩු ගින්දරේ පිසගන්න.


    2. Spanish Potato Omelette



    OmeletteRecipes-aniwa-02.jpg


    අවශ්‍ය ද්‍රව්‍ය

    1. සිහින්ව පෙති කපාගත් අල ගෙඩි 2ක්
    2. බිත්තර 4ක්
    3. රස අනුව ලුණු , ගම්මිරිස්
    4. ඇට ඉවත් කර චොප් කරගත් තක්කලි ගෙඩියක්
    5. සිහින්ව කපාගත් ලූනු කොල ටිකක්සිහින්ව පෙති කපාගත් ලූනු ගෙඩියක්
    6. තෙල් මේස හැඳි 4ක්


    • තෙල් ටික රත් වෙන්න හැර අල පෙති ඒ මතින් තබා ලුනු සහ ගම්මිරිස් ඉස අල රන්වන් පැහැ වන තුරු දෙපැත්තම බැදගන්න. අල බැදුනු පසු එයට ලූනු එක් කර ලූනු ටිකත් රන්වන් පැහැ වෙන තුරු අඩු ගින්දරේ බැදගන්න.
    • බිත්තර වලට රස අනුව ලුණු, ගම්මිරිස් එක් කර බීට් කරගෙන එය පෑන් එක මත ඇති අල සහ ලූනු මිශ්‍රණයට එක් කරගන්න. එයට උඩින් තක්කලි සහ ලූනු කොල ටික දමාගන්න.
    • ඔම්ලට් එකේ යට කොටස පිසුනු පසු ප්‍රවේසමෙන් අනිත් පැත්ත හරවා දෙපැත්තම පුළුස්සා ගන්න.


    3. Neapolitan Omelette



    OmeletteRecipes-aniwa-03.jpg


    අවශ්‍ය ද්‍රව්‍ය

    1. තම්බාගත් ස්පැගටි හෝ නූඩ්ල්ස් කප් 1
    2. තක්කලි සෝස් මේස හැඳි 2
    3. බිත්තර 2ක්
    4. චොප් කරගත් පාස්ලි මේස හැන්දක්
    5. ගාගත් මොසරැල්ලා චීස් මේස හැඳි 2ක්
    6. ලුණු, ගම්මිරිස් ස්වල්පයක්
    7. ඔලිව් තෙල් මේස හැන්දක්


    • රත් කරගත් පෑන් එකට ඔලිව් තෙල් දමාගන්න. අනෙක් සියල්ල හොඳින් මිශ්‍ර කර රත් වූ පෑන් එකට දමාගන්න. අඩු ගින්දරේ පියනකින් වසා පිසගෙන අනෙක් පස හරවා දෙපැත්තම පුළුස්සා ගන්න.


    4. Denver Omelette



    OmeletteRecipes-aniwa-04.jpg


    අවශ්‍ය ද්‍රව්‍ය

    1. බිත්තර 4ක්
    2. චොප් කරගත් ලූනු කප් 1
    3. චොප් කරගත් කොලපාට,රතු පාට බෙල් පෙපර් කප් 1
    4. පිස ගත් හැම් පෙති 2ක්
    5. පිස කැබලි කඩාගත් බේකන්
    6. බටර්
    7. රස අනුව ලුණු, ගම්මිරිස්
    8. චීස් ස්ලයිස් 2ක්


    • බටර් ටික රත් වෙන්න හැර එයට ලූනු සහ බෙල් පෙපර් එක් කර මදක් පිසගන්න. එයට රස අනුව ලුණු, ගම්මිරිස් එක් කරගන්න.
    • වෙනම බඳුනක බිත්තර ටික තරමක් බීට් කරගන්න. එය ලූනු සහ බෙල් පෙප්‍ර මිශ්‍රණයට උඩින් වත් කරගන්න. පියනකින් වසා ඔම්ලට් එක පිස ගෙන උඩින් බේකන් දමා එයට උඩින් චීස් සහ හැම් අතුරා ඔම්ලට් එක දෙකට නවා මද වෙලාවක් පිසගන්න.


    5. Spinach and Mushroom Omelette



    OmeletteRecipes-aniwa-05.jpg


    අවශ්‍ය ද්‍රව්‍ය

    1. බිත්තර 1ක්
    2. සුදු මද 3ක්
    3. කපාගත් චෙඩාර් චීස් මේස හැන්දක්
    4. කපාගත් හතු කප් 1\2ක්
    5. කොටු කපාගත් ලූනු කප් 1\4
    6. කපාගත් නිවිති කොල කප් 1ක්
    7. කොටු කපාගත් තක්කලි
    8. කෑලි මිරිස්, ගම්මිරිස් කුඩු රස අනුව


    • බිත්තරය සහ සුදු මදය බෝල් එකක දමා බීට් කරගන්න. චීස්, ලුණු, කෑලි මිරිස් සහ ගම්මිරිස් එයටම එකතු කරගන්න.
    • තෙල් ටිකක් පෑන් එකේ රත් වෙන්න තබා එයට ලූනු සහ හතු එක් කර මද වෙලාවක් තෙම්පරාදු කරගන්න.
    • එයට නිවිති ටික එක් කර කොල ටික යන්තම් මැල වෙද්දි තක්කලි එකතු කරගෙන මිශ්‍රණය පෑන් එක පුරා විහිඳුවා බිත්තර එයට උඩින් දමාගන්න. තරමක් අඩු ගින්දරේ පිසගන්න.
    http://www.aniwa.lk/2017/01/09/1701091-omelette-recipes/
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    අඩෝ මේක පට්ට, කෙල වැක්කෙරෙනවා කට දෙපැත්තෙන්. පට්ට බඩගින්නක හිටියේ... එල එල
    +++
     
    • Like
    Reactions: jodubaba