ඇත්ත බන්. ඔස්ට්‍රේලියාවෙ ඉන්න ආස නැතිම නම්, සිටිසන් ගත්ත කාලෙක ආපහු යන්නත් පුලුවන් ලන්කාවට, එහෙම ගියා කියල සිටිසන් එක නැති වෙන්නෙ නෑ.
ඔස්ට්‍රේලියාවෙ ඉන්න යාලුවෙක් ලන්කාවෙ කෙල්ලෙක් බැදල, ඒ කෙල්ල මුලින් කිව්වලු ඔයාට ලන්කාවට ඇවිල්ල ඉන්න පුලුවන්ද, මම ආසයි ලන්කාවෙ ඉන්න වගේ ඒව. පස්සෙ කෙල්ල ඔස්ට්‍රේලියා ආවට පස්සෙ ඒ කෙල්ල ලන්කාවට යන්න කැමති නෑ

.
ඔස්ට්‍රේලියාවට ආපු කෙනෙක් ආපහු යන්නෙ නෑ, ආස වෙනව.
ඒත් ඕනෙම නම් සිටිසන් ගත්තට පස්සෙ ලන්කාවට ගිහිල්ල ඕනෙ කාලයක් ලන්කාවට වෙලා ඉන්න පුලුවන්. ආපහු ඕනෙ නම් එන්න පුලුවන්.
මම නම් කියන්නෙ මොන රටක හිටියත් ඉක්මනට ඔස්ට්‍රේලියාවට ඇවිල්ල සෙට්ල් වෙන්න කියල.
සමහර අය පී.ආර් අරන් වෙන රටවල් වලට වෙලා ඉන්නව, එයාලගෙ පුරුදු රස්සා කරගෙන, සමහර හොද රස්සා කරන අයගෙ පඩි හොද නිසා. ඉස්සර අව්ලක් නෑ එහෙම කලාට, ඒත් දැන් පුලුවන් තරම් ඉක්මන්ට ඔස්ට්‍රේලියාවට ඇවිල්ල සෙට්ල් වෙන එක තමයි හොදම. මොකද පී.ආර් ගත්තට පස්සෙ ටික කාලයක් ස්ට්‍රේලියාවෙ හිටියෙ නැත්තන් සිටිසන් ගන්න එක පරක්කු වෙනව. සිටිසන් ඉක්මනින් ගන්න එක ඉස්සරට වඩා දැන් වැදගත්.