ඔස්ට්‍රේලියාව යනු
දිය ඇලි, ලන්කාවටත් වඩා ගස් කොලන් පිරුනු, කාන්තාරත් තියෙන, සීතල රස්නෙ දෙකම තියෙන, ලස්සනට ඉන්න පුලුවන් තැනක්.
ලෝකෙ ආතල් එකේම ජීවත් වෙන මිනිස්සු ඉන්න රටක් කිව්වොත් නිවැරදී.
පී.ආර් හෝ සිටිසන් ගත්තට පස්සෙ, ජොබ් කරන්නෙ අනිත් රටවල් වලට වඩා හරිම රිලැක්ස් එකේ. වර් ක් ලයිෆ් බැලන්ස් තියෙනව.
මොන රටක හිටියත් පුලුවන් තරම් ඉක්මනට ඔස්ට්‍රේලියා ඇවිල්ල සෙට්ල් වෙන එක තමයි කරන්න ඕනෙ.
පී.ආර් හෝ සිටිසන් තියෙන කෙනෙක් හොයාගන්නෙ කොහොමද?
දැවෙන ප්‍රශ්නයක් නේ?

.
1. Social media: instagram, facebook වගේ ඒවල friend suggestions එන්න පුලුවන්. ආවොත් ඔයා "ගෑනුලමයෙක් පිරිමි ලමයින්ට රික්වෙස්ට් යවන්න හොද නෑ" වගේ ගොන් මනස්ගාත සහ ලැජ්ජාව පැත්තක තියල රික්වෙස්ට් යවන්න. පී.ආර් හෝ සිටිසන් ගත්ත කිසිම කෙනෙක් ඔය වගේ දේවල් ගොන් විදිහට හිතන්නෙ නෑ.
2. ෆේස්බුක් වගේ ඒවලින් එන රික්වෙස්ට් චෙක් කරන්න. පී.ආර් හෝ සිටිසන් ගත්ත අය ඔයාලට රික්වෙස්ට් එවනව වෙන්න පුලුවන් ඔයාල නොදැන හිටියට. එහෙම එව්වොත් ගනන් ගන්නෙ නැතුව ගොනෙක් වගේ ඉන්න එපා. මැසේජ් එව්වොත් රිප්ලයි නොකර ඉන්නත් එපා.
පී.ආර් හෝ සිටිසන් තියෙන අය ගොඩක් වෙලාවට එයාලගෙ විස්තර දාල තියෙනව එයාලට පී.ආර් හෝ සිටිසන් තියෙනව කියල. ෆොටෝස් දාල තියෙන ඒව බැලුවමත් පේනවනෙ ඉන්නෙ ඔස්ට්‍රේලියාවෙ කියල.
3. යාලුවන් හරහා හෝ නෑදෑයන් හරහා හොයාගන්නත් පුලුවන්. එයාල දන්න අය ඉන්න පුලුවන්.
4. මන්ගල යෝජනා දැන්වීම්. නිව්ස්පේපර් ස් වලත් තියෙනව. ඒත් ලේසියෙන්ම හොයන්න කතා කරන්න පුලුවන් ඉතින් ෆේස්බුක් වගේ ඒවලින් තමයි.
දැනට පවතින ලෙඩ
අමුතුයි වගේ හිතුනත් තව වැදගත් දෙයක් තමයි දැනට පවතින ලෙඩ නිසා පී.ආර් හෝ සිටිසන් තියෙන හොද කොල්ලො/කෙල්ලන් ගැලපෙයිද නැද්ද කියල හිතන එක.
කලින් ත්‍රෙඩ් වල දාපු ඒව ටිකක් මෙතනත් දාන්නම ඕනෙ කියල හිතුන, මොකෝ ලන්කාවෙ අයගෙ මනස හනමිටි අදහස් වලින් පිරිල. ගොන් අදහස් වලින් අයින් වෙන්න බැරි නම් ඔස්ට්‍රේලියා එන්නත් එපා.
ලන්කාවෙ ඉන්න මගෙ යාලුවො සහ යෙහෙලියො කීප දෙනෙක් පී.ආර් සහ සිටිසන් තියෙන අය හොයාගෙන.
ඒත් කියනව, එක කෙල්ලෙක්ට වීස් එක තියෙනවලු, ඒ කෙල්ල කිව්වලු අව්ලක් නෑ බෙහෙත් ගන්නව කොන්ට්‍රොල් වෙලා තියෙන්නෙ කියල. මගෙ යාලුව මගෙන් අහනව අව්ලක් නේද කියල.
තව කෙල්ලෙක් හාට් එකේ ප්‍රශ්නෙකට සැත්කමක් කරල ඒක දැන් හොදයි ලු ඒත් ආපහු ඒ ප්‍රශ්නෙ එන්නෙ නැති වෙන්න දිගටම කොලෙස්ටරෝල් වගේ බෙහෙත් ගන්නවලු, බෙහෙත් ගන්න නිසා අව්ලක් නැල්ලු. ජොබ් එක කරන් අනිත් අය වගේම සාමාන්‍ය විදිහට ඉන්නවලු. ඉතින් අහන්න තියෙන්නෙ උබලට හාට් ප්‍රශ්න එන්නෙ නැතිම වෙයි කියලද උබල හිතන් ඉන්නෙ. ඔස්ට්‍රේලියාවෙ හෙල්ත් කෙයා ඉතා හොදයි, ඔය වගේ ලෙඩ පොඩි ලෙඩ විදිහටයි ගනන් ගන්නෙ. එදිනෙදා අවශ්‍ය බෙහෙත් අරන්, රට වටේම රවුම් ගහල ආතල් එකේ අනිත් අය වගේම බොහොම සාමන්‍ය ජීවිතයක් ගෙවන්නෙ මිනිස්සු.
එක කොල්ලෙක්ට දියවැඩියාවට බෙහෙත් ගන්නවලු, එයාටත් ඒක කොන්ට්‍රොල් ලු. ජොබක් කරන් සාමන්‍ය ජීවිතයක් ගෙවනවලු.
එක කෙල්ලෙක්ට ඩිග්රි කරල ඩිප්‍රෙශන් ඇවිල්ල ඒකට මාසයක් දෙකක් බෙහෙත් ගන්නවලු.
මචන්ලා, ලෝකෙ ලෙඩ නැති අයට වඩා ඉන්නෙ පොඩි පොඩි හරි ලෙඩ තියෙන අයනෙ, කොහොමත් උබලටත් ලෙඩක් හැදෙන්න පුලුවන්, උබලට ලෙඩ තියෙනව කියල උබල නොදැන ඉන්නව වෙන්නත් පුලුවන්.
ඉතින් ඔය කොන්ට්‍රෝල් වෙලා තියෙන දේවල් ලොකුවට හිතන්න එපා. ඔස්ට්‍රේලියාවෙ හෙල්ත්කෙයා කියන්නෙ ඉතාම ඉහලින් තියෙන දෙයක්. අනිත් එක පී.ආර් සිටිසන් තියෙන අයට ඉතා අඩු මුදලට බෙහෙත් සහ "බල්ක් බිලින්" වලින් දොස්තරලත් නොමිලේ. ඒක නිසා ප්‍රශ්නයක් නෑ.
අනිත් එක උබල උබලගෙ පාට්නර් ගෙ ලෙඩකට දැන්ම ඉදන් ඔච්චර අවුල් යනවනම් දැන් ලෙඩක් නැති කෙනෙක් බැදල පස්සෙ ලෙඩ හැදුනම උබල දාල යයි නෙ උන්ව.
මිනිස්සුන්ට ලෙඩ හැදෙනව, ඒව පිලිගන්න පුරුදුවෙයන්. බෙහෙත් ගන්නවනම්, ජීවිතේ අනිත් අය වගේම සාමන්‍ය නම් මොකක්ද ප්‍රශ්නෙ? ඕනෙ ලෙඩකට ඔස්ට්‍රේලියාවෙ බෙහෙත් තියෙනව. ලන්කාවෙ වගේ නෙමෙයි.
මනුස්සය හොදයි නම් කතා බහ කරල බැදගනින්, ඒක තමයි පී.ආර් ගන්න තියෙන ලේසිම විදිහ. උන් පට්ට කට්ටක් කාල පී.ආර් සිටිසන් අරන් උබලට නිකන්ම හම්බෙනව හොද රටකට එන්න. ඒක මදිද බන් උබලට? උබලට ඕනෙ සර් ව සම්පූර් න මිනිස්සුද? උබල සර් ව සම්පූර් නද?
"මම ලන්කාවෙ ඩොක්ටර්, මම ඉන්ජිනියර්, ලන්කාවෙ ඉන්න අය මට වැදගෙන ඉන්නෙ". ඉතින් මම මොකටද පී.ආර් සිටිසන් තියෙන අය බැදල ඔස්ට්‍රේලියා යන්නෙ?
ගොනෝ, ලන්කාව තව තවත් පහලට යනව මිසක්, තව අවුරුදු 15 කින් වත් කලින් තිබ්බ තත්වෙට වත් එන්න බෑ මොන ආන්ඩුව ආවත්. ඩොක්ටර් වෙලා වැඩක් තියෙනවද දෙන්න බෙහෙත් නැත්තන්, තව ගොඩක් මිනිස්සු මැරෙනව ශුවර්.
ලන්කාවෙ දොස්තරගෙ පඩිය ඇහුවම හිනා යනව. ඇදුමක් ගන්න තියා, කන්න බොන්න වත් ඇතිද?
ඉන්ජිනියර් වෙලා වැඩක් තියෙනවද ප්‍රොජෙක්ට්ස් කරන්න මිනිස්සුන්ට සල්ලි නැත්තන්.
ලන්කාව බන්කොලොත් රටක්. ඒ රටේ ඩොකෙක් ඉන්ජෙක් කියල අමුතු විශේශයක් නෑ.
තව ටික දවසකින් බෙහෙත් නැතුව මිනිස්සු මැරෙන්න ගත්තම, ඩොකාල ටික "සුව විරුවො" සිට "ඉස්පිරිතාල හැත්ත" වෙන්න වැඩි වෙලාවක් යන්නෙ නෑ.
ඒක නිසා මොලේ කල්පනා කරල වැඩ කරන්න.
පස්සෙ කාලෙක සිටිසන් එහෙම ගත්තට පස්සෙ ලන්කාවට ඇවිල්ල ඉන්න පුලුවන් ඔච්චරම ඕනෙ නම්.
------
ඔක්කොම දාල තියෙන්නෙ කෙටියෙන් දැනට. කලින් මම දාපු ත්‍රෙඩ් වල සමහර කොටසුත් කෙටි කරල දැම්ම වැදගත් සහ අදාල ඒව.
ප්‍රශ්න තියෙනව නම් කමෙන්ට් එකක් දාන්න. ප්‍රශ්න නැති අය බම්ප් එකක් දාගෙන යන්න.