මැද පෙරදිග රැකියා සඳහා ලාංකිකයින්ට අවස්ථාව උදාවුයේ 1970 මැද බාගයේ. ඒ නොබැඳි ජාතින්ගෙ හවුල සම්බන්දව අප රට කල ඉමහත් සේවය වෙනුවෙන් මෙ අවස්ථාව උදාකලා කීවොත් නිවැරැදියි. එහෙත් මැද පෙරදිග රැකියා අවස්ථා වඩාත් සුලබ වුනේ 1976න් පසුව. දශක හතරකට වඩා වඩි කාලයක් මැදපෙරදිග සේවයේ නියුතු අය අප රටේ ආර්ථිකයට දුන් උරදීම සුළු පටු නොවේ, මෙය කාලයක් ලංකාවට විදේශ විනිමය උපයා දුන් ප්‍රධාන මර්ගය විය.
මැදපෙරදිග සේවයේ නියුතු පිරිස අතරින් විශාල සංඛ්‍යාවක් කාන්තා පක්ෂය කීවොත් වැරදි නැහැ. ගෘහ සේවය, පාසැල්, රෝහල්, වෙලඳ ආයතන, යනාදි විවිද සේවයන්හි යෙදුනත් මොවුන් ගෙනියන ජීවන සටන සුලු පටු නොවේ.
වසර ගනනක් දුෂ්කර සේවයේ යෙදී ඔවුන් ආපසු ගමරට එන්නෙ දහසක් පතුම් පොදි බැදගෙන. ඒත් බොහෝ විට ඔවුන්ට දකින්න වෙන්නේ හාත්පසින්ම වෙනස් දෙයක්. මොවුන් දහදුක් විද ලබාදෙන රන්කහවනු නිසාම විනෝදයෙන් සැහල්ලුවෙන් ඒව කබාසීනියා කරන කතා විරල නොවේ. එවන් කරුනු නිසාත්, බලකිරීම නිසාත් නැවත මැදපෙරදිග රක්ෂාවකට ම තල්ලුවෙන අය සුලු පටු නෙවේ.
මෙ අම්මාවරුන්, සොයුරියන්, දියනියන් අපේම සමාජයේ පිරිසක් වුනත්,
ඔවුන්ව මෙවන් රක්ෂාවකට බලකරන්නේ අපේම සමාජයේ ඇති දුෂ්කරතා වුනත්,
ඔවුන්ට එම සාමාජයම හෙලන වපැරැස, අලවන ලේබලය වෙනස් විය යුතුය.
මොවුන් ගෙනෙන විදේශ විනිමය වටී නම් රටට ඇයි ඔවුන්ව අවතක්සේරු කරන්නෙ.
ඔවුන්ව මෙවන් රක්ෂාවකට බලකරන්නේ අපේම සමාජයේ ඇති දුෂ්කරතා වුනත්,
ඔවුන්ට එම සාමාජයම හෙලන වපැරැස, අලවන ලේබලය වෙනස් විය යුතුය.
මොවුන් ගෙනෙන විදේශ විනිමය වටී නම් රටට ඇයි ඔවුන්ව අවතක්සේරු කරන්නෙ.
දිර්හම්: එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙ මුදල් එකකය.
සමූන්: ලංකාවෙ ඇති කිඹුල් බනිස් වලට සමාන පැනිරසක් නැති පාන්වැනි කුඩා බනිස් වර්ගයකි
සමූන්: ලංකාවෙ ඇති කිඹුල් බනිස් වලට සමාන පැනිරසක් නැති පාන්වැනි කුඩා බනිස් වර්ගයකි
Last edited: