මේ දවස් වල කඩවත පිටත වටරවුම පාර හදනවනේ. මේක වැඩට හුගාක් සේවකයෝ චීන රටෙනුත් ඇවිත් ඉන්නවා.
ඒ ගොල්ලෝ එක්ක වැඩට ඔය කඩවත අහල පහල ඉන්න අපේ මිනිස්සුවත් අරගත්තා.
මේ චීන්නුන්ට ඉංග්‍රීසිත් බැහැ.සිංහලත් බැහැ. අපේ මිනිස්සුන්ට චීන භාෂාවත් බැහැ. ඉංග්‍රීසිත් කෑලි කෑලි නේ දන්නේ. ඉතිං මේ දෙගොල්ලෝ හුගක් වෙලාවට අදහස් හුවමරු කලේ හස්ත මුද්‍රාවෙන්.
කොහොම හරි මේ සේවකයන්ට කෑම බිම ගන්න ඇහල පහල කඩවල්/කැන්ටින් කිහිපයක්ම පටන් අරගෙනත් තිබුනා. මෙතන තිබුණු එක කැන්ටිමක් කලේ අපේ හිතවත් මුදලාලි කෙනෙක්.
ඉතිං චීන්නු කැන්ටිමට ඇවිත් තමන්ට ඕනි දේ අතින් පයින් පෙන්නලා ඉල්ලනවා. සමහර චීන්නු අපේ මිනිස්සු සිංහලෙන් ඉල්ලන විදිය බලං ඉදලා ඒ විදියට ඉල්ලනවා.
ඉතිං මේ වගේ චීනෙක් දවසක් අපේ කෙනෙක් කෑම ඉල්ලනකොට බලං ඉදලා ‘පාන් භාගයයි පරිප්පු එකයි’ ඉල්ලුවා.
ඉතිං මේ විදියට සුමාන දෙකක් විතර පානුයි පරිප්පුයි කාපු චිනාට දවසක් වෙන කෑම ජාතියක් කන්න හිතිලද කොහෙද අපේ අය ඉල්ලන විදියට මෙහෙම ඉල්ලුවා.
‘ ප්‍රයිඩ් රයිස් !’
‘එළුමස් එක්කද කුකුල් මස් එක්කද?’
මුදලාලි ඇහැව්වා.
‘ ප්‍රයිඩ් රයිස් ’ මුදලාලි අහපු දේ තේරුනේ නැති චීනා උත්තර දුන්නා
‘එළුමස් එක්කද? කුකුල් මස් එක්කද?’ මුදලාලි අයෙත් ඇහැව්වා.
‘ ප්‍රයිඩ් රයිස් ’
‘එළුමස් එක්කද කුකුල් මස් එක්කද?’
‘ ප්‍රයිඩ් රයිස් ’
එ පාර මුදලාලිට යකා තදවෙලා දත්මිටි කාලා අතමිට මොලවලා අර චීනගෙන් අපහු ඇහැව්වා.
‘එළුමස් එක්කද යකෝ?..... නැතිනං කුකුල් මස් එක්කද?’ කියලා
‘පාන් භාගයයි පරිප්පු එකයි’ එ සැරේ චීනා උත්තර දුන්නා