කතරගම දෙවියො ගැන ලියල තියන හින්ද. මම ලගදි කියවපු මතුගම මහින්ද විජේතිලක මහත්තයා ලියල තියන අති පූජ්‍ය බලන්ගොඩ ආන්නද මෛත්‍රී හාමුදුරුවන් වහන්සෙ විසින් කථිත "අපට නොපෙනෙන ලෝකය හා වෙනත් දෑ" කියන පොතෙ කොටසක් උපුට දක්වන්නම්.
(පිටුව 39 - 41)
නාඩි වාක්‍ය අනුව විස්තර වී ඇති කතරගම දෙවියන්ගෙ කතාව මේකයි.
දබදිව සුබ්‍රහ්ම්ණය්‍ය කියල දේවතාවෙක් හිටියා බුදු හමුදුරුවෝ මේ දෙවතවන්ට කත කරල මෙන්න මෙහෙම කියල තියනව.
සුබ්‍රහ්ම්ණය්‍ය , ලංකාවේ තියනවා රෝහණ ජනපදය කියල ප්‍රදේශයක් ඒ ජනපදයේ කාචරගාම කියල ගමක් තියනවා. අන්න එ ගමට යන්න මම ටික ඩවසකින් එ ගමට එනව. එහෙදි මුන ගැහෙමු කියල.
බුදු හාමුදුරුවො ඉසෙල්ලම කැලනියට වැඩිය ඊට පස්සෙ සමනල කන්දටත් අනුරාධපුරේටත් වැඩල එතනින් කතරගමට වැඩිය
සුබ්‍රහ්ම්ණය්‍ය ඊට කලින් කතරගමට ඇවිත් හිටියා
ඒ කාලේ කතරගම හිටියේ සතුන් මරගෙන කන සතුන් මරා බිලි පූජා පවත්වන මිනිස්සු පිරිසක් බුදු හාමුදුරුවො ඔවුන්ට බණ වදාරල කරුනු අවබොද කරවල දීල මේ පිරිස පන්සිලි හි පිහිටෙව්වා. ඊට පස්සේ බුදු හාමුදුරුවො ඔවුන්ට වදාලා මත්තට අවුරුදු 200 යකින් මගේ මේ ධර්මය මේ රටේ පිහිටනවා. ඒ කාලයේ ඉදන් මගේ ධර්මය මේ රටේ පවතීවි.
මේ රටේ මතු පිහිටන මගේ ධර්මය පිලිපදිනන්ගේ ආරක්ශාව සදහාත් ඔබ සැමදෙනාට ආරක්ශාව සදහාත් දැන් කෙනෙක් මෙහි ඇවිත් ඉන්නවා තමන්ට දැන් ඒ ඇත්තා දැක ගන්න පුලුවන් කියා සුබ්‍රහ්ම්ණය්‍ය දෙවියන් මේ මනුස්ස්යන්ට පෙනෙන්න ඔනා කියා බුදු හමුදුරුවො අදිශ්ටන කලා. දෙවියො පෙනී සිටියා. මෙන්න ඔබේ ආරක්ශකය කියල හදුන්වල දුන්න.
මෙතන් පටන් මේ ඇත්තට පුද සැලකිලි කර තමන්ගේ දුක් ගැනවිලි කියන්න එයා ඔබ සැමදෙනා ආරක්ශා කරවි හැබැයි තමන් කියන කියන සියලුම දෙවල් කරන්න බැහැ. තම තමන්ගේ කර්මයට අනුවයි කාරණ සිද්දවෙන්නේ , පුලුවන් දෙවල් මේ දෙවියො ඉශ්ට කර දේවි යැයි බුදු හාමුදුරුවො මිනිස්සුන්ට පැවසුව.
මේ ඇත්තාට පුද පූජා කරන්න තමන්ට ඇති කරදර දුක් ගැනවිලි කියන්න මෙන්න මෙතැන තැනක් හැදිය යුතුයි කියා එදා බුදු හාමුදුරුවො පෙන්වා නියම කල තැන තමයි ඔය කතරගම මහ දේවාලය තියෙන්නේ.
බුදු හාමුදුරුවො දෙවියන්ට නියම කලා අන්න අර පෙනෙන කන්දේ (වැඩිහිටි කන්දේ) පදින්චි වෙන්න මෙතනට ඇවිත් මිනිසුන්ගෙ දුක් ගැනවිලි වලට කන්දෙන්න ඔවුන්ගෙ ප්‍රශ්නවලට පුලුවන් විදිහට විසදගන්න පුලුවන් ප්‍රමනයකින් මිනිස්සුන්ට උදව් කරන්න. තව අවුරුදු 200 කින් මගේ ශාසනය මේ රටෙ පිහිටුවවි. බෞද්ධයෝ ඇති වේවි.(පන්සිල් රකින බෞද්ධයෝ) එ ඇත්තන් ආරක්ශ කරන්න. එසේ කියා බුදු හාමුදුරුවො අපහු වැඩියා
කතරගම දෙවියන් දේවලෙට නිතර එන්නේ නැහැ වැඩිහිටි කන්දේ සිට උත්සව අවස්තාවලට පෙරහැර වෙලාවට එනවා. දැන් වැඩිහිටි කන්දෙත් නෑ. ඒ ඒ ස්තාන වෙන වෙන දෙවියන්ට පවරල කතරගම දෙවියො දැන් ඔක්කම් පිටියටත් එහා ඈත මහ වනේ ගල්ලෙනක මිනිස් වෙසක් මවගෙන භාවනනුයෝගීව ඉන්නව කියල තතු දත් අය කියනව. මිනිස් වෙසක් ගෙන මිසක් මනුශ්‍ය ආත්මයක් ලබා නොවෙයි .
කතරගම දෙවියො කියන්නේ බොහොම ගුනසම්පන්න දෙවි කෙනෙක් බලවත් උසස් කෙනෙක් මා නම් විශ්වාස කරන්නේ සොවන් බවට පත් උන කෙනෙක් කියල. අපේ මිනිස්සු තියන තරහ මරහ වලට කතරගම දෙවියන් පලිගන්න යන්නේ නෑ දඩුවම් කරන්නෙත් නෑ. එවගෙ කටයුතුවලට වෙන වෙන අය ඇති.
කතරගම දෙවියන් වෙනුවෙන් දැන් කතරගම කටයුතු කරන්නේ කඩවර දෙවියෝ. දැනට භාවනායෝගීව ඉන්න කතරගම දෙවියෝ වැදගත් අවස්තාවල කතරගමට ඇවිත් යනවා. කතරගම දෙවියන් මිනිසුන්ට ආවෙශ වෙනව කියන්නේ මහ බොරුවක් හැබැයි දෙවියන් නමින් පෙනි සිටින දෙවියන් ගේ පාර්ශ්වයේ භූතයන් ආවේශ වෙන්න පුලුවනි.
- අති පූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ.