කතෝලික ලමයෙක් අහපු හිරවෙන ප්‍රශ්නය

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,518
    100,689
    113
    මේ කියන්නේ එක් අයෙක් තවත් අයෙක් එහෙම උපදිනවද නැත්ද කියලා නිරීක්ෂණය කරන එකද ? මොකද ටොප්කොල්ල මුලින්ම කියපු විදිහේදි තියෙන්නෙ එක නෙමෙයි.

    මෙතන ටොප්කොල්ලා කියන්නෙ තේරුම් ගන්න මැරිලා උපදින්න ඕනෙ කියලනෙ. පටිච්චසමුප්පාදය තේරුම් ගන්න මැරිලා උපදින්නේ නැහැ කියන කියන එක තවත් අයෙක් නිරීක්ෂණය කරන්න ඕනෙ කියලා නෙමෙයිනේ.

    මුලදිම ඉහත කාරණය අදහස්කලා නමුත් පැහැදිලිවෙන්න ප්‍රකාශ කලේ නැතිනම් නම් කියන්න තියෙන්නේ බුදුදහම යමක් සත්‍යක් විදිහට පිලිගන්න විදිහයි ටොප්කොල්ලා යමක් සත්‍යක් විදිහට පිලිගන්න විදිහයි ආකාර දෙකක් කියලා. චුලහත්ථිපදෝපම, චංකී සහ කාලාම සූත්‍ර කියවලා තේරුම්ගන්න උත්සහ කරන්න බුදුදහම යමක් සත්‍යක් ලෙස අවබෝධ කිරීම පහදන්නෙ කොහොමද කියලා.
    ඔය වෙනස තෙරුන් ගන්න මම රිෆර් කරන සොස් ටික මුලින්ම සදහන් කරා. වචන උනත් දැන් තියෙන අපි සාමාන්‍යයෙන් පිළිගන්න තෙරුමට සාපේක්ෂව සැහෙන වෙනසක් තියෙනවා.
     
    • Like
    Reactions: greenthunder

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,012
    1
    58,330
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වටේන් වටේ බාගෙට කියන්නේ නැතුව හරි පිළිවෙලට තර්කය ගොඩ නගල ඇහුව නං ඔයිට වඩා ලේසියි කියල මට හිතෙන්නේ. අහන දේ හරි කියන්න හදන දේ හරි පැහැදිලි නෑ.
    මේ කියන්නේ එක් අයෙක් තවත් අයෙක් එහෙම උපදිනවද නැත්ද කියලා නිරීක්ෂණය කරන එකද ? මොකද ටොප්කොල්ල මුලින්ම කියපු විදිහේදි තියෙන්නෙ එක නෙමෙයි.

    මෙතන ටොප්කොල්ලා කියන්නෙ තේරුම් ගන්න මැරිලා උපදින්න ඕනෙ කියලනෙ. පටිච්චසමුප්පාදය තේරුම් ගන්න මැරිලා උපදිනවද කියන එක තවත් අයෙක් නිරීක්ෂණය කරන්න ඕනෙ කියලා නෙමෙයිනේ.

    මුලදිම ඉහත කාරණය අදහස්කලා නමුත් පැහැදිලිවෙන්න ප්‍රකාශ කලේ නැතිනම් නම් කියන්න තියෙන්නේ බුදුදහම යමක් සත්‍යක්/අවබෝධයක් විදිහට පිලිගන්න විදිහයි ටොප්කොල්ලා යමක් සත්‍යක්/අවබෝධයක් විදිහට පිලිගන්න විදිහයි ආකාර දෙකක් කියලා. චුලහත්ථිපදෝපම, චංකී සහ කාලාම සූත්‍ර කියවලා තේරුම්ගන්න උත්සහ කරන්න බුදුදහම යමක් සත්‍යක් ලෙස වටහා ගැනීමක්/අවබෝධ කිරීමක් පහදන්නෙ කොහොමද කියලා.

    මගේ තර්කය පැහැදිලි සරල තර්කයක්.

    බුද්ධාගමේ තියෙන සංකීර්ණ දේවල් තේරුම්ගන්න උත්සහ කරන්න ඕන නෑ. ඔප්පු කරන්න බැරි දේවල් ගැන තර්ක කරන එක අපරාදෙ මහන්සියක්. ඊට වඩා ලේසියි සරල දේවල් ඇත්ත ද බොරුද කියල විමසන එක.

    සරල දේවල්වලට මම උදාහරණ දුන්න. ඒවා ඇත්ත කියල මෙතන කිසිකෙනෙක් තර්ක කරනවා මම දැක්කෙ නෑ. තර්ක කරයි කියල මම බලාපොරොත්තු වෙන්නෙත් නෑ. වෙන වෙන දේවල් ඇදල අරගෙන ඒවගේ පස්සෙ හැඟෙනවා දැක්කම මට හිනා

    හෙතුපලවාදයක් ගැන කතා කරන්න මට කිසි උවමනාවක් තිබුණේ නෑ. ඒක පටන් ගත්ත එකා ආගිය අතක් නෑ. උන්දැට හෙතුපලවාදය ඇත්ත කියල තේරෙන හැටි අහගන්න විදිහක් නැතුව මම කනගාටුවෙන් ඉන්නෙ
     
    ඔය සරල කියල වෙන් කරගෙන තියෙන හැටිම අවුලක් නේ. ඕක සරලයි මේක අමාරුයි කියල නිගමනය කරේ කොහොමද
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ඔය වෙනස තෙරුන් ගන්න මම රිෆර් කරන සොස් ටික මුලින්ම සදහන් කරා. වචන උනත් දැන් තියෙන අපි සාමාන්‍යයෙන් පිළිගන්න තෙරුමට සාපේක්ෂව සැහෙන වෙනසක් තියෙනවා.

    ඒ ඒ ඉගැන්වීම් වල ඥානවිභාගය ගැන දැනුවත් වෙනවානම් ඒ වගේ ප්‍රශ්න අහන එකක් නැහැ.

    ඔව් වචන වලත් සෑහෙන වෙනස්කම් තියනවා. එකම වචනය විවිධ වෙනස් වෙනස් දෑ පහදන්න යොදනවා. ධර්මකීර්ති හාමුදුරුවෝ අනුමානය කියන වචනය යොදන්නේ නිවැරදි ඥානයක් ලබන්න සුදුසු මාර්ගයක් කියන අර්ථයෙන් නේ? නමුත් අද අනුමානය අඩමානය කියන තැනනෙ තියෙන්නෙ. මම උනත් ශූන්‍යතාව ඉස්මතු කරද්දි ඒ දෙවනි අර්ථය තමා ගන්නෙ. අපි සැලකිලිමත් වෙන්න ඕනෙ යම් යම් වචන භාවිතා කරනකොට ඒවා භවිතා කරන්නෙ මොන අර්ථයෙන්ද කියලා නිර්වචනය කරගෙන ඉන්න.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    මගේ තර්කය පැහැදිලි සරල තර්කයක්.

    බුද්ධාගමේ තියෙන සංකීර්ණ දේවල් තේරුම්ගන්න උත්සහ කරන්න ඕන නෑ. ඔප්පු කරන්න බැරි දේවල් ගැන තර්ක කරන එක අපරාදෙ මහන්සියක්. ඊට වඩා ලේසියි සරල දේවල් ඇත්ත ද බොරුද කියල විමසන එක.

    සරල දේවල්වලට මම උදාහරණ දුන්න. ඒවා ඇත්ත කියල මෙතන කිසිකෙනෙක් තර්ක කරනවා මම දැක්කෙ නෑ. තර්ක කරයි කියල මම බලාපොරොත්තු වෙන්නෙත් නෑ. වෙන වෙන දේවල් ඇදල අරගෙන ඒවගේ පස්සෙ හැඟෙනවා දැක්කම මට හිනා

    හෙතුපලවාදයක් ගැන කතා කරන්න මට කිසි උවමනාවක් තිබුණේ නෑ. ඒක පටන් ගත්ත එකා ආගිය අතක් නෑ. උන්දැට හෙතුපලවාදය ඇත්ත කියල තේරෙන හැටි අහගන්න විදිහක් නැතුව මම කනගාටුවෙන් ඉන්නෙ

    ඔතන තියෙන්නෙ ටොප්කොල්ලො ඔයාගෙ ඔප්පු කරගන්න එකයි බුදුදහමේ ඔප්පුකරගන්න එකයි දෙකක් වීම.
     
    මාත් මේ ටික ඔය සම්බන්ධව තමා ඉගෙන ගන්නේ ඒකයි. තාම මුල ගොඩක්ම research papers බලන්නේ.
     
    • Like
    Reactions: greenthunder

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,916
    2,523
    113
    colombo

    ඔයා විහිළුවක් වෙලා ඉවරයි මහත්තයෝ.
    මේකේ කුණුහරප කියපු එවුනුයි ඔයාගෙයි තියෙන්නේ සුළුම වෙනසක්‌ විතරයි.
    බුදු දහමේ තියෙන සංකීර්ණ දේවල් තේරුම් ගන්න උත්සාහ නොකර අහසින් යන එවයි නෙලුම් මල් උඩ යන ඒවයි ගැන පරීක්ෂණ කරන මෝඩයෙක් ඔයා.
    මහන්සි වෙන්න ඕන නැත්තම් මේකේ කෙස් පැලෙන තර්ක දදා මහන්සි වෙන්නේ නෙලුම් මල් පිපුනද නැද්ද බලන්නද.
    ඒවා ගැන බෞද්ධ අයට ප්‍රශ්නයක් නැත්තම් ඔයාට තියෙන අමාරුව මොකද්ද.
    පස්සෙන් දැවටී දැවටී මේ මේ නෙලුම් මල් පිපුනේ නෑ හලෝ එහෙම පිපෙන්න විදිහක් නෑ හලෝ කියන චුටි බබෙක්
    වගේ ඔයා

    ඔතන තියෙන්නෙ ටොප්කොල්ලො ඔයාගෙ ඔප්පු කරගන්න එකයි බුදුදහමේ ඔප්පුකරගන්න එකයි දෙකක් වීම.
    ඔයාගේ ධර්මය සම්බන්ද අභිධර්මය ගැන එහෙම තියෙන ත්‍රෙඩ් තියේ නම් දාන්නකෝ මෙතන
    ------ Post added on Oct 30, 2023 at 12:04 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,012
    1
    58,330
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය සරල කියල වෙන් කරගෙන තියෙන හැටිම අවුලක් නේ. ඕක සරලයි මේක අමාරුයි කියල නිගමනය කරේ කොහොමද
    පහේ පන්තියේ ළමයෙකුට තේරෙනවා නම් ඒක සරලයි
    ඔතන තියෙන්නෙ ටොප්කොල්ලො ඔයාගෙ ඔප්පු කරගන්න එකයි බුදුදහමේ ඔප්පුකරගන්න එකයි දෙකක් වීම.
    ඔය කියන බොරු කතා ළමයින්ට පාසල් විෂය නිර්දේශවල තියෙනවා නේද? කන්න ඕන වුනාම කබරගොයා තලගොයා කරගන්නවා කියල කියන්නෙ
    ඔයා විහිළුවක් වෙලා ඉවරයි මහත්තයෝ.
    මේකේ කුණුහරප කියපු එවුනුයි ඔයාගෙයි තියෙන්නේ සුළුම වෙනසක්‌ විතරයි.
    බුදු දහමේ තියෙන සංකීර්ණ දේවල් තේරුම් ගන්න උත්සාහ නොකර අහසින් යන එවයි නෙලුම් මල් උඩ යන ඒවයි ගැන පරීක්ෂණ කරන මෝඩයෙක් ඔයා.
    මහන්සි වෙන්න ඕන නැත්තම් මේකේ කෙස් පැලෙන තර්ක දදා මහන්සි වෙන්නේ නෙලුම් මල් පිපුනද නැද්ද බලන්නද.
    ඒවා ගැන බෞද්ධ අයට ප්‍රශ්නයක් නැත්තම් ඔයාට තියෙන අමාරුව මොකද්ද.
    පස්සෙන් දැවටී දැවටී මේ මේ නෙලුම් මල් පිපුනේ නෑ හලෝ එහෙම පිපෙන්න විදිහක් නෑ හලෝ කියන චුටි බබෙක්
    වගේ ඔයා
    බුදු හාමුදුරුවො ලංකාවට වැඩියෙ උඩින්ද බිමින්ද කියල කියමු බලන්න. (මම බලාපොරොත්තු වෙන්නේ ලංකාවට ආවත් එකයි නාවත් එකයි තොට මොකද වගේ උත්තරයක්)
     
    • Haha
    Reactions: Podi puthas

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,518
    100,689
    113
    පහේ පන්තියේ ළමයෙකුට තේරෙනවා නම් ඒක සරලයි
    ඒ වයසේදී හෝ ඊට පෙර වයස් වලදී නිවනම අවබෝධ කරගත්ත රහතන් වහන්සේලා ගැන සඳහන් වෙන නිසා උඩ තෙරුන් ගන්න අමාරුයි කිව්ව ඒවත් එතකොට සරල ගොඩටම දාගන්න පුළුවං නේ
     
    • Like
    Reactions: greenthunder

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ඔය කියන බොරු කතා ළමයින්ට පාසල් විෂය නිර්දේශවල තියෙනවා නේද?

    "ඔය කියන බොරු කතා" මොනවද කියලා දන්නෙ නැතිව එහෙම තියනවද නැත්ද කියලා කියන්න අමාරුයි.

    කන්න ඕන වුනාම කබරගොයා තලගොයා කරගන්නවා කියල කියන්නෙ

    ඔප්පු කරගැනීම එහෙමත් නැතිනම් සත්‍ය අසත්‍ය නිර්ණය කිරීම යම්කිසි රමුවකට අරං ඇවිත් ප්‍රකාශ කරන එක නම් කබරගොයා තලගොයා කරගන්නවා කියන එකෙන් විවේචනයට ලක් කලේ, ටොප්කොල්ලගෙඒ විවේචනය බුදුදහමට විතරක් අදාල දෙයක් නෙමෙයි. නීතිය, සංස්කෘතිය, ආගම, විද්‍යාව, සදාචාරය, අධ්‍යාපනය, දේශපාලනය, ආර්ථිකය ලිංගිකත්වය.... යනාදී සියලුම (ඕනෑම) විශයක් කන්න ඕනෙ වුනාම කබරයා තලගොයා කරගන්න ඉගැන්වීම් තමා.

    ඒක නිසා ටොප්කොල්ලගෙ ඒ විවේචනයට අනුව ඕනෑම නීතියක්, ඕනෑම සංස්කෘතියක්, ඕනෑම ආගමක්, ඕනෑම විද්‍යාවක්, ඕනෑම සදාචාරයක්, ඕනෑම අධ්‍යාපනයක්, ඕනෑම දේශපාලනයක්, ඕනෑම ආර්ථික න්‍යායක්, ඕනෑම ලිංගික චර්යාවක්....යනාදී කාන්ඩ වලට වැටෙන ඕනෑම ඉගැන්වීමක් කන්න ඕනෙ උනාම කබරයා තලගොයා කරගන්න ජාතියේ ඉගැන්වීම්. ටොප්කොල්ලා කියන ඕනෙම මතයක්/ඉගැන්වීමක්. ග්‍රීන්තන්ඩර් කියන ඕනෙම මතයක්/ඉගැන්වීමක්, X කියන ඕනෙම මතයක්/ඉගැන්වීමක්, කන්න ඕනෙ උනාම කබරයා තලගොයා කන්න ජාතියේ මත/ඉගැන්වීම් තමා.

    Edited - new paragraph added, grammar
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,037
    6,950
    113
    Nawala
    මොකද්ද බන් අහලා තියන ප්‍රශ්නය ? මේකේ වීඩියෝ එක නෑ නේ ...
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    මාත් මේ ටික ඔය සම්බන්ධව තමා ඉගෙන ගන්නේ ඒකයි. තාම මුල ගොඩක්ම research papers බලන්නේ.

    මෙතනදි මට දැනිලා තියනවා හෙළයෙක් ධර්මකීර්ති ස්වාමින්වහන්සේට පක්ෂ බව. ඔන්න ඔතනදි හෙළයෙකුයි ග්‍රීන්තන්ඩරුයි මතවාදීව දෙපැත්තකට යාවි. මේක ග්‍රීන්තන්ඩර්ම තේරුම්ගත් කාරණයක් නෙමෙයි. ලංකාවෙ ධර්මකීර්තිපාදයන් පිලිබඳව ඉන්න විද්වතා හැටියට ග්‍රීන්තන්ඩර් හඳුනන බට්‍රම් ජී ලියනගේ විසින් එක්තරා දේශනයකදි කරපු ප්‍රකාශයක් (iirc) අනුව යමින් ග්‍රීන්තන්ඩර් හිතන දෙයක්. ග්‍රීන්තන්ඩර්ගෙ මතවාදය බොහෝදුරට ඉන්ෆ්ලුවන්ස් වෙන්නෙ කටුකුරුන්දේ ඥානනන්ද හිමියන්ගෙ අර්ථ විවරණ වලින්. අපි බෞද්ධ දර්ශනය ඉවෝල්ව් වීම කියන හිස්ටොරිකල් කන්ටෙක්ස්ට් එකෙන් බැලුවොත් ඒක ගොඩක්ම සමපාත වෙන්නෙ නාගර්ජුනපාදයන් විසින් මූලමාධ්‍යමකාරිකාවෙ පෙන්වන විග්‍රහයත් එක්ක.

    ඉහත කියපු දේශනයේදී මෙතුමා ප්‍රකාශ කලා නාගර්ජුන හාමුදුරුවෝ එක්තරා විදිහකින් දරන්නේ ඇන්ට්-එපිස්ටමික් ස්ටෑන්ස් එකක් කියලා. මටත් ඒ වචනය හරි හැටි පැහැදිලි වුනේ නැහැ (මෙතනදි අදාල ග්‍රන්ථ තුනක් සඳහන් කලා මට දැන් නම් මතක නැහැ). නමුත් එතනින් එතුමා කිව්වෙ ඥානය සහ ඥාන විභාගය නාගර්ජුන හිමියන් කෑලි කෑලි වලට කඩලා පෙන්වලා අහනවා "කෝ ඔයාලා ඔය කියන ඔය දේවල්" කියලා. එතුමා කියපු විදිහට නාගර්ජුන හාමුදුරුවෝ ඥානවිභාගයට මේ ගහපු පහර කොච්ර බලවත් උනාද කියනවනම් සියවසක් දෙකක් විතර යනකම් සමස්ථ භාරතීය දර්ශනයන්ගෙ ප්‍රමාණ චින්තනය එකතැන නැවතුනාය කියනවා. ඉන්දියානු අභිධර්ම චින්තනය (සාර්වස්තිවාද අභිධර්මය) ආයෙ ඔලුව උස්සගන්න බැරිව එතනම ඇනහිට්ටා කියනවා.

    නමුත් ධර්මකීර්තිපාදයන් කියන්නෙ ඊට කාලෙකට පසුව බිහිවෙලා ඉන්දියානු ප්‍රමාණ චින්තනය (එපිස්ටමෝලොජි) ගොඩනගපු කෙනෙක්. මෙන්න මේ වෙනස නිසා ධර්මකීර්ති හාමුදුරුවන්වයි නාගර්ජුනපාදයන්වයි එකට තියන්න අපහසු බවක් තියෙනවා කියලා හැඟෙනව. අවශ්‍යනම් ඇයි නාගර්ජුන කෙනෙක් බිහිවුනේ ඇයි ධර්මකීර්ති කෙනෙක් බිහිවුනේ කියන කාරණය හොයාබැලුවොත් අපිට ඕක යුගයේ අවශ්‍යතා විදිහට සමනය කරගන්න පුලුවන් වෙයි. දෙදෙනාම ඉදිරිපත් වුණේ බුදුදහමට එල්ලවුන චෝදනා වලට පිලිතුරු වශයෙන්. ඒ නිසා කන්ටෙක්ස්ට් එකට අනුව සලකා බැලුවොත් ඒ වෙනස සමනයකරගන්න පුලුවන් උනත් මේ දාර්ශනික වෙනස පවතීවි.

    ඇනිවේ, මේක මට නෝට් වෙච්ච ඉන්ටරස්ටිං කාරණයක් නිසාත් මේවා ගැන කියවන්න ආසාවක් තියන අයට සරල හඳුන්වාදීමක් විදිහටත් තමා ඉහත කාරණා සඳහන් කලේ. මාත් හරි කැමැත්තෙන් ඉන්නෙ ධර්මකීර්ති හාමුදුරුවන්ගෙ ඉගැන්වීම් කියවන්න.

    Edited - further clarifications and grammar.
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,464
    36,400
    113
    මැදමහනුවර
    අයින් කරල
    වීඩියෝ එකට බඩු හරි වගේ.. :D
    වීඩියෝ ලෙප්ට් :-(
    Video එක නෑ නේ
    කෝ මන් දැක්කේ නෑ නෙ

    මොකද්ද බන් අහලා තියන ප්‍රශ්නය ? මේකේ වීඩියෝ එක නෑ නේ ...

    YgTr8Gg.jpg

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ඔයාගේ ධර්මය සම්බන්ද අභිධර්මය ගැන එහෙම තියෙන ත්‍රෙඩ් තියේ නම් දාන්නකෝ මෙතන

    කාටහරි ගැටළුවක් ආවොත් දන්න පමණින් පිලිතුරු දෙනවා ඇරෙන්න එහෙම ත්‍රෙඩ් දාලා නම් නැහැ. ධර්මය ඕර්තොඩොක්සියටම අනුව ධර්මය දැනගන්න අන්තර්ජාතික ථේරවාද ධර්මායතනයේ දේශනා රෙකමන්ඩ් කරන්න පුලුවන්. ග්‍රීන්තන්ඩර් වඩාත්ම ප්‍රිය කරන අර්ථ දැක්වීම් විදිහට පූජ්‍ය කටුකුරුන්දේ ඥාණානන්ද ස්වාමීන්වහන්සේගෙ දේශනාත්, මීතිරිගල නිස්සරණ ආරණ්‍ය සේනාසනවාසී උඩුඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේගෙ ධර්ම දේශනාත් රෙකමන්ඩ් කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: Podi puthas

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,518
    100,689
    113
    මෙතනදි මට දැනිලා තියනවා හෙළයෙක් ධර්මකීර්ති ස්වාමින්වහන්සේට පක්ෂ බව. ඔන්න ඔතනදි හෙළයෙකුයි ග්‍රීන්තන්ඩරුයි මතවාදීව දෙපැත්තකට යාවි. මේක ග්‍රීන්තන්ඩර්ම තේරුම්ගත් කාරණයක් නෙමෙයි. ලංකාවෙ ධර්මකීර්තිපාදයන් පිලිබඳව ඉන්න විද්වතා හැටියට ග්‍රීන්තන්ඩර් හඳුනන බට්‍රම් ජී ලියනගේ විසින් එක්තරා දේශනයකදි කරපු ප්‍රකාශයක් (iirc) අනුව යමින් ග්‍රීන්තන්ඩර් හිතන දෙයක්. ග්‍රීන්තන්ඩර්ගෙ මතවාදය බොහෝදුරට ඉන්ෆ්ලුවන්ස් වෙන්නෙ කටුකුරුන්දේ ඥානනන්ද හිමියන්ගෙ අර්ථ විවරණ වලින්. අපි බෞද්ධ දර්ශනය ඉවෝල්ව් වීම කියන හිස්ටොරිකල් කන්ටෙක්ස්ට් එකෙන් බැලුවොත් ඒක ගොඩක්ම සමපාත වෙන්නෙ නාගර්ජුනපාදයන් විසින් මූලමාධ්‍යමකාරිකාවෙ පෙන්වන විග්‍රහයත් එක්ක.

    ඉහත කියපු දේශනයේදී මෙතුමා ප්‍රකාශ කලා නාගර්ජුන හාමුදුරුවෝ එක්තරා විදිහකින් දරන්නේ ඇන්ට්-එපිස්ටමික් ස්ටෑන්ස් එකක් කියලා. මටත් ඒ වචනය හරි හැටි පැහැදිලි වුනේ නැහැ (මෙතනදි අදාල ග්‍රන්ථ තුනක් සඳහන් කලා මට දැන් නම් මතක නැහැ). නමුත් එතනින් එතුමා කිව්වෙ ඥානය සහ ඥාන විභාගය නාගර්ජුන හිමියන් කෑලි කෑලි වලට කඩලා පෙන්වලා අහනවා "කෝ ඔයාලා ඔය කියන ඔය දේවල්" කියලා. එතුමා කියපු විදිහට නාගර්ජුන හාමුදුරුවෝ ඥානවිභාගයට මේ ගහපු පහර කොච්ර බලවත් උනාද කියනවනම් සියවසක් දෙකක් විතර යනකම් සමස්ථ භාරතීය දර්ශනයන්ගෙ ප්‍රමාණ චින්තනය එකතැන නැවතුනාය කියනවා. ඉන්දියානු අභිධර්ම චින්තනය (සාර්වස්තිවාද අභිධර්මය) ආයෙ ඔලුව උස්සගන්න බැරිව එතනම ඇනහිට්ටා කියනවා.

    නමුත් ධර්මකීර්තිපාදයන් කියන්නෙ ඊට කාලෙකට පසුව බිහිවෙලා ඉන්දියානු ප්‍රමාණ චින්තනය (එපිස්ටමෝලොජි) ගොඩනගපු කෙනෙක්. මෙන්න මේ වෙනස නිසා ධර්මකීර්ති හාමුදුරුවන්වයි නාගර්ජුනපාදයන්වයි එකට තියන්න අපහසු බවක් තියෙනවා කියලා හැඟෙනව. අවශ්‍යනම් ඇයි නාගර්ජුන කෙනෙක් බිහිවුනේ ඇයි ධර්මකීර්ති කෙනෙක් බිහිවුනේ කියන කාරණය හොයාබැලුවොත් අපිට ඕක යුගයේ අවශ්‍යතා විදිහට සමනය කරගන්න පුලුවන් වෙයි. දෙදෙනාම ඉදිරිපත් වුණේ බුදුදහමට එල්ලවුන චෝදනා වලට පිලිතුරු වශයෙන්. ඒ නිසා කන්ටෙක්ස්ට් එකට අනුව සලකා බැලුවොත් ඒ වෙනස සමනයකරගන්න පුලුවන් උනත් මේ දාර්ශනික වෙනස පවතීවි.

    ඇනිවේ, මේක මට නෝට් වෙච්ච ඉන්ටරස්ටිං කාරණයක් නිසාත් මේවා ගැන කියවන්න ආසාවක් තියන අයට සරල හඳුන්වාදීමක් විදිහටත් තමා ඉහත කාරණා සඳහන් කලේ. මාත් හරි කැමැත්තෙන් ඉන්නෙ ධර්මකීර්ති හාමුදුරුවන්ගෙ ඉගැන්වීම් කියවන්න.

    Edited - further clarifications and grammar.
    ඔව් මම ඔය ගැන හොයන්න පටන් ගත්තේ වෙන විෂයකට ඕනි කරුණු ටිකක් දැනගන්න. තාම ධර්මකීර්ති හාමුදුරුවන්ගේ ඉගැන්වීම් තමා බලමින් ඉන්නේ. ඒත් එහෙම විශේෂ බැරියර් එකක් දාගෙන නෑ. ඒත් සමහර විට ධර්ම කීර්ති හාමුදුරුවෝ අදහස් දක්වන විදියට හිතන එක ඉබේම ෆලෝ වෙනවා වෙන්න පුළුවං ඒ ගැනම බලන නිසා. බට්‍රම් ජී ලියනගේ සර්ගේ ලියවිලි නිසා තමා මට ඔය සම්බන්ධයෙන් හොයලා බලන්න ඕනි කියල හිතුනෙත්. මට සිද්ධ වෙච්ච හොදම වෙනස් තමා ඔය නිසා Indian phylospy සම්බන්ධ පොඩි කොටසක් හරි ඉගෙන ගන්න ලැබෙන එක. ඒක අලුත්.
     
    • Like
    Reactions: greenthunder

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,349
    20,925
    113
    කර්මය, හේතුඵල වාදය, සංසාරය වගේ සංකල්ප බුද්ධාගම එන්න කලින් හින්දු ආගමේ, ජයින ආගමේ තිබුනනෙ

    නිකන් වචන ටිකක් අල්ලාගෙන ඔයා ඔය තර්කය කරන්නේ. එච්චර දෙයක් ඕන නෑ හින්දු සංකල්ප වල එන අත්ම සංකල්පය බුදු දහමේ වැරදි කියන එකෙන්ම වෙනස තේරුම් ගන්න පුළුවන්. ආත්ම කියන වචනය හින්දු වලත් බුදු දහමෙත් පාවිච්චි වුණාට තියෙන්නේ අර්ථ දෙකක්. අනිත් වචනත් එහෙම තමයි.

    දන්නේ නැත්තං please කියවලා තේරුම් අරන් එන්න. එක්කෝ ඔයා වෙන ආගමක කෙනෙක්. නැත්තන් හරියට තර්කයක් කරගන්න දන්නේ නැති කෙනෙක්. එක්කෝ බුදු දහමේ මුලික හරයවත් දන්නේ නැතුව හින්දු සංකල්ප සමාන කරන එකෙන් තේරෙන්නේ ඔය බුදු දහම තේරුම් අරං තියෙන විධිය ඉගනගෙන තියෙන විධිය වැරදී.

    පල්ලෙහා තියෙන්නේ සුද්දෙක් කරපු වීඩියෝ එකක් .අඩුම ඒකවත් බලන්න එකේ හින්දු සහ බුදු දහම තියෙන්නේ කොහෙද කියලා.

    මට 👇මේක ප්‍රශ්නයක් නෙවෙයි ඒ නිසා මම ඒකට උත්තර හොයන්නෙ නෑ.

    කර්මය, හේතුඵල වාදය, සංසාරය වගේ සංකල්ප බුද්ධාගම එන්න කලින් හින්දු ආගමේ, ජයින ආගමේ තිබුනනෙ
    මගේ ප්‍රශ්නේ වෙන එකක්. උත්තර ලැබෙන්නෙ වෙන එකකට
     
    • Wow
    Reactions: sakuntha1996