මට පල දීපු සිද්ධියක් කියන්නම්. ඉස්කෝලෙ කාලෙ මම පාඩුවෙ අහිංසක විදියට හිටියෙ. පන්තියේ හිටියා දුප්පත් එකෙක් හැබැයි දඩබ්බර මට වඩා සයිස් එක වැඩි එකෙක්. අපේ පන්තියේ හිටියේ. මල කරදරයක් තිබ්බේ උගෙන්. නිකන් ඉන්න වෙලාවට ඌ ඇවිල්ලා ඇණයක් වෙනවා. පිටිපස්සෙන් ඇවිත් ඔලුවට ගහනවා, හුණු කොට්ටෙන් මුනට ගහනවා වගේ එපා කරපු වැඩ. ඕකට මමත් එහෙම කලාම අරූ රණ්ඩුවට එනවා. මාර වදයක් වෙලා තිබ්බේ.
මම බැරිමතැන හොදින් යාලුවෙක් වගේ ඉන්නත් හැදුවා. එහෙමත් ඉන්නවා එකපාර අර ජරා වැඩ කරන්න ගන්නවා ගුරුවරයෙක් නැති උනාම. රණ්ඩුවට ගියාම වැඩි කරදරෙ.
දවසක් මූ ඉස්කෝලෙ සර් කෙනෙක් ගෙ වාහනේකට දඩබ්බර වැඩක් කරන්න යද්දි මමත් එතන හිටියා සෙට් එකම හිටියා අරු වැඩ්ඩා වෙන්න කරන්න පටන් ගත්තා. මමත් ඔහොම මෙහෙම කරපන් කියල, අරු එක්ක තරහට වැඩේට අරූව අල්ලලා දුන්නා.
ඒ සිද්ධිය නිසා උගෙ ඉස්කෝලෙ ගමන නැවතුනා... මගේ කරදරෙ නැති උනා. හැබැයි මටත් එදා ඒ වැඩේ නවත්වන්නේ නැතුව කරපු වැඩේට හිතාගන්න බැරි විදියට විභාගයවත් පාස් වෙන්න බැරැව නන්නත්තාර වෙලා ගියා
