මචන් මෙහෙම හිතපන්කෝ.. උබ යනවා ජොබ් එකකට, හැබැයි ඒ ජොබ් එක ගැන කිසිම දෙයක් දන්නේ නෑ..
උබ ගැන අනුකම්පා කරලා යම් ආයතනයක් උබව ජොබ් එකට ගන්නවා. එහෙම අරගෙන හොද ට්‍රේනින් එකක් දෙනවා.
ට්‍රේනින් එක දෙද්දිත් ඒ ආයතනය හොදට පලපුරුදු කෙනෙක්ට දෙන පඩියම උබට දෙනවා. එතකොට ඒ ආයතනය උබේ ට්‍රේනින් එකට ලොකු වියදමකුත් දරනවා.
හිතලා බලපන් ඔය විදියට කව්ද කරන්නේ කියලා? ඒත් මම එහෙමයි බන් මිනිස්සුන්ට කලේ.. ට්‍රේනින් එක සම්පූර්න වුන ගමන් උබ වෙන ශොප් එකක වැඩට ගියොත් ඒක සාදාරනද බන්?
මම ට්‍රේනින් එක දුන්න නිසා මගේ ලග වැඩ කරන්න ඕනා කියලා නෙවෙයි මේ කියන්නේ.. අඩුමතරමේ මගේ ලග අවුරුද්දක් වත් වැඩ කරන්න ඕනා නේද..
අපිටත් ටාර්ගට් තියෙනවනේ බන්.. අපි ඕෆ් සීසන් එකේ මාස 3ක් පුරුදු කරලා ගන්න කෙනා අඩුම තරමේ සීසන් එක තියෙන මාස 6 වත් ඉන්න ඕනා නේද? ඔය මන් කිව්වේ කුශන් වැඩ ගැන..
තව මචන් ඔෆ් සීසන් එකේදි ගොඩක් වඩු මඩුවලටයි. ස්ප්‍රේ මඩු වලටයි වැඩ නෑ.. පොඩි කාලයක් නෙවෙයි මාස 4ක්..
අපි ඔය කාලෙදිත් ඒ අය ගැන අනුකම්පා කරලා වැඩ දෙනවා..
බඩු විකිනෙන්නෙත් නෑ අපේ බඩු ගොඩවල් ස්ටොක් වෙනවා ඔය කාලෙට.. ඉතින් සල්ලිත් සේරම හිරවෙනවා..
අපි ඒත් අර මිනිස්සු ගැන අනුකම්පා කරලා උනුත් ජීවත් වෙන්න ඕනනේ කියලා හිතලා වැඩ දෙන්නේ..
ඉතින් ඔහොම ඔය මාස 4 ඉවර වෙද්දි සීසන් එක එනවා.. අන්න ඒ කාලෙදි ඔය බාස්ලට අපෙන් මාස 4ක් යැපුන බව අමතකයි..
මඩුවෙන් බඩුවක් හදලා දෙන්නෙත් නෑ, හදාගන්න ගියාම උන්ගේ හෙන ලොකු සීන්..
ස්ප්‍රේ බාස්ලත් එහෙමයි.. සති ගනන් ගන්නව එක බඩුවක් ස්ප්‍රේ කරලා දෙන්න.. ඒකත් හරියට කරන්නේ නෑ..
ඔය දෙගොල්ලොම වෙන වෙන ශොප්ස් වලට බඩු දෙනවා සීසන් එකේදි.. ඔහොම කරන එක හරිද මචන්?
ඔයවගේ බලුවැඩ කරපු සේරමවම මම අද අතැරියා මචන්..
ඔය මිනිස්සුන්ට මම සැලකුවේ මුකුත් බලාපොරොත්තුවෙන් නෙවේයි අවන්කවම..
ඒත් උන් මට සැලකුවේ මහ ජරා විදියට බන්..
ලබන මාසෙන් සීසන් එක ඉවරයි.. එතකොට ඔකුන්ට මාව මතක් වෙයි..
එතකොට නම් මම කිසිම උදව්වක් කරන්නේ නෑ..
මාත් එක්ක හැමදාම ඉන්න කෙලෙහිගුන දන්න හොද මිනිස්සු ටිකක් හොයාගන්න ඕනා ඉක්මනටම..