කවුජ ඔචන..?

leodilshan

Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    මුලින්ම කියන්න ඕන මේ කතාව හුදෙක් හාස්‍ය රසය සදහා පමණයි. කිසිදු ආබාධිත පුද්ගලයෙකුගේ ආබාධිත බව හාස්‍යයට ලක් කිරීමේ චේතනාවක් නැත.
    දුෂ්කර ගමක සිරිපාල කියල මනුස්සයෙක් හිටියා. මිනිහට වචන ටිකක් උච්ඡාරණය වෙන්නෙ නුහුරට. ඒක නිසාම මිනිහා ගමේ ‍නැහැදිච්ච කොල්ලන්ගේ බයිට් එකක් වෙලත් හිටියා.
    දවසක් රෑ අටට විතර පොර කන සාක්කුවට වැටෙන පදමට බීලා සරමත් කර ගාවට උස්සගෙන මෙහෙම සිංදුවකුත් ගහගෙන එනවා.
    "ඤාමෙ නොජිරනා... කුඤු කය ජිරඤා... අරුමෙකි ශෝභා.."
    රබර්වත්ත ගාව වංගුවෙන් හැරුණා විතරයි පොර දැක්කා පාරෙ අයිනෙ ඇණ තියාගෙන ඉන්න සුදු ඇඳපු මනුස්සයෙක්. හිත පොඩ්ඩක් ගැස්සුනත් සිරිපාල බයවුණේ නෑ.
    "කවුජ ඔචන...?"
    ම්හු.. උත්තරයක් නෑ. හිතට දිරිගත්තු සිරිපාල තව ටිකක් ළං වෙලා සැරෙන් අහනවා,
    "කවුජ යකෝ ඔචන?"
    ඉන්න එකාගෙන් උත්තරයක් නෑ. මල අතට ආපු සිරිපාල සරම තව ටිකක් උස්සගෙන,
    "අම්මප දෙඤවා පයිං" කීවත් උත්තරයක් නෑ. අසූ හාරදාහටම තද වෙච්චි පොර "ඉජා කාපං එහෙඤං" කියලා දීල ඇද්දෙ නැද්ද පයිං පාරක්.
    එතකොට මුළු ගමටම ඇහුනලු,
    "බුජු අම්මෝ මං ඤැතෝ" කියල විලාපයක්. ගමේ මිනිස්සු දුවං එනකොට පාරෙ අයිනෙ තිබිච්ච සුදු පාට ගාපු කිලෝමීටර් කණුවකට පයිං ගහලා කකුල කඩාගත්තු සිරිපාල කෙඳිරි ගගා වැටිලා ඉන්නවලු.
     
    • Like
    Reactions: Elakiri Pora