මේක ගොඩක් හිතන්න ඕනේ දෙයක් තමයි. මටත් විවාහය කියන්නේ අනවශ්‍ය කරදරයක් කියල තමයි හිතෙන්නේ. ඒත් මට හිතට එන තව අදහසක් තියෙනවා. අපි මේ ලෝකෙට එන්නේ අපි plan කරලා නෙමේ. අපි කලින් ආත්මෙක මේ ජීවිතේ plan කරල නැහැ. ඒ වගේම අපි මැරුනම අපි කොහෙද යන්නේ කියලත් අපි දන්නේ නැහැ. ස්වභාවධර්මය විසින් අපිව මේ විදියට ජනිත කරවන්නේ යම් ක්‍රියාධාමයකට අනුවයි. අපි ඉපදෙන රට, අපි ඉපදෙන ජාතියෙ පැවැත්ම සම්බන්දව අපිට යම්කිසි වගකීමක් තියෙනවා. මොකද ඕනේ කෙනෙක් මේ ලෝකෙට එන්නේ හේතුවක් ඇතුවයි. මම කලින් කිව්වා දේවල්වල පැවැත්ම ඉදිරියට ගෙනයන්න අපෙන් පස්සේ පිරිසක් අපි හදනවද කියන තීරණය අපි ඉදිරියේ තියෙනවා. බඳින්නේ නැති එක අපි ජීවත්ව ඉඳිද්දී අපිට ගන්න පුළුවන් තීරණයක් විතරයි. නමුත් කවදා හරි ඒ ගත්ත තීරණය මොකක්ද කියන එකවත් අපි දන්නේ නැහැ (මැරුණට පස්සේ). ඉතින් මම කියන්නේ අපිට හිතන්න තියෙන ප්‍රධානම දෙයක් තමයි අපිව ජනිත කරපු රටට, ජාතියට, ස්වභාවධර්මයට සේවයක් කරන්න පුළුවන් පසු පෙළක් අපි හදල මේ ලෝකෙන් යනවද නැත්නම් නිකන්ම ජීවත්වෙලා මැරෙනවද කියන එක.
මමත් තවම මේ දේවල් ගැන හිතනවා. සමහර අයට හිතෙන්න පුළුවන් මගේ අදහස ටිකක් විකාරයි කියලා. ඒත් ඒකේ ඇත්තක් තියෙනවා. මම කොහොම තීරණයක් ගනීද කියන එක මටවත් තාම කියන්න බැහැ.