ක්ලච් එකේ අවුලක්

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අපේ බාප්පට Izusu ලොරියක් තියනවා. ළගදි ඉදන් ක්ලච් එක ස්ලිප් වෙන ගතියක් තියනවා. කිසිම බරක් දාන්නැතුව යද්දිත් එහෙම්මම තමයි. ජනවාරිවල අලුතෙන් ක්ලච් ප්ලේට් දැම්මේ.මේ වාහනේ පට්ට විදියට පිකප් වාහනයක්. ඉස්සර වෙසක් බලන්න යන්නෙත් මේ වාහනේ නැගලා. මම අද ඒක පොඩ්ඩක් පැදලා බැලුවා. සෙකන්ඩ් එකට දාලා වාහනයක් ඕවටේක් කරන්න බෑ බන් එක තැන ස්ලිප් වෙනවා. :no: ආයෙත් ක්ලච් ප්ලේට් යන්න ආසන්න වෙලාද බන්?ක්ලච් ප්ලේට් දලා වැඩිය වැඩක් ගත්තෙත් නෑ බන්. චිප් ගල් ලෝඩ් 12යි, වැලි ලෝඩ් 20ක් විතර තමා ඇදලා තියෙන්නෙත්. ඒවත් හාඩ්වෙයාර් එකේ ඉදන් ඒ හරියෙම තියන අලුතෙන් හදන ගෙදරකට ඇදලා තියෙන්නෙ. බප්පාට තව ලොරියක් තියෙයි. ඒකෙන් තමයි ගොඩක් වැඩ ගන්නේ. කොරෝනා නිසා ලොකුවට වැඩ තිබුනෙත් නැ. මේකට මොකද කරන්න ඕනි බන්. වාහන ගැන දැනුම තියන අය උපදෙසක් දෙන්න.

    වාහන හදන තැනකට යන්න කලින් පොඩ්ඩක් උබලගෙන් අහන්නේ පොඩි අයිඩියා එකක් ගන්න. නැත්නම් ගිය ගමන් උන් කතා කරන්නෙ ක්ලච් ප්ලේට් අලුතෙන් දාන්න. :angry:
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    clutch pump eka beluwada? anika plate aluthin daddi space ehema tianawa mn dnna tharamata adjust kraganna ehema. poddak balanna bump
     
    • Like
    Reactions: D_Mad