ක්ලාස් වලදි වෙච්ච ආතල්

Slim_Roethlisberger

Active member
  • Nov 19, 2017
    298
    62
    28
    LA
    Kiyapanko scn eka :rolleyes:
    මතක විදියට ඒ ක්ලාස් එකේ දවසක් සර් ක්ලාස් ඉවර වෙන වෙලාව පහු වෙනකන් පේපර් එකක් සාකච්ඡා කරලද කොහේ..පස්සේ කොල්ලෙක් සර්ට කුනුහර්පෙන් බැනලා මෙසෙජ් එකක් යවලා සර්ගේ ෆෝන් එකට.. :lol::lol:
    ඕකට සර්ට මල පැනලා.. අපිටනං කිව්වා මෙසේජ් එක එව්ව එකාව හොයාගත්තේ සර්ගේ යාළුවෙක් වැඩ කරනවලු ඔය ඩයලොග් මොබිටෙල් වගේ එකක.අන්න උ ලව්වා කියලා..ඒවනං බොරුද දන්නෙත් නෑ..හැබැයි ඕක තමා ඒ දවස් වල සර්ගේ හැම ක්ලාස එකකම නැගලා ගිය සිද්දිය :lol::lol:
     

    Slim_Roethlisberger

    Active member
  • Nov 19, 2017
    298
    62
    28
    LA
    ගම්පහ නිලන්ත ජයසූරිය සර්ගේ ක්ලාස් ගිය උන් ඉන්නවද..ඒ කාලේ පොරයි මනෝජ් සොලංගආරච්චි සරුයි හෙන වලි..සොලංගආරච්චි සර්ගේ ක්ලාස් එකේ සර් විහිළු කලාම කොල්ලෝ කෑ ගහනවා "සොලාආආආආආ...." කියලා..
    :lol::lol: දවසක් නිලන්ත සර් ක්ලාස් එකේ විහිළුවක් කලාමත් කොල්ලෝ කෑ ගහලා තිබ්බා සොලා කියලා :lol::lol: එදානං සංස්කෘත වලින්ම දෙසුවළු මයික් එකෙන්
     

    Slim_Roethlisberger

    Active member
  • Nov 19, 2017
    298
    62
    28
    LA
    "දරුවෝ ඔය බැලකනියේ අයිනෙම තැඹිලි පාට ෂර්ට් එකක් ඇඳන් ඉන්න හරකයි ඊට එහා පැත්තේ බූරුවයි.මොනාද යකෝ තොපි දෙන්නා කියවන්නේ.පොත් ටික අරන් වරෙව් පහලට ලැජ්ජ නැති බල්ලෝ දෙන්නා..තොපි හිතුවද මට පේන්නෑ කියලා උඩ ගියාම..අවජාතක බල්ලෝ"



    :(:(:( අම්මෝ කේ.සිරි ලොක්කගෙන් අහ ගත්ත හොඳම ටික...මාර නම්බු නාම ටිකක් දුන්නේ එදා..
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    2012 ජීවක සර්ගෙ class එකේ paper එකක් discuss කරනව. සර් ප්‍රශ්නෙක උත්තරේ කියල අපි ලියාගන්න අතරෙදි සර්ගෙ ඉස්සරහ ඉන්න කෙල්ලො එක්ක කුකුලෙක් වගේ ඈ.. ඈ.. ගගා. කොල්ලොත් ඔහේ කියවනව එක ඝෝෂාවයි ඒ වෙලාවට පන්තියේ:angry::angry:. මං පේපර් එක දිහා බල බල ඉද්දි "හා හා ඇති ඇති" ගෑව. බලද්දි මං හා හා ඇති ඇති ගාන්න තප්පරයකට කලින් පන්තිය ඊලඟ ප්‍රශ්නෙ සාකච්ඡා කරන්න සම්පූර්ණයෙන්ම නිෂ්ශබ්ද වෙලා බං:sorry:. පන්තියටම ඇහිල. මං ඔලුව උස්සල බලද්දි තමා එක note වුනේ. මගෙ දෙපැත්තෙ හිටපු උනුයි පන්තියයි සර් උයි මං දිහා බලං ඉන්නව. ඊට පස්සෙ සර් අහනව මොකක්ද කිව්වෙ කියල. මං ඉතින් කිව්ව ඇති කිව්ව සර් කියල පන්සලේ පිං බට්ට වගෙ ගූ ගිහින් ඉද්දි.:baffled::baffled::sorry: උඹලට ඇතිනම් මං යනව ආයි පන්ති කරන්නෑ කියල මූ ගිය.:baffled: ඊට පස්සෙ පන්තිය ආයි කෑ ගහනව කෙල්ලො රව රව මං දිහා බලනව.:sorry::sorry: පන්තියේ පොඩ්ඩ පොඩ්ඩ යනව:oo:. ඉස්කෝලෙ කොල්ලො ටික එක්ක මහ රෑ ගියා සර්ගෙ ගේ හොයාගන:dull:. දහ අතේ වැඳල sorry කියල ඊළඟ දවසෙ පන්තිය ඉස්සරහටත් ගිහිල්ල sorry කියල තමා ගොඩ දාගත්තෙ. විලි ලැජ්ජාවෙ බෑ බං. ඒ scene එක වුණාට පස්සෙ අපේ ඉස්කෝලෙ කොල්ලො ටික වැරදි හැම එකා අතින්ම වෙනව බං කියල මං එක්ක සර් ගෙ ගෙදරත් ගිහින් sorry කියන්න stage එකටත් නැග්ග:(. උං ටික නැත්තං මං එදා ඉඳන් ලැජ්ජාවට class එන්නෙත් නැතුව A/L fail වෙන්නතිබ්බ :(

    apo Jeewaka ooya wage athal denawa one tharam, apitath dunna. eka dawasak u wadi wena bankuwath polawe gahuwa :D ekata hina yanawa yako :D
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    "දරුවෝ ඔය බැලකනියේ අයිනෙම තැඹිලි පාට ෂර්ට් එකක් ඇඳන් ඉන්න හරකයි ඊට එහා පැත්තේ බූරුවයි.මොනාද යකෝ තොපි දෙන්නා කියවන්නේ.පොත් ටික අරන් වරෙව් පහලට ලැජ්ජ නැති බල්ලෝ දෙන්නා..තොපි හිතුවද මට පේන්නෑ කියලා උඩ ගියාම..අවජාතක බල්ලෝ"



    :(:(:( අම්මෝ කේ.සිරි ලොක්කගෙන් අහ ගත්ත හොඳම ටික...මාර නම්බු නාම ටිකක් දුන්නේ එදා..
    avatar565199_7.gif
     
    • Like
    Reactions: Arrow11

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේක උනේ නුවර class එකකදී. class වලදී සෙට් වෙන අනෙක් ඉස්කෝල වල කොල්ලෝ ඉන්නවනේ... ඒ වගේ එකෙක් බොක්කෙන්ම අපේ සෙට් එකත් එක්ක සෙට් උනා.....

    ඒ දවස් වල අපි එක එක පිස්සු වැඩ කරනවා... අර කෙල්ලගේ පුක මිරිකුවොත් රු.50/= දෙනවා කිව්වහම අපේ එව්නුත් කොහොම හරි පිටිපස්සෙන් ගිහින් ඒ වැඩේ කරලා දුවගෙන එනවා... රු 50/- ගන්න .....

    එක දවසක් class ඉන්ටෙර්වල් වෙලාවේදී එහා පැත්තේ class එකේ පට්ට කෑල්ලක් ඉන්නවා තව කෙල්ලෝ සෙට් එකෙක් එක්ක කතා කර කර.... අපේ එකෙක් මට කියනවා.. අර පට්ට කෑල්ල බදාගෙන කිස් කරොත් රු.50/- දෙනවා කියලා. මම උත්තර දෙන්න කලින් අපිත් එක්ක ලඟදි සෙට් වෙච්ච එකා කියනවා උ වැඩේ කරන්නම්... හැබැයි උට රු.100/- ඕනේ කියලා... අපි හිතුවේ නැහැ මු එක කරයි කියල... ඒ නිසා අපි රු 100යට 200 දෙන්නම් කියල කිව්වා...

    මුත් එක පාරටම අරකි ඉන්න තැනට ගිහින් බදාගෙන මුණ ඉඹගෙන ඉඹගෙන ගියානේ.. එතකොට මෙකි කෑ ගහන්න පටන්ගත්තා "මොනවද මල්ලි වෙලා තියෙන්නේ.. මොකද මන් ගැන හිටපු ගමන් ආදරයක් ඇති උනේ... ගෙදරදී රණ්ඩු කරලා කරලා....."

    අපි ඔක්කොම හොල්මං .... පස්සේ තමයි අපි දැනගත්තේ... එකී මුගේ අක්කා කියලා..... තව පොඩ්ඩෙන් මම ගට අරන් ගිහින් ඒකිව ඉම්බනම් අදටත් මූ මාත් එක්ක තරහ වෙලා....
    මොනවා උනත් ඌ දිනපු රු.200 යෙන් අපි ඔක්කොටම කන්න අරන් දුන්නා...
    අයියෝ සල්ලි
     
    • Like
    Reactions: lpwicrama

    Nipunarc

    Junior member
  • Jan 26, 2014
    42
    1
    22
    8
    ගම්පහ සොලාගෙ 2017 a/L ක්ලාස් එකේ එක දවසක මයික් එක හරියට වැඩ කරන්නෙ නෑතුව ගියා.සොලා ගැන දන්න උන් දන්නවනෙ ඉතින් උට මල පනින හැටි.මයික් එක වැඩ කරන්නෙ නැතුව ගිය ගමන් සොලාගෙ සෙකට්‍රි ඔව් ඔව් සනත් අයියා තමයි,ඩයල් එක ඇවිදින් හදලා ගියා ඊට පස්සෙ දෙතුන් පාරක්ම මේ සීන් එක වුණා.මයික් එක අව්ල් යනව සනත් අයියා ඇවිල්ල හදනවා,නැත්නම් සොලා හදාගන්නවා.මෙහෙම දිගටම වෙනකොට පන්තියෙ උන්ටත් හෙන ආතල්. අන්තිමේදී සොලා මයික් එකයි,ඈම්ප් එකයි ඔක්කොම වයරුත් එක්කම ඇදගෙන ගිහින් එහාපැත්තෙ තියෙන වෙලට දැම්ම.මයික් එක වෙලට විසික් කරල බෆල් එක දාන්න යද්දිම සනත් අයියා දුවගෙන ගිහින් බොහොම අමාරුවෙන නවත්තගත්ත. සනත් අයියත් උගෙන් බලු බැනුම් ඇහුවෙ.
     
    Last edited:

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    After O/L Amma balen ma wage mawa Lankawe English walata lokuma kiyana place 1y English course 1a kata yawu wa.

    20000k gewala tibbe mulinma. Chater wena kiyala aniwaryen danna nisa mama behe behe kiya kiya giya.

    Giya dawasema wash room 1ta Sari aedala supirima supiri kellak awilla hitiya. Onna hand wash karana kota mage ae peththe makith hand wash karanawa.

    Aekige athe sahenna mile.. mata yaluwek kiyapu bite 1k mathak wela mama aekiti kiwu wa amboo may yage niyare mehema num kubure kohoma aeth da kiyala.


    Onna den first day class room 1ta wela innawa. Ammata hudu jammbu..
    Menna araki aenawa. balankota aeki thama mama joine wela inna course 1y Teacher.

    Songs kiyanna, speach denna, tawa tawa weda godai.. hema welema mawa issarhata aragena mata kiyanan kiyanawa..

    aeki mawa okkoma issara ha sirawatama niyametama byte kala...

    kohoma hari gederata henma katha godak kiyala masa 3 course 1a dawas 3n gedara nawatuna...

    Ada tath ENGLISH kiyala mathak wena kota kakul 2ka ma mendaling gahanawa...

    aparade umbata amaruwen hari english class ekata yanna thibbe. liyala thiyana widihata
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කොහොමද යකෝ මේ ත්‍රෙඩ් එක මිස් උනේ?
    ඔන්න ඉස්කෝලේ යන කාලේ කෘෂිකර්මෙ පීරියඩ් එකට අපි වෙන ක්ලාස් එකකට යනවා..
    ටීචර් මල පනින ඩයල් එකක් ඉන්නේ..
    දවසක් අන්තිම පීරියඩ් එක තමයි ඇග්‍රි වැටුනේ..
    ඉස්කෝලෙ ඇරෙද්දි යෝවද තම්පාව ගාථාව කියනවනේ..
    පන්තියම කියද්දි එකෙක් විතරක් කියන්නේ නැතුව උගේ ශර්ට් එක හද හද ඉන්නවා..
    ටීච දැකලා හෙමින් ලඟට ආවා.. එද්දි මූ දැකලා අත් දෙක පාත් කරලා හිටියා..
    ටීච ඇහුවා පුතා ආගමේද කියලා.. මූත් ඔව් කිව්වා..
    ටීච ඔලුව වනලා යන්න හැරිලා ආපහු ඇහුවා මොන ආගමේද කියලා..
    මූ කිව්වා බුද්ධාගමේ කියලා..
    දුන්නා කණ පැලෙන්න එතනම..
    තව සීන් තියෙනවා ඉඩ තියෙන වෙලාවට දාන්නම්...
     

    Batman963

    Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    2009 A/l පුස්සෙල්ලගෙ ක්ලස් එකක් හාෆ් ඩෙ දාන්න ගිහින් මට්ටු වෙලා අහගත්තු එව තාම මතකයි,
    2013 agri වලින් කරන්න හිතන් රන්ජන් සිර් ගාවට ක්ලස් ගියා,ගිය උන් දන්නව ඇති ක්ලස් එකෙන් අබෙවෙල එක්කන් යනව කියල ,කොම හරි ඔකෙ ගිහින් බස් එක ඇතුලෙ බීල ගූ ගොඩයි ,හොදම සිඩ්ඩිය උනෙ ඉලග සතියෙ ක්ල්ස් එකට පරක්කු වෙලා ගියෙ (කොමත් යන්නෙ පරක්කු වෙලා තමා ) යඩ්ඩි ඔක්කොම උන් මගෙ මුන බලන් ඉන්නව ,බන්කුවෙන් වඩි උනාට පස්සෙ තමා දැක්කෙ බොර්ඩ් එකෙ ලියල තියෙනව "හරක් බලන්න ගිය හරක් ගොඩක් " කියල ,අන්තිමට බිල තියෙන්නෙ මම විතරයි ,
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    2009 A/l පුස්සෙල්ලගෙ ක්ලස් එකක් හාෆ් ඩෙ දාන්න ගිහින් මට්ටු වෙලා අහගත්තු එව තාම මතකයි,
    2013 agri වලින් කරන්න හිතන් රන්ජන් සිර් ගාවට ක්ලස් ගියා,ගිය උන් දන්නව ඇති ක්ලස් එකෙන් අබෙවෙල එක්කන් යනව කියල ,කොම හරි ඔකෙ ගිහින් බස් එක ඇතුලෙ බීල ගූ ගොඩයි ,හොදම සිඩ්ඩිය උනෙ ඉලග සතියෙ ක්ල්ස් එකට පරක්කු වෙලා ගියෙ (කොමත් යන්නෙ පරක්කු වෙලා තමා ) යඩ්ඩි ඔක්කොම උන් මගෙ මුන බලන් ඉන්නව ,බන්කුවෙන් වඩි උනාට පස්සෙ තමා දැක්කෙ බොර්ඩ් එකෙ ලියල තියෙනව "හරක් බලන්න ගිය හරක් ගොඩක් " කියල ,අන්තිමට බිල තියෙන්නෙ මම විතරයි ,

    ANUMAK ARARALA MAGE DEPATHTHE EUN DENNA NAGITTAWALA BALA GURNE AHUWA.. E THAMA PUSSAGE CLASS GIYA ANTIMA DAVASA... :angry: AGRI WALATA MARU UNA SHAPE EKE :baffled: