කාම ඕඝ

siyalladath

Member
Jul 29, 2009
4,398
69
0
කාම ඕඝ


බුදුරජාණන් වහන්සේ මේ මිහිබට පහළ වූ අතිශ්‍රේෂ්ඨතම ශාස්තෘන්වරයාණෝ ය. උන්වහන්සේ දෙසූ දහම පුද්ගලයාගේ මෙලොව පරලොව සුභ සිද්ධියත් අවසන නිර්වාණාවබෝධය සඳහාත් විවර වුවකි. බුදුරජාණන් වහන්ස් දෙසූ දේශනාවන් නිර්වාණගාමී ප්‍රතිපදාවක් ඔස්සේ ඒකරාශි කිරීමේදී උන්වහන්සේ අනුගමනය කර ඇති මාර්ගය මොන තරම්
බුද්ධිශෝචර වූයේ ද යන්න අපහට ප්‍රත්‍යක්‍ෂ වන්නේ එම දේශනාවන් ඉතා සුපරීක්‍ෂාකාරීව, සියුම්ව විචාරාක්‍ෂියෙන් විමර්ශනය කර බැලීමෙනි. සමස්ත ලෝකවාසී සත්ත්වයාගේ සැපයට, දුකට , බියට සහනයට, සැනසුමට හේතුවන යමක් ඇත්නම් එය ධර්මය තුළින් වටහාදීමට උන්වහන්සේ නිරන්තරයෙන් ම උත්සාහගෙන ඇති බව පැහැදිලිව පෙනෙන්නකි. බුදුරජාණන් වහන්සේගේ “ඕඝ” පිළිබඳ දේශනාව ද එවැන්නකි.
ඕඝ” යනු ගංගා ඇළ දොළවල්වල වේගයෙන් ගලා බසින සැඩ ජල පහරයි. එනම් ගංවතුරයි. ගංවතුරට හසුවූ සියලු දෑ අතරක නොර ඳා එම ගංවතුර විසින්ම මහා සාගරය වෙතගෙන යනු ලබයි. සසර අවිදින සත්ත්වයන් නිර්වාණය නමැති ක්‍ෂේම භූමියට යා නොදී සසර නමැති මහ සයුරෙහි ඇද හෙළන කෙලෙස් “ඕඝ” නම් වේ. ඕඝ යන්නෙහි සරල තේරුම බාධාවකින් තොරව පහළට වේගයෙන් ගලා ගෙන යන ජල ප්‍රවාහය නොහොත් චණ්ඩ සැඩ පහරයි. හසු වුණු සත්ත්වයා, ගිල්වා දැමීම ඔහුට පහසුවෙන් ගැල වී යන්නට නොදීම ඕඝයේ ස්වභාවයයි.
a0909021.jpg
ලෝභාදී චෛතසිකයන් ද ගලා යන ජලස්කන්ධය මෙන් සත්ත්වයන් සසරෙහි ගිලවන බැවින් ද ඒ ධර්ම ස්වකීය සන්තානයෙහි ඇති තාක් ඔහුට ගැලවී යන්නට නොදෙන බැවින් ද ජලස්කන්ධයක් වැනි නිසා ඕඝ යැයි කියනු ලැබේ. සත්වයාට සංසාරය නැමැති සාගරයෙහි ගිල්වන එගොඩ වන්නට ඉඩ නොදෙන ධර්ම ස්වකීය සන්තානයෙහි ඇති තාක් ඔහුට ගැලවී යන්නට නොදෙන බැවින් ද ජලස්කන්දයක් වැනි නිසා ඕඝ යයි කියනු ලැබේ. සත්වයාට සංසාරය නැමැති සාගරයෙහි ගිල්වන එගොඩ වන්නට ඉඩ නොදෙන ධර්ම ඕඝයෝ ය.

දීඝ නිකායේ සංගීති - දසුත්තර යන සූත්‍ර දෙකෙන් ද සංයුක්ත නිකායේ සළායතන සංයුක්තයේ ද ඕඝයෝ ඇති බව සඳහන් වේ. ඕඝ යන නාමය භාවිත වන්නේ් සසරෙහි ගිල්වාලන අර්ථයෙනැයි සාරත්‍ථදීපනී විනය ටීකාව පවසයි. එය ඕඝ ශබ්දයේ එක් අර්ථයකි. රාශිය යනු මෙහි අනෙක් අර්ථයයි.එමෙන්ම අවීචියේ පටන් භවාග්‍රය දක්වා පැතිර සිටි මහත් වූ ක්ලේශ රාශිය ද ඕඝ නමින් හැඳින්වේ. මෙකී ඕඝයෝ සතරකි. එනම්. 1. කාම ඕඝ, 2. භව ඕඝ, 3. දිට්ඨි ඕඝ, 4. අවිජ්ජා ඕඝ යනුවෙනි. කාම ඕඝ පිළිබඳ යම් අර්ථ විවරණයක් කිරීම මෙම ලිපියෙන් කෙරේ.
“කාමය” යනු කැමැත්තයි. ආශාවයි. රුචිකත්වයයි. එපා නොවන ස්වභාවයයි. සත්ත්වයන් ඇලුම් කරන, සොයන යමක් වේ නම් ඒ සියල්ලම “කාමය” යැයි පැවසිය හැකි ය. ඒ සියල්ල රූප , ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පසට ඇතුළත් කොට පඤ්ච කාමය නමින් හඳුන්වනු ලැබේ. සම්බුදු දහම පෙන්වා දෙන ආකාරයට ලෝකවාසී සත්ත්වයාට මෙය එපා නොවන වස්තු පහකි.
සත්ත්වයාට මෙම පංච කාම සම්පත්තිය ග්‍රහණය කර ගැනීමට ඉÁද්‍රිය පහක් ද ඇත. එම ඉÁද්‍රිය පහ නම් 1. චක්ඛු, 2. සෝත, 3. ඝාණ, 4. ජිව්හා, 5. කාය යනුයි. මෙහි චක්ඛු ආදියට “ඉන්ද්‍රිය” යන නාමයත්, රූප ආදියට “ආරම්මවන” යන නාමයත් ධර්මයේ සඳහන් වේ. ඉÁද්‍රිය හා අරමුණු (ආරම්මවන) එකට ගැටෙන විට, එකට හැපෙන විට එය හඳුනා ගැනීමට උපකාරී වන විඤ්ඤාණය පහළ වේ. තේරුම් ගැනීමේ පහසුව සඳහා මෙය මතු සඳහන් ආකාරයට දැක්විය හැකි ය.
ඉන්ද්‍රිය ආරම්මනය ඉද්‍රිය ඥානය
චක්ඛු රූප චක්ඛු විඤ්ඤාණය
සෝත ශබ්ද සෝත විඤ්ඤාණය
ඝාණ ගන්ධ ඝාණ විඤ්ඤාණය
ජිව්හා රස ජිව්හා විඤ්ඤාණය
කාය පොට්ඨම්බ කාය විඤ්ඤාණය
මෙම ඉන්‍ද්‍රය අරමුණු හා ගැටීමේදී පහළ වන ඉÁද්‍රිය ඥානය මගින් සත්ත්වයාට යම් වින්දනයක් ආශාවක් සතුටක් ඇති වේ. අනතුරුව එය නැවත නැවත ලබා ගැනීමේ ආශාව ඇති වේ. පංචකාම වස්තුන්ට ඇති රුචිකත්වයන් එබඳුය.
කොතරම් ලැබුණත් සෑහීමක් නැත. තෘප්තිමත් වීමක් නැත. එනිසාවෙන් ඔහු නිරන්තරයෙන් දුකට, වෙහෙසට පත් වේ. ඕඝයකට හෙවත් සැඩ පහරකට අසුවුවෙකු කරදරයට, හිරිහැරයට, වේදනාවට, ව්‍යසනයට පත් වේ. ධර්මයේ එය නිදසුනක් වශයෙන් පෙන්වා දෙන්නේ ඕඝ නමැති සැඩ පහර ගංගාවක් ප්‍රචණ්ඩ වී නගර , ගම් නියම්ගම්, සතා සිවුපාවුන් යට කරගෙන මහා මුහුදට ගසාගෙන ගලා යන්නාක් මෙන් කාමය ද ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වී සත්ත්වයා සසර නමැති මහ මුහුදට ඇද දමන්නේ ය යනුවෙනි.
කාමය දනවන වස්තු අතර පුරුෂයාට ස්ත්‍රී රූපය ද ස්ත්‍රියට පුරුෂ රූපයද වේ. ස්ත්‍රී රූපය තරම් පුරුෂයා ගේ සිත් අලවන බැඳෙන වශීකරවන අන් රූපයක් නොමැති තරම් ය. එසේ ම පුරුෂ රූපය ද ස්ත්‍රියගේ සිත් අලවන බැඳෙන මත් කරවන වස්තුවකි. පුරුෂයාට ස්ත්‍රියගේ රූපය මිහිරියාවක් සේද, කට හඬ මී පිඬුවක සේද, දිව මී වදයක් සේද, සිරුර විල්ලුද පලසක් සේ ද හැඟෙයි. ඇගේ නුරා බැල්ම කෙස් කළඹ, දත්, දෙබැම, පයෝධර ආදී අංග ප්‍රත්‍යංග ද ඔහුට ඇල්ම බැල්ම ආස්වාදය ;ගන දෙන්නකි. මෙය වනාහි පංච කාමයේ ම එක්තරා පැති කඩකි.
කාමය වනාහි සත්ත්වයා බෙහෙවින්ම දුකට අසතුටට, හිරිහැරයට, කරදරයට, ව්‍යසනයට පත් කරන සසර බැමි තිරසර කරන ගැලවීමෙක් නොමැති සංයෝජන ධර්මයක් ලෙස ද හැඳින්විය හැකිය. මක්‍ධිම නිකායේ අලගද්දූපම, කකචුපම වැනි සූත්‍ර වල කාමයන්හි ආදීනව පෙන්වා දී ඇත.
බුදු දහමෙහි කාමය කොටස් දෙකක් වශයෙන් බෙදා දක්වා ඇති අවස්ථා ද ඇත.
එනම්;
1. වස්තු කාම, 2. ක්ලේශ කාම වශයෙනි. මෙහි සිත පිනවන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යනාදිය වස්තු කාම නම් වේ. කාමය (ඇල්ම) ඇති කරවන ආහාර පාන, ඇඳුම් පැළඳුම් යාන වාහන, ගේ දොර, ඉඩ කඩම්ආදී සියලු වස්තු ද වස්තු කාමයට ම අයත් ය.
මන පිනවන රූප ශබ්ද ආදිය අරමුණු කොට ඇස ආදී ඉඳුරන් පිනවීමට ඇති ආශාව රාගය හෙවත් ඇල්ම ක්ලේශ කාම නම් වේ.
මෙම කම් සැපයන්හි ඇලී ගැලී විසීම, මේවාට ගිජු වීම, සෑහීමට පත් නොවීම තෘෂ්ණාව හේතු වේ. එය නිවන් මගට බාධාවකි.
ඕඝ තරණය පිළිබඳව කරුණු පිරික්සීමේදී ඉතා වැදගත් දේශනාවක් සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයේ ඕඝතරණ සූත්‍රයෙහි හමුවේ. වරක් දේවතාවෙක් බුදුරජණන්වහන්සේගෙන් විමසනුයේ “නිදුකාණෙනි, ඔබ වහන්සේ කෙසේ මේ ඕඝය තරණය කළේ ද යන්නයි. එවිට බුදුරජාණන් වහන්සේ “ඇවැත්නි, එක තැන නොසිටීමෙන් ද, වීර්යය නොකිරීමෙන් ද මේ ඕඝය තරණය කළ බව වදාරති. එම සූත්‍රයෙහි ම සඳහන් වවන ආකාරයට යම් විටෙක පිහිටා සිටිම් ද එවිට ගිලෙයි.
යම් විටෙක වෑයම් කෙරෙම් ද එවිට ඉල්පෙයි. එනිසාවෙන් මම නොපිහිටමින් ද වෑයම් නොකරමින් ද ඕඝය තරණය කෙළෙමි. යනුවෙනි. මෙම සූත්‍රයේ ම පෙන්වා දෙන ආකාරයට ආර්ය අෂ්ඨාංගික මාර්ගයට අනුකූලව කටයුතු කිරීම තුළින් කාමාදී ඕඝ තරණය කළ හැකි ය. සංයුක්ත නිකායේ “ඕඝ” සූත්‍රය මගින් ද පෙන්වා දෙන්නේ කාමාදී චතුර් ඕඝය මැනවින් පසක් කරගැනීමට නම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය ජීවිතය තුලින් ප්‍රශ්ණ කළ යුතු බවකි.

උඩුනුවර තෙළඹුගල නිග්‍රෝධඛෙත්ත මහා පිරිවෙනේ
කහවත්තේ ජිනසිරි හිමි