කාරුණික හදවත් ඇති මිනිසුනි......
කාරුණික හදවත් ඇති මිනිසුනි. පානදුර පින්වත්ත සද්ධර්මාකර පිරිවනේ ගොඩනැගිල්ලක පිහිටා ඇති ආලෝකා වැඩිහිටි නිවාසයේ අසරණ වූ වැඩිහිටියන් 55ක් පමණ මේ වන විට රැකවරණය ලබයි. සියලු දෙනා සියලු අයුරින් අලුත් වන මෙම උත්සව සමයේදී මෙම වැඩිහිටියන් කාලය ගෙවන්නේ තමන්ගේ දූ දරු නෑසිය හිත මිතුරන් අහිමි වීමේ දුකින් සහ තම දුක්බර අතීත මතකයන් තුල තෙරපෙමිනි. මෙම සමාජයේම කොටසක් වන මෙම අසරණ දෙමව්පියන්ගේ දුක නැතිකර දමා ඔවුනටද මෙම උදාවන්නාවූ අලුත් අවුරුද්දේ සතුට සහ අලුත් බව ලඟා කරලීම සිදු කල යුත්තකි. නමුත් එය වැඩිහිටි නිවාසයේ කාර්ය මණ්ඩලයට තනිවම සිදුකල නොහැක්කකි. එබැවින් මෙම අසරණ වැඩිහිටියන් හට අලුත් අවුරුද්ද සදහා අවශ්‍ය ඇදුම් පැළදුම් සහ වෙනත් අවශ්‍යතා සපුරාලීම සඳහා කාරුණික හදවත් ඇති ඔබගේ දායකත්වය හැකි අයුරින් බලාපොරොත්තු වන්නෙමු. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙන මෙම කුසල කර්මය ලබන්නා වූ අලුත් අවුරුද්දද කිරියෙන් පැණියෙන් ඉතිරීමට හේතු වාසනා වන්නේමය.
මේ පිලිබඳ වැඩි විස්තර :-
කාර්යාලය - 0383399155 / 0768783456
ප්‍රධාන පාලක - 0714788556
ලිපිනය - ආලෝකා වැඩිහිටි නිවාසය,
සද්ධර්මාකර පිරිවෙණ,
පිංවත්ත,
පානදුර.
ගිණුම් අංකය - ආලෝකා මානව සංවර්ධන පදනම
148-2-001-7-0016389
(මහජන බැංකුව - පානදුර)
වෙබ් අඩවිය - http://www.alokaeldershome.org
Facebook - http://www.facebook.com/alokaeldershome.org
මේ පිලිබඳ වැඩි විස්තර :-
කාර්යාලය - 0383399155 / 0768783456
ප්‍රධාන පාලක - 0714788556
ලිපිනය - ආලෝකා වැඩිහිටි නිවාසය,
සද්ධර්මාකර පිරිවෙණ,
පිංවත්ත,
පානදුර.
ගිණුම් අංකය - ආලෝකා මානව සංවර්ධන පදනම
148-2-001-7-0016389
(මහජන බැංකුව - පානදුර)
වෙබ් අඩවිය - http://www.alokaeldershome.org
Facebook - http://www.facebook.com/alokaeldershome.org
