කාලය අවකාශය බුදු දහම සහ බිග් බෑන්ග් ගැන ප්‍රශ්නයක්

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    අපි කතා කරන්නේ big-bang singularity එක ගැන මිසක් කාගෙවත් පුද්ගලික මානසික පරිවර්තනයක් ගැන නෙවෙයි. මම මුලින් කිව්වෙත් ඕකයි, ආගම් කැමති නෑ තමන් දන්නේ නැති බව පිළිගන්න. ඒ නිසා මොකක් හරි නමල ඕකට ගැට ගහන්න හදනවා මිසක් පැහැදිලි උත්තරයක් නෑ.

    විද්‍යාවට අනුව කාලය-අවකාශය හටගන්නේ බිග්බැන්ග් එකත් සමග. සූත්‍රයන්ට අනුව කාලය-අවකාශය හටගන්නේ ඒවා ගැන හිතේ සිදුවන සකස්වීමත් එක්ක. අවශ්‍යනම් උපමාවක් විදිහට මෙහෙම හිතන්න. අපේ හිතේ සිදුවෙන පුද්ගලික බිග්බැන්ග් එක තමා මමය මගේය මගේ ආත්මයය කියලා සකස්වෙන මූලික සකස්වීම. ඊට පස්සෙ තමා ඒ "ඉන්න මට" සාපේක්ෂව කාලය-අවකාශය, ඉර හඳ තරු ආදිය සකස්වෙන්නෙ.

    රහත් හිතේ ඒ බිග් බැන්ග් එක සිදුවෙලා නැහැ කියලා ගන්න. එතකොට මමය මගේය මගේ ආත්මයය කියන හැඟීම ගොඩනැගෙන්නෙ නැහැ. එහෙමනම් කාලය-අවකාශය, ඉර හඳ තරු ආදියට කලින් තිබූ වටිනාකම (සත්‍ය වශයෙන්ම හෝ ස්ථිරවම පවතී/ඇත යන්න) තව දුරටත් නැහැ.

    මේකෙන් කියන්න යන්නෙ නැහැ විද්‍යාව පෙන්වන බිග්බැන්ග් එක නැහැ හෝ විද්‍යාව වැරදියි කියලා. කියන්නෙ හුදෙක් බුදුදහම පෙන්වන බිග්බැන්ග් එක වෙනමම එකක්. ඒ විශයන් දෙක ෆවුන්ඩේශන් එකේ සිටම ලෝක විවරණය කරන්නෙ වෙනස්ම ක්‍රම දෙකකට.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,606
    100,839
    113
    මෙහෙම තියරි කොටසක් තියෙනවා

    සිතක් ගත්තොත් ඒකෙ attribute 11k තියෙනවා

    අතීත ,වර්තමාන ,අනාගත (කාලය පිලිබඳ හැගීම )

    දුර, ලග ,ගණ, සියුම් (අවකාශය පිලිබඳ හැගීම )

    හීන, ප්‍රනීත (දුක, සුව පිලිබඳ හැගීම )

    අභ්‍යන්තර ,භාහිර (මම ,ලෝකය පිලිබඳ හැගීම )

    අභ්‍යන්තර කියන එක තමා මම, මගෙ feeling එකට හේතුව . මම හිතනවා කියන එක වැරදි එක අනුව භාහිර කියන්නේ ලෝකය කියන හැගීම.

    සිතුවිල්ලක ඔය 11ම තියෙනවා ප්‍රමුඛ වෙන්නෙ එකක් (imho) එකෙන් තමා ඊලග සිත ඇති වෙන්නෙ ,දැනුත් වෙන්නෙ ඒක.🙂
    ඔය 11 න් මාත්/ඔයත් එක්ක ලෝකය විද්‍යාමාන කරන්න පුළුවන් .
    සිතුවිලි දිහා බලන් ඉදලා තියෙනවා නම් අත්දැකලා ඇති සිත යන විදිහ
    උදා
    මේක තව කල්පනා කරන්න ඕනි
    කොලපාට බොඩ් එක, කොල පාට කමිසය ,තාත්තගෙ කොලපාට කමිසය ,තාත්තා ,තාත්තගෙ බෙහෙත්
    මේක probability එකෙන් බලද්දී මරු connection හැදෙන විධිය. එකකට එකක් අපි සම්බන්ධ කරන්නේ events ගොඩකින්.

    මේක ගැන හැබැයි උත්තරයක්ම නෙමේ 🤔

    1.We live in parallel worlds that never touched.
    2.Yet shaped each other.
    3. If at all if they existed

    උඩ කතාවෙ දිග හැරීම
    1. ඔයාට පේන්නෙ ,ඇහෙන්නේ ,දැනෙන්නෙ ,හිතන්නෙ ඔයාගෙ ආයතන වලින්. අනුන්ගෙ ආයතන වලින් බෑ. ලොකෙ perceive කරන්නෙ තනියම. වෙන කෙනෙක් දුවිල්ලක් වත් දකින විදිහ දැන ගන්න බෑ 😊
    2. ඒත් අපි අනික් අය කරන දෙවල් වලින් වෙනස් වෙනවා. කුරුල්ලෝ කෑගහන සද්දයක් ,කැරපොත්තෙක් වගෙ පොඩි දෙකින් අපෙ perceived ලොකය වෙනස් වෙනවා.
    3. Subjectivity එක ගැන හිතන්නෙ එකම සිද්ධිය අපි වෙනස් විදිහට දකිනවා කියලා . හොදට බලන්න , ඒක සිද්ධි දෙකක් නෙමේද ? 😊
    Objective reality එක මිරිගුවක් ?
    🤷

    ඔයා මට දෙන පොත එක සිද්ධියක් නෙමේ, කාලාවකාශ එකකුත් නෙමේ, ග්‍රින්ත්න්ඩර් කියපු එක වගෙ උත්තරයක් තමා 🤔
    ------ Post added on Jan 7, 2024 at 1:14 PM
    උදව්වක් උනා
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ඕක බයිලයක් වගේ පේන්නෙ උබ ඉන්න මුලික වැරදි උපකල්පනය උඩ..

    හැම සත්වයෙක්ම ඉන්නෙ තමන්ගේ ඉන්ඩ්‍රියෙන් ලබා ගත්ත දත්ත උඩ ගොඩ නගන ලෝකය උඩ...ඔය ගොඩනගන පවුද්ගලික ලෝකවල එකම ඔවලැප් එක උනාම උබ උප කල්පනය කරනව ඒක තමයි රියලිටි එක කියල...

    පිස්සො 100 ක් ඉන්න තැනක...ඔය පිස්සො හැම එකාම ඉන්නෙ උන්ගේ හිතෙන් හදාගත්ත පවුද්ගලික ලෝකවල...ඔතන පිස්සො 95 කටම බෝලයක් එක විදිහටම දොඩම් ගෙඩියක් වගේ පෙනුනොත් ඒක රියලිට් එකක් වෙනවද?

    උබ කියන විදිහටම...රහතන් 99 කුයි සාමාන්ය මිනිස්සු එක්කෙන්කුයි ඉන්න තැන රහතන් වහන්සෙල 99ම බිග්-බැන්ග් එකක් නැ කියද්දි...අරු විතිරක් තියෙනව කියද්ද...උබ කියන විදිහට අරු කියන එක පුද්ගලික ත්ත්වයක් වෙනවනෙ විශ්වයෙ හැමෝටම බිග් බැන්ග් එක නැ කියද්දී...

    විශ්වයේ හැමෝම දෙයකට ඇග්‍රි උන පමනින් ඒක රියලිටි කියන උපකල්පනය වැරදි කියල උබට තේරෙන්නෙ ඕනෙ..

    ඔතන වෙලා තියෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි, ආගමිකයොන්ට යමක් තමාගේ පොතේ නෑ කියල පිළිගන්න බැරිකම. ඒ නිසා මොකක්හරි බයිලයක් ගොතා ගන්නවා. ආගමික පොතුත් vague නිසා වැඩේ ලේසි.

    මෙතන වැඩේ ගලපගන්න ගහන මුක්කුව තමයි පුද්ගලික big-bang singularity එකක් හදා ගන්න එක.

    ඕක මට සම්බන්ධ වෙන්නේ දැනුම හැදෙන හැටි ගැන තියෙන Buddhism තියරි ටිකක් ධර්මකීර්ති හාමුදුරුවන්ගේ(600ad) එතන පැහැදිලි කිරීම වල කියන විදියට අපි දැනුම හදාගන්නේ ප්‍රයෝජනවත් වෙනස් කම් අපි එකපිරියනස් කරන එක උඩ. එක ගැන කියවන පේපර්ස් හැම එකකම වගේ Buddhism වල පැහැදිලි කිරීම ඇතුලේ ඔහොම කාලය නෙවෙයි වෙනසට මුල වෙනස තමා කාලයට මුල කියල ගන්න පුළුවන්. ( වෙනස පැහැදිලි කරන්න තමා කාලය ඕනි)

    ඔයා හිතන එකත් වැරදි නෑ විද්‍යාව විෂය ඇතුලේ එකේ explanation එක්ක.

    අපි හදාගන්න රාමු දෙක සමපාත වෙන්න නැති තැනක එකම දෙට රාමු දෙක ඇතුලේ වෙනස් පැහැදිලි කිරීම් දෙකක් තියෙන්න පුළුවන්.

    මට පැටලිලා තිබ්බේ විද්‍යාව එක්ක බුද්ධාගමේ explanation එක ගැට ගහගෙන බුද්ධාගමට සාපේක්ෂව ඕක තේරුම් ගන්න ගිය නිසා දැන් ඒ dependency එක අයින් කරා ඒ දෙක දෙකක් කියල වෙන් කරා.

    විද්‍යාවේ කියන කාලය සහ අවකාශයෙන් තොර status එක බුද්ධාගමෙන් පැහැදිලි වෙන්නෙත් නෑ වෙන්න ඕනෙත් නෑ. මොකද එක විද්‍යාවෙන් එන යෝජනාවක් නිසා. ඕක ගැන මන් කලින් කිව්වා මොන චින්තනේ වත් පැහැදිලි කිරීමක් නෑ අඩු ගැනේ ඕක යෝජනා කරන විද්‍යාවේ පවා.

    විද්‍යාවට අනුව කාලය-අවකාශය හටගන්නේ බිග්බැන්ග් එකත් සමග. සූත්‍රයන්ට අනුව කාලය-අවකාශය හටගන්නේ ඒවා ගැන හිතේ සිදුවන සකස්වීමත් එක්ක. අවශ්‍යනම් උපමාවක් විදිහට මෙහෙම හිතන්න. අපේ හිතේ සිදුවෙන පුද්ගලික බිග්බැන්ග් එක තමා මමය මගේය මගේ ආත්මයය කියලා සකස්වෙන මූලික සකස්වීම. ඊට පස්සෙ තමා ඒ "ඉන්න මට" සාපේක්ෂව කාලය-අවකාශය, ඉර හඳ තරු ආදිය සකස්වෙන්නෙ.

    රහත් හිතේ ඒ බිග් බැන්ග් එක සිදුවෙලා නැහැ කියලා ගන්න. එතකොට මමය මගේය මගේ ආත්මයය කියන හැඟීම ගොඩනැගෙන්නෙ නැහැ. එහෙමනම් කාලය-අවකාශය, ඉර හඳ තරු ආදියට කලින් තිබූ වටිනාකම (සත්‍ය වශයෙන්ම හෝ ස්ථිරවම පවතී/ඇත යන්න) තව දුරටත් නැහැ.

    මේකෙන් කියන්න යන්නෙ නැහැ විද්‍යාව පෙන්වන බිග්බැන්ග් එක නැහැ හෝ විද්‍යාව වැරදියි කියලා. කියන්නෙ හුදෙක් බුදුදහම පෙන්වන බිග්බැන්ග් එක වෙනමම එකක්. ඒ විශයන් දෙක ෆවුන්ඩේශන් එකේ සිටම ලෝක විවරණය කරන්නෙ වෙනස්ම ක්‍රම දෙකකට.

    ඔව් මේක හරි. විද්‍යාවේ කියන කාලය හෝ අවකාශය නොමැති තත්වය වෙනයි ඔය නිවන සම්භන්ද "බිග්බැන්ග්" (මේක නිකන් නමක් විතරයි සම්බන්දයක් නෑ) එක වෙනයි. මේ දෙක පටලවන්න හොඳ නෑ.

    විද්‍යාවේ යෝජනා කරන big-bang singularity එකට පෙර පසු තත්වෙට කොහෙවත් පැහැදිලි කිරීමක් නෑ. එක හරිද වැරදිද දන්නෙත් නෑ. බුද්ධාගමේ කියන්නේ observer නැති වීම තුලින් කාලය අවකාශයේ වැදගත්කම නැති වීමක්, මේක සම්පූර්ණයෙන්ම වෙනස්.

    ඔයා කියපු "ඉර හඳ තරු ආදියට කලින් තිබූ වටිනාකම" නැතිවීම කියන එක මරු point එකක්. Philosophically ගත්තොත් මේ conversation එකේ වැදගත්ම කොටස ඒක වෙන්න පුළුවන්. cogito, ergo sum එක්ක මේ අදහස ගැලපෙනවා කියල මට හිතෙනවා.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    විද්‍යාවේ කියන කාලය සහ අවකාශයෙන් තොර status එක බුද්ධාගමෙන් පැහැදිලි වෙන්නෙත් නෑ වෙන්න ඕනෙත් නෑ. මොකද එක විද්‍යාවෙන් එන යෝජනාවක් නිසා. ඕක ගැන මන් කලින් කිව්වා මොන චින්තනේ වත් පැහැදිලි කිරීමක් නෑ අඩු ගැනේ ඕක යෝජනා කරන විද්‍යාවේ පවා.
    මෙතන eco-systems දෙකක්නෙ, එකකින් අනික විස්තර කිරීමට යෑම උචිත නැහැ මගෙ හිතේ...

    නූතන (බටහිර) විද්‍යාව හැටියට කාලය, අවකාශය සහ බිග් බෑන්ග් යන මේ ඔක්කොම observer ගෙන් පිටත සිදුවෙන දේවල් හැටියටනෙ ගණන් ගැනෙන්නෙ. observer හොල්ලන්න බැහැ. නමුත් බෞද්ධ දර්ශනය තුල කාලය, අවකාශය, බිග් බෑන්ග් සහ observer එකම ක්‍රියාවලියක් තුල විද්‍යමාන වෙන දේවල්, fix observer කෙනෙක් නැහැ...

    තව දෙයක්, අවකාශයේ ලක්ෂ්‍ය දෙකක් අතර කාලය ගතවීම වෙනස්නෙ, කාලය පටන්ගත්තේ බිග් බෑන්ග් වලින් නම් ඇයි ලක්ෂ්‍ය දෙකක කාල දෙකක්? ඒ ඒ ලක්ශ්‍යන්ට වෙන වෙනම බිග් බෑන්ග්ස් තියෙනවද? වෙන වචන වලින් කිව්වොත් ඇයි කාලය සාපේක්ෂ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,606
    100,839
    113
    තව දෙයක්, අවකාශයේ ලක්ෂ්‍ය දෙකක් අතර කාලය ගතවීම වෙනස්නෙ, කාලය පටන්ගත්තේ බිග් බෑන්ග් වලින් නම් ඇයි ලක්ෂ්‍ය දෙකක කාල දෙකක්? ඒ ඒ ලක්ශ්‍යන්ට වෙන වෙනම බිග් බෑන්ග්ස් තියෙනවද? වෙන වචන වලින් කිව්වොත් ඇයි කාලය සාපේක්ෂ?
    මේක තෙරුන් නෑ
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,378
    2,245
    113
    ඔතන වෙලා තියෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි, ආගමිකයොන්ට යමක් තමාගේ පොතේ නෑ කියල පිළිගන්න බැරිකම. ඒ නිසා මොකක්හරි බයිලයක් ගොතා ගන්නවා. ආගමික පොතුත් vague නිසා වැඩේ ලේසි.

    මෙතන වැඩේ ගලපගන්න ගහන මුක්කුව තමයි පුද්ගලික big-bang singularity එකක් හදා ගන්න එක.

    උබ කියපු දේට තාර්කික පිලිතුරක්නෙ මම දුන්නෙ...එතන තියෙන වැරද්ද තාර්කිකව පෙන්නුවොත් පිලිගන්න පුලුවන්...එහෙම නැතුව කිසිම තර්කයක් නැති පවුද්ගලික උබෙ අදහස මේක මෙහෙමයි...මේක ගැටගගන්න අරකයි මේකයි කියන එකෙන් නම් කාටවත් වැඩක් නැ...උබෙ පවුද්ගලික අදහස් වලට අපේ කිසිම් අවුලක් නැ...හැබයි සන්වාදයකදි පවුද්ගලික අදහස් වලින් නම් තබ සතේකට වැඩක් නැ...උබ නිකන් කියනව විතරයි..

    එතකොට අපි දෙන්නා physical world එකක් ශෙයාකර ගන්නවද? මම පොතක් කියවල ග්‍රින්තාන්දර්ට දෙනවා. ඒක සකස් වීමක්ද නැත්තං වෙන කොහේ හරි තියෙන දෙයක්ද

    මේකට පිලිතුරක් හොයාගත්ත ද?
    ------ Post added on Jan 10, 2024 at 10:51 AM
     
    • Like
    Reactions: gamerlk

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,606
    100,839
    113
    උබ කියපු දේට තාර්කික පිලිතුරක්නෙ මම දුන්නෙ...එතන තියෙන වැරද්ද තාර්කිකව පෙන්නුවොත් පිලිගන්න පුලුවන්...එහෙම නැතුව කිසිම තර්කයක් නැති පවුද්ගලික උබෙ අදහස මේක මෙහෙමයි...මේක ගැටගගන්න අරකයි මේකයි කියන එකෙන් නම් කාටවත් වැඩක් නැ...උබෙ පවුද්ගලික අදහස් වලට අපේ කිසිම් අවුලක් නැ...හැබයි සන්වාදයකදි පවුද්ගලික අදහස් වලින් නම් තබ සතේකට වැඩක් නැ...උබ නිකන් කියනව විතරයි..

    මේකට පිලිතුරක් හොයාගත්ත ද?
    ------ Post added on Jan 10, 2024 at 10:51 AM
    නෑ. දළ අදහසක් විතරයි ආවේ තාම
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    හෙළයෙක් said:
    එතකොට අපි දෙන්නා physical world එකක් ශෙයාකර ගන්නවද? මම පොතක් කියවල ග්‍රින්තාන්දර්ට දෙනවා. ඒක සකස් වීමක්ද නැත්තං වෙන කොහේ හරි තියෙන දෙයක්ද

    නෑ. දළ අදහසක් විතරයි ආවේ තාම

    මෙතන හෙළයෙක් මහත්තය, physical world එකක් කියන්නෙ මොකක්ද කියල define කරන්න වෙනව නේද? ධර්මානුකූලව ඕක බලාගෙන ගියොත් මම හිතන්නෙ රූප (පරමාර්ථ) කියන තැනට මෙහයින් අපිට නවතින්න වෙනව. රූප කියන තැන සත්ව පුද්ගල භාවයක් නැහැ, එහෙනම් කා එක්කද share කරන්නෙ?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,378
    2,245
    113
    නෑ. දළ අදහසක් විතරයි ආවේ තාම

    දර්මයෙදි කරන්නෙ, මනුශ්ය/සත්ව එක්ස්පිරියන්ස් එක ඇනලයිස් කරන එකනෙ...ඕක මුලින්ම කොටස් 5 කර කඩනව (පන්චස්කන්දය ) ඊට පස්සෙ රුප තව 28 කටයි, අනිත් කොටස්, සිත් ගනනාවකටයි, චයිතසික ගනනාවකටයි බෙදනව අයෙත් බෙදන්න බැරි වෙන ගානටම..ඒවට පරමාර්ත් කියනව....තව විදිහකට ගත්තොත්, මනුශ්ය එක්ස්පිරියන්ස් එක රූප, චිත්ත, චයිතසික කියන එලිමෙන්ටල් කොම්පොනෙන්ට්, පරමාර්ත් වලින් පෙන්නනව..

    තේරවාද දර්මයට අනුව...ඔය පරමාර්ත දර්ම පවතින දර්ම විදිහට ගන්නෙ...ඒකෙන් කියවෙන්නෙ නැ සැමවිටම ඇත කියන අන්තය...එතනින් කියවෙන්නෙ සත්වයගේ මනසින් හදාගත්ත දර්ම නොවන කියන එක...ඔබ්සවර් කෙනෙක් මත ඩිපෙන්ඩ් නොවන. මේ දර්ම ත්‍රිලක්ශනයට යටත්...ඒ කියන්නෙ, හේතුසමග ඇති වී නැති වී යන...තනිවම පැවත්මක් නැති දර්ම..මේ පරමාර්ත දර්මවල සකස්වීම, කර්මයට අනුකූලයි.

    අනිත් අතට, සම්මුති දරම, ප්‍රජ්නප්ත් (ඔය දෙකෙ පොඩ් වෙනසක් තියෙනව ) කියන්නෙ..ඔය පරමාරත් දර්ම වල යම්කිසි කොන්විගරේශන් එකක් අවිජ්ජා මනසින් යම්කිසි ආකරයට ඉන්ටෙප්‍රිට් කිරීම..මෙතන, ඔබ, මම, ලෝකය සම්මුති දර්ම.

    "එතකොට අපි දෙන්නා physical world එකක් ශෙයාකර ගන්නවද? මම පොතක් කියවල ග්‍රින්තාන්දර්ට දෙනවා. ඒක සකස් වීමක්ද නැත්තං වෙන කොහේ හරි තියෙන දෙයක්ද"

    දැන් ඔතන, අපි දෙන්න කියද්දි..ඔය කියන්නෙ...පරමාර්ත දර්මවල යම්කිසි සකස්වීමක්, ඔබ සහ මම කියල මනසින් අරගැනීම මිසක්, සත්ය දර්ම නෙවේ...ඒ වගේම පොත දෙනව කියන්නෙ.. යමිකිසි පරමාර්ත් දර්ම සක්ස් කිරීමක් මනසින් ඉන්ටෙප්‍රිට් කිරීමක්...

    දැන් ඔය සියලු දෙයම මනසින් හදාගත්ත දෙයක් උනාම...එතකොට අපි දෙන්නා physical world එකක් ශෙයාකර ගන්නවද? ඕක තියෙන්නෙ කොහෙද කියන ප්‍රශ්නයම වැරදි වෙනව

    මේක වැඩියෙන්ම ලිව්වෙ සමහර තැන්වල මම අහලතියෙනව, සියල්ලම හිතේ මායවක් කියල..එකනිසා පෙන්නන ඕනෙ උනෙ, පරමාර්තයි, ප්‍රජ්නප්ති අතර වෙනස...
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    Big bang ekai budu dahamai ei ban adala karagatte?

    Budu dahame kohe hari big bang ekak gana kiyala thiyamnawada?
    ------ Post added on Jan 10, 2024 at 11:47 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,606
    100,839
    113
    Big bang ekai budu dahamai ei ban adala karagatte?

    Budu dahame kohe hari big bang ekak gana kiyala thiyamnawada?
    ------ Post added on Jan 10, 2024 at 11:47 AM
    කිසිම අදාලත්වයක් නෑ. ප්‍රශ්න දෙකක් දාලා තියෙන්නේ විෂයන් දෙකට 🙂
     
    • Like
    Reactions: SLHodahitha

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,384
    12,660
    113
    Piliyandala
    kalaya wenas wenne na neda? ettatama baluwoth kalaya kiyala deyak na :rolleyes2:
    මටත් පැටලිලා තියෙන්නේ..

    කාලය පවතී කියන්නේ අපි හිතන් ඉන්න යථාර්ථය ඇතුලෙන්?

    කාලය අවකාශය ගැන හොයන්න ආසයි...ඊට කලින් ධර්මය ගැන සියුම්ව තියෙන කාරණා වටහා ගන්න උත්සාහය ගන්නේ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    මෙතන eco-systems දෙකක්නෙ, එකකින් අනික විස්තර කිරීමට යෑම උචිත නැහැ මගෙ හිතේ...

    නූතන (බටහිර) විද්‍යාව හැටියට කාලය, අවකාශය සහ බිග් බෑන්ග් යන මේ ඔක්කොම observer ගෙන් පිටත සිදුවෙන දේවල් හැටියටනෙ ගණන් ගැනෙන්නෙ. observer හොල්ලන්න බැහැ. නමුත් බෞද්ධ දර්ශනය තුල කාලය, අවකාශය, බිග් බෑන්ග් සහ observer එකම ක්‍රියාවලියක් තුල විද්‍යමාන වෙන දේවල්, fix observer කෙනෙක් නැහැ...

    තව දෙයක්, අවකාශයේ ලක්ෂ්‍ය දෙකක් අතර කාලය ගතවීම වෙනස්නෙ, කාලය පටන්ගත්තේ බිග් බෑන්ග් වලින් නම් ඇයි ලක්ෂ්‍ය දෙකක කාල දෙකක්? ඒ ඒ ලක්ශ්‍යන්ට වෙන වෙනම බිග් බෑන්ග්ස් තියෙනවද? වෙන වචන වලින් කිව්වොත් ඇයි කාලය සාපේක්ෂ?

    Agreed, මේ දෙක වෙනස් දේවල් දෙකක් කියන එක තමයි මගෙත් අදහස. greenthunder මතුකරපු අදහස දෙවනි අවස්ථාවේදී බොහොම වැදගත් කියල මට හිතෙන්නේ.

    උබ කියපු දේට තාර්කික පිලිතුරක්නෙ මම දුන්නෙ...එතන තියෙන වැරද්ද තාර්කිකව පෙන්නුවොත් පිලිගන්න පුලුවන්...එහෙම නැතුව කිසිම තර්කයක් නැති පවුද්ගලික උබෙ අදහස මේක මෙහෙමයි...මේක ගැටගගන්න අරකයි මේකයි කියන එකෙන් නම් කාටවත් වැඩක් නැ...උබෙ පවුද්ගලික අදහස් වලට අපේ කිසිම් අවුලක් නැ...හැබයි සන්වාදයකදි පවුද්ගලික අදහස් වලින් නම් තබ සතේකට වැඩක් නැ...උබ නිකන් කියනව විතරයි..

    උඹට ඔච්චර ලොකු දේවල් තේරෙන්නේ නෑ, පොතේ ඔක්කොම තියනවා කියල හිතාගෙන හිටපන් අපෙන් අවුලක් නෑ.
     
    • Like
    Reactions: MalSeven

    Asus_Tech

    Member
    Jan 7, 2024
    9
    11
    3
    every matter made by atoms which is contained electrons, protons and neutron and no one has ever seen these three other than calculating frequencies.

    if there is only dark there is no matter. universe is made by moving one light particle. try to think like a blind person and imaging. Imaging there is only one element identified (Hydrogen). simulate solar system and atom (Hydrogen).
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,378
    2,245
    113
    උඹට ඔච්චර ලොකු දේවල් තේරෙන්නේ නෑ, පොතේ ඔක්කොම තියනවා කියල හිතාගෙන හිටපන් අපෙන් අවුලක් නෑ.

    කවුද බන් පොතේ ඔක්කොම තියෙන්න ඕනෙ කියන්නෙ? .ලොකු දේවල නෙවේ උබටනෙ මේ පොඩි දෙයවත් තේරෙන්නෙ නැත්තෙ... :lol:

    ලෝකයෙන් එපිටට යන ලෝකොත්තර දර්මයක, ලෝකයක වන සන්සිද්දි පොතේ සටහන් වෙන්නෙ අවශ්ය තාවයක් නැ කියලනෙ කිව්වෙ...උබ කියන විදිහට...හෙට අනිද්ද...බිග් බැන්ගෙ එක නෙවෙ...වෙන බැන්ග් එකක් වෙලා තමයි සියල්ල ඇති උනේ කිව්වොත් ඉතින් ඕකත් පොතේ තියෙන්නෙ ඕනෙද? අනේ බන්... :rofl:
     
    • Like
    Reactions: gamerlk

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,391
    2,965
    113
    මාතර
    දර්මයෙදි කරන්නෙ, මනුශ්ය/සත්ව එක්ස්පිරියන්ස් එක ඇනලයිස් කරන එකනෙ...ඕක මුලින්ම කොටස් 5 කර කඩනව (පන්චස්කන්දය ) ඊට පස්සෙ රුප තව 28 කටයි, අනිත් කොටස්, සිත් ගනනාවකටයි, චයිතසික ගනනාවකටයි බෙදනව අයෙත් බෙදන්න බැරි වෙන ගානටම..ඒවට පරමාර්ත් කියනව....තව විදිහකට ගත්තොත්, මනුශ්ය එක්ස්පිරියන්ස් එක රූප, චිත්ත, චයිතසික කියන එලිමෙන්ටල් කොම්පොනෙන්ට්, පරමාර්ත් වලින් පෙන්නනව..

    තේරවාද දර්මයට අනුව...ඔය පරමාර්ත දර්ම පවතින දර්ම විදිහට ගන්නෙ...ඒකෙන් කියවෙන්නෙ නැ සැමවිටම ඇත කියන අන්තය...එතනින් කියවෙන්නෙ සත්වයගේ මනසින් හදාගත්ත දර්ම නොවන කියන එක...ඔබ්සවර් කෙනෙක් මත ඩිපෙන්ඩ් නොවන. මේ දර්ම ත්‍රිලක්ශනයට යටත්...ඒ කියන්නෙ, හේතුසමග ඇති වී නැති වී යන...තනිවම පැවත්මක් නැති දර්ම..මේ පරමාර්ත දර්මවල සකස්වීම, කර්මයට අනුකූලයි.

    අනිත් අතට, සම්මුති දරම, ප්‍රජ්නප්ත් (ඔය දෙකෙ පොඩ් වෙනසක් තියෙනව ) කියන්නෙ..ඔය පරමාරත් දර්ම වල යම්කිසි කොන්විගරේශන් එකක් අවිජ්ජා මනසින් යම්කිසි ආකරයට ඉන්ටෙප්‍රිට් කිරීම..මෙතන, ඔබ, මම, ලෝකය සම්මුති දර්ම.

    "එතකොට අපි දෙන්නා physical world එකක් ශෙයාකර ගන්නවද? මම පොතක් කියවල ග්‍රින්තාන්දර්ට දෙනවා. ඒක සකස් වීමක්ද නැත්තං වෙන කොහේ හරි තියෙන දෙයක්ද"

    දැන් ඔතන, අපි දෙන්න කියද්දි..ඔය කියන්නෙ...පරමාර්ත දර්මවල යම්කිසි සකස්වීමක්, ඔබ සහ මම කියල මනසින් අරගැනීම මිසක්, සත්ය දර්ම නෙවේ...ඒ වගේම පොත දෙනව කියන්නෙ.. යමිකිසි පරමාර්ත් දර්ම සක්ස් කිරීමක් මනසින් ඉන්ටෙප්‍රිට් කිරීමක්...

    දැන් ඔය සියලු දෙයම මනසින් හදාගත්ත දෙයක් උනාම...එතකොට අපි දෙන්නා physical world එකක් ශෙයාකර ගන්නවද? ඕක තියෙන්නෙ කොහෙද කියන ප්‍රශ්නයම වැරදි වෙනව

    මේක වැඩියෙන්ම ලිව්වෙ සමහර තැන්වල මම අහලතියෙනව, සියල්ලම හිතේ මායවක් කියල..එකනිසා පෙන්නන ඕනෙ උනෙ, පරමාර්තයි, ප්‍රජ්නප්ති අතර වෙනස...
    :love:
     
    • Like
    Reactions: ek_rosh