අපි කතා කරන්නේ big-bang singularity එක ගැන මිසක් කාගෙවත් පුද්ගලික මානසික පරිවර්තනයක් ගැන නෙවෙයි. මම මුලින් කිව්වෙත් ඕකයි, ආගම් කැමති නෑ තමන් දන්නේ නැති බව පිළිගන්න. ඒ නිසා මොකක් හරි නමල ඕකට ගැට ගහන්න හදනවා මිසක් පැහැදිලි උත්තරයක් නෑ.
විද්‍යාවට අනුව කාලය-අවකාශය හටගන්නේ බිග්බැන්ග් එකත් සමග. සූත්‍රයන්ට අනුව කාලය-අවකාශය හටගන්නේ ඒවා ගැන හිතේ සිදුවන සකස්වීමත් එක්ක. අවශ්‍යනම් උපමාවක් විදිහට මෙහෙම හිතන්න. අපේ හිතේ සිදුවෙන පුද්ගලික බිග්බැන්ග් එක තමා මමය මගේය මගේ ආත්මයය කියලා සකස්වෙන මූලික සකස්වීම. ඊට පස්සෙ තමා ඒ "ඉන්න මට" සාපේක්ෂව කාලය-අවකාශය, ඉර හඳ තරු ආදිය සකස්වෙන්නෙ.
රහත් හිතේ ඒ බිග් බැන්ග් එක සිදුවෙලා නැහැ කියලා ගන්න. එතකොට මමය මගේය මගේ ආත්මයය කියන හැඟීම ගොඩනැගෙන්නෙ නැහැ. එහෙමනම් කාලය-අවකාශය, ඉර හඳ තරු ආදියට කලින් තිබූ වටිනාකම (සත්‍ය වශයෙන්ම හෝ ස්ථිරවම පවතී/ඇත යන්න) තව දුරටත් නැහැ.
මේකෙන් කියන්න යන්නෙ නැහැ විද්‍යාව පෙන්වන බිග්බැන්ග් එක නැහැ හෝ විද්‍යාව වැරදියි කියලා. කියන්නෙ හුදෙක් බුදුදහම පෙන්වන බිග්බැන්ග් එක වෙනමම එකක්. ඒ විශයන් දෙක ෆවුන්ඩේශන් එකේ සිටම ලෝක විවරණය කරන්නෙ වෙනස්ම ක්‍රම දෙකකට.
Last edited:

