කැලේ යෑම

SENCE

Active member
  • Mar 29, 2016
    276
    70
    28
    කැලේ යැම/ කඳු නැගීම කියන්නේ හොද Sport එකක්. ලංකාවට ටිකක් අලුත් උනාට. :yes::yes:

    ගොඩක් අය ඉන්නවා යන්න ආසයි. නමුත් යන විදිය දන්නේ නෑ. :confused::confused:

    පොඩි විස්තර ටිකක් ලියල දාන්නම් කියල බැලුවේ. පල්ලෙහා තියෙන Topics විස්තර කරන්න පුළුවන්. :cool:

    1. යන තැන්, යන්න පුළුවන් විදිය ගැන විස්තර හොයාගන්න විධිය.
    2. යද්දී ගෙනියන්න ඕනේ දේවල්. කෑම/බෙහෙත්/Tent etc..
    3. අඳින ඇදුම්/සපත්තු/බැග් ගැන. හොයාගන්න හැටි සහ ලංකාවේ ගන්න තියෙන තැන්.
    4. අතරමන් නොවී කැලේ පාරවල් හොයාගෙන යන විධිය.
    5. සත්තු සහ උන්ගෙන් පරිස්සම් වෙන හැටි. :shocked:

    තව සාමාන්‍ය විස්තර කියන්න පුළුවන්. කැමැති කට්ටියට අදහස් share කරගන්නත් පුළුවන්. :D

    ලියන්න වෙන්නෙනම් ලබන සතියේ විතර. වෙලාවක් හොයාගන්න එක පොඩ්ඩක් අමාරුයි. :P

    මේක දැම්මේ එළකිරි එකේ මේ විස්තර ඕනේ අය ඉන්නවද කියල බලන්නත් එක්ක. :D:D
    විස්තර ඕනේ අය Bump එකක් දාගෙන යන්න. තව මොනවා හරි දැනගන්න ඕනෙනම් මේ thread එකේම ඉල්ලන්න.

    එහෙනම් ලගදීම හම්බෙමු. :):)
     
    • Like
    Reactions: sat_12

    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    සාදාරණ ගානකට camping gear ගන්න තැන් දාහන්

    Quality එක ගැනත් හිතපන්. ලාබ බඩුවේ හිලක්ලු නේ..

    එක එක එව්වා එක එක තැන් වලින් තමයි හොයාගන්න වෙන්නේ. එක වහලක් යට හැම දේම අඩුවට නැ. Adventure Seals ලගේ බඩු ගණන්.

    මොනවද ඕනේ?
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට

    Quality එක ගැනත් හිතපන්. ලාබ බඩුවේ හිලක්ලු නේ..

    එක එක එව්වා එක එක තැන් වලින් තමයි හොයාගන්න වෙන්නේ. එක වහලක් යට හැම දේම අඩුවට නැ. Adventure Seals ලගේ බඩු ගණන්.

    මොනවද ඕනේ?

    :yes::yes:එක තමා මචං සාදාරණ ගානකට හොද quality බඩු, ගිනි ගණන් වලට නෙවි :D

    backpack
     

    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    :yes::yes:එක තමා මචං සාදාරණ ගානකට හොද quality බඩු, ගිනි ගණන් වලට නෙවි :D

    backpack

    මේකේ Backpack කැල්ල දැක්කේ පස්සේ නෙ :lol::lol:

    - පිටකොටුවේ 1වන හරස් වීදිය.
    - House of Fashion
    - Edge Sri Lanka (යන්න කලින් පොඩ්ඩක් චෙක් කරලා බලපන්. දැන් තියෙනවද කියල sureම නැ)
    - Dehiwala Nolimit
    - Wallawaththa බෑග් කඩවල් 2-3ක තිබ්බ
    - Kandy Torrinton එක ඉස්සරහ බැග් කඩේ.

    දැන් ගොඩක් තැන් වල තියෙනවා. ඉස්සර වගේ නෙවෙයි.

    3-4Days Trek යනවනම් 50-60L වගේ එකක් බලපන්. Hydration Pack එකත් එක්කම. ටිකක් ගණන් උනත් කමක් නැ හොඳ එකක්ම ගන්න බලපන්. හොඳ Investment එකක්.
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    මේක නියම මාතෘකාවක් මචං.හැමෝටම මේ ඇම්ම නෑ එකයි seen එක.අපි ටිකක් විතර මේකෙ ඉන්න හින්ද මම දන්නා දේවල් ටික දාන්නං.

    1. යන තැන්, යන්න පුළුවන් විදිය ගැන විස්තර හොයාගන්න විධිය.
    • අපි නං ඔක්කොම වගේ බලාගන්නේ ලක්දසුන් site එකෙන් තමා.පස්සේ අදාළ තැනට ගියාම එතන ඉඳන් ඉතුරු ටික හොයනවා.

    2. යද්දී ගෙනියන්න ඕනේ දේවල්. කෑම/බෙහෙත්/Tent etc..
    • කෑම ගැන කිව්වොත් අපි මෙහෙදී හදනවා plan එකක් අපි දවස් කීයක් කැලේ ඉන්නවද වේල් කීයක් උයාගෙන කනවද කීදෙනාද කියන එක බලල ඒ ඒ වෙලාවල් වල කන්නේ මොනාද කියල.ඊට පස්සේ එකට අනුව බඩු ඔක්කොම මෙහෙන් අරන් pack කරන් තම යන්නෙ.අමතරව පොඩි කෑම ජාතිත් ටිකක් අරන් යනවා.අනික අපි කවදාවත් noodles කන්නේ නෑ.
    • බෙහෙත් අනිවා අරන් යනවා.පැනඩෝල්, සිද්දලේප, detol බඩේ අමාරුවක් හැදුනොත් පෙති ,තුවාල වලට දාන ඒවා ඔය වගේ දේවල් තමා.
    • ටෙන්ට් අරන් යන්නෙ නෑ අපි නං.කොහේ හරි ගලක් උඩ ගල් ගුහාවක තම නිදා ගන්නෙ.හැබැයි sleeping bag අරන් යනවා.

    3. අඳින ඇදුම්/සපත්තු/බැග් ගැන. හොයාගන්න හැටි සහ ලංකාවේ ගන්න තියෙන තැන්.
    • ඇඳුම් පුලුවන් තරන් අඩු කරනව.අමතර බරක් අරන් යන්නෙ මොකටද.
    • සපත්තු දාන්නෙ නෑ.සෙරෙප්පු තමා.
    • bag කියන්නෙ hiking bag එකක් ගත්ත පිටකොටුවෙන් 2800 කට.එකයි camera bag එකයි.

    4. අතරමන් නොවී කැලේ පාරවල් හොයාගෙන යන විධිය.
    අනිවා යන තැනක ඉන්න ගමේ මනුස්සයෙක් තමා හොඳම දේ..කීයක් හරි දීල එක්කන් යන්න ඕන.අපි මාප බලන් ගියත් ඒ යන ගමනේ බාධක වගේ දේවල් ගැන එයාලට හොඳ අවබෝදයක් තියෙනව.

    5. සත්තු සහ උන්ගෙන් පරිස්සම් වෙන හැටි.
    සත්තු කියල නං අපිට set වෙලා නෑ බන් ලොකුවට.
    • සර්පයෝ තමා භයානකම.ඒ නිසා පොලව ගැන කල්පනාවෙන් යන්න ඕන ඉස්සර වෙලා යන කෙනා.
    • ඊට පස්සේ අලි සහ දිවිය..තනි අලියෙක් හිටියොත් විනාසයි.ඇ ඇරෙන්න ප්‍රශනයක් නෑ.මග ඇරලා යන්න තියෙන්නෙ.දිවියෙක් නං එච්චර බයවෙන්න දෙයක් නෑ ඌ බයයි මිනිස්සුන්ට.මිනිහෙක් දැක්කොත් දිවියට දවස් 7ක් උන ගන්නවලු.


    අනික් දේවල් තමා ,
    • හොඳ ටෝර්ච් අරන් යන්න යන හැම කෙනාටම එක ගානේ.
    • වැහි කාලෙක යනව නං rain coat .
    • කඹයක්
    • හොඳට කැපෙන පිහි දෙකක් ,මන්නයක්.
    • උයන බඩු ඔක්කොම,අපේ තියෙනව ට්‍රිප් යන්නම ගත්ත හට්ටි මුට්ටි ටිකයි පිඟන් කෝප්ප ටිකයි..
    • camera අරන් යනවා නං ඒවා පරිස්සම් කරන්න ලෑස්ති වෙලා යන්න.අමතර බැටරි අරන් යන්න.
    • පොලිතින් අරන් යන්න එපා..පුළුවන් තරන් අඩු කරන්න.

    මේ ඇති නේ..අපි ගිය කැලේ ගිය ට්‍රිප් ටික පොඩ්ඩක් බලපල්ලා.එතකොට අදහසක් ගන්න පුළුවන් අපි යන ගමන් ගැන.
    http://www.elakiri.lk/forum/showthread.php?t=1610862
    http://www.elakiri.lk/forum/showthread.php?t=1629965
    http://www.elakiri.lk/forum/showthread.php?t=1659130
    http://www.elakiri.lk/forum/showthread.php?t=1671463

    බුදු සරණයි මචං..