කැස්බෝ මස් කාල තියද උඹලා??
මේක ඒ කාලේ ලංකාවේ සාමාන්‍ය දෙයක්.
දැන් තහනම් උනාට මචං මට මතකයි 90 ගණන් වල කැස්බෝ මස්, මාළු කාරයෝ ගෙදෙට්ට පවා ගේනවා විකුනන්න. ඉස්සර මුහුද කිට්ටුව ජිවත් වෙන අයට කැස්බ මස් කියන්නේ සාමාන්‍යයෙන් මාළු කනවා වගේ දෙයක්.. ඒ ලංකාවේ මුහුදේ කැස්බෑවන් ඉතා විශාල ප්‍රමාණයක් හිටිය නිසා. හවසට මුහුද දිහා බලන් හිටියම කැස්බෝ හෙනට ඔලුව උස්සනවා පේනවා පොල් ගෙඩි වගේ, මේකේ ඉන්න සමහර අය දැකල ඇති ඕක. ගොඩක් අය කැස්බෝ බිත්තර පවා බොනවා අමුවෙන්.. ගාල්ලේ කැස්බා කටු වලින් වළලු, කරාබු, මුදු, ඇස් කන්නාඩි ෆ්‍රේම්, පනා සහ තව එකක් එක ඒවා හදනවා. උඹලා දැකල තියනවනේ ඔය නැමි පනා කියන පනවා. ඔය පරණ පොටෝ වල ඉන්න මිනිස්සු ඔලුවේ ගහන් ඉන්නේ රවුම් පනාවක්, අන්න එකත් හදන්නේ කැස්බ කට්ටේන්. විශේෂයෙන්ම ගාල්ලේ පැත්තේ තමයි කැස්බ කටු වලින් කැටයම් බඩු හදන්නේ. සුද්දෝ තමයි ඕවා ගොඩක් ගන්නේ, අපේ අම්ම ගාවත් තිබ්බ ඔය කැස්බ කට්ටෙන් හදපු වළලු. හරිම ලස්සනයි ඒ බඩු, අමුතු දුබුරු පාට වයිරම් තියනව. නැමුවට කැඩෙන්නේ නැ.
කැස්බා මස්, බිත්තර කෑම තහනම් කරේ 90 ගණන් වල මැද හරියේ වගේ කැස්බාවන් වඳවියන්න පටන් ගත්තම. එතකොටත් ගොඩක් හානිවෙලා ඉවරයි කැස්බාවන්ට. හැබැයි තහනම් කරපු ගමන්ම ලංකවේ ගොඩක් මිනිස්සු කැස්බෝ මස් කන එක නැවැත්තුව එකපාරටම. ඒකට ලොකුම හේතුව විදියට මම නම් දැක්කේ TV, radio, පත්තර වලින් මිනිස්සු දැනුවත් කරලා කරපු වැඩසටහන්. දැන් වගේ channel බරගානක් නැ. කීපයයි තිබ්බේ, එවයිත් යන්නේ ඉතා හොද වැඩසටහන් එතකොට. ඒක නිසා ඉතා ඉක්මනට මිනිස්සු දැනුවත් උනා. කැස්බා මස් හොරට විකුණන අයව පොලිසියට අල්ලලා දුන්න සැහෙන්න. ඒ අල්ලලා දීපු නිසා මිනි මැරුම් පවා සිදු උනා. එක නිසා 90ගණන් වල අන්තිම වෙනකොට කැස්බා මස් වෙළදාම සම්පුර්ණයෙන්ම නැවතුන.. එත් දැනටත් හොරට කැස්බාවන් මරණ අය ඉන්නවා. උන් මරල ඒවා විකුනන්නේ දාන්න කියන අයට විතරයි..
මේ ටික ලියන්න පැයක් විතර ගියා ඉතින් මට. ඔය ඇති..
උඹලට කවදාවත් දකින්න නොලැබෙන පින්තුර කීපයක් සහ පොඩි video එකක් මේ. පින්තුර බලල මට බනින්න එපා..
මේ පහල පින්තුර 2ක 1990 ගණන්වල මීගමුවේ මාළු මාකට් එකේ. පේනවා නේද ඔය කපන්නේ කැස්බෝ.
මේ පින්තුරේ අරන් තියෙන්නේ 1990 ගණන් වල ලංකාවට ආපු විදේශික ඡායාරූප ශිල්පියෙක් ..
මේ පින්තුරේ ගාල්ලේ කැස්බෑ කටු වලින් එක එක කැටයම් බඩු හදන කැටයම් කරුවෙක්.
මේ පින්තුරේත් අරන් තියෙන්නේ 1990දී ගණන් වල ලංකාවට ආපු විදේශික ඡායාරූප ශිල්පියෙක් ..
මේ 1964 ලංකවේ වෙරලෙම තියල කැස්බෑවෝ මරණ එකක්. මේක වාර්තාමය වැඩසටහනක කොටසකින් ගත්තේ,.

Last edited: