ඒක තමයි උඹට ඉස්සෙල්ල කිව්වෙ. "සාදු" කියල කියන්නෙ පිනක් සිදු කරද්දි හරි පිනක් අනුමෝදම් වෙද්දි හරි කියන වචනයක්. ඒකෙ තේරුම මේක උතුම් පින්කමක් නැතිනම් උතුම් දෙයක්. මම ඒක දැක සතුටු වෙනව කියන එක. ඒක නිසා තමයි බණ කතාවක් කියද්දි කවුරුහරි නිවන් අවබෝධ කරගත් බවක් කියන වෙලාවට "සාදු" කියන්නෙ. ඒ කියන්නෙ ඒක හොඳ දෙයක්, මටත් කවදහරි ඒ වගේම උතුම් නිවන අවබෝධ කරන්න ලැබේවා කියන එක. ඒ වගේම කවුරුහරි පින්කමක් කරනව දැක්කම "සාදු සාදු අනුමෝදාමි" කියනවා. ඒ කියන්නෙ මේ පින්කම කරපු එක ඉතාම උතුම්, මමත් එය දැක සතුටු වෙනව කියන එක.
"සාදු" කියන්නෙ ඒ වගේ උතුම් වචනයක්. උඹ මෙතන ඒක කුණුහරුපයක් එක්ක එකතු කරල මාතෘකාවක් දාල. එතකොට මේක දකින කෙනෙකුට හිතෙන්නෙ උළුවන් "සාදු" කියල කියන එක අද කාලෙට ගැලපෙන්නෙ නෑ, එහෙම කියන එක ලැජාවට කාරණයක් කියල. ඒ කියන්නෙ වෙන අය පින් අනුමෝදන් කරගැනීමේ පින්කම් කරගන්න එක උඹ වළක්වනවා කියන එක. ඒක පවක්. දැන් වත් තේරුම් ගනින්.