ආගම කියන්නේ බෙදල ඉරි ගහලා ,කූඩු කරලා තියන්න බැරි දෙයක් ...
ලෝකෙ ඕනෑම කෙනෙකුට අය්තියක් තියනවා ඕනෑම ආගමක් අදහන්න .
ඒක් ඒ පුද්ගලයාට දැනෙන, ලැබුණු විස්වාසය අනුව ..ඒ අය කැමති මාර්ගයක් තෝරා ගැනීමට
පුළුවන් ......
ඕකට ......
බුදු රජාණන් වහන්සේ මාර්ගයක් පෙන්නා දී තියනවා .යමෙක් ධර්මය අනුව යන්නේනම් ඔහුට එහි පලය ලැබේ
යමෙක් අධර්මය අනුව යන්නේනම් ඔහුට එහි පලය ලැබේ.....
ක්රිස්තුස් වහන්සේ කියා තිබෙනවා ..ඔබේ ඇදහිල්ල ඔබ සුවපත් කරයි කියා .......
දේසපාලනයට ආගම ගාවගෙන දෙපැත්ත බෙදිලා තවත්..... උන්ට සුරපුර ,දිවිය ලෝක හදන ...
අබිමානවත් රටක් ශ්රී ලංකාව ......
උඩ ටික ලිව්වේ මං ගැන ලියන්න .....
මම කතෝලික මගේ බිරිද බුද්දාගමේ ....
මම කසාද බැන්දේ පල්ලියෙන් ..මිශ්ර විවාහ වලට පල්ලියේ මුළු පුජාවම දෙන්නේ නැහැ බාගයයි දෙන්නේ .....
අනිත් කෙනා ආගමට ආවම විතරයි ..මුළු පුජාවම දෙන්නේ ...
මට නිදහස තිබුන ඕනෑම තීරණයක් ගන්න .......තීරණයක් ගත්ත
එයා එයාගේ ආගමේ මම මගේ ආගමේ ................
පල්ලි යන්නෙත් එකට ....පන්සල් යන්නෙත් එකට .........
දැන් මගේ ආගමේ හැම වැඩක්ම මට වැඩිය කරන්නේ එයා .....
මම අදටත් බුදුන්ගේ දර්මයට ගරු කරනවා ....ඒ අනුව යන්න උත්සාහ ගන්නවා යනවා ...
බිරිදගෙන් බුදු දහමට වෙන්න ඕනේ යුතුකම් ..මගේ අතින් සිදුවෙනවා ....
අපි දෙන්නා වෙනදාටත් වැඩිය ...දහමට නැබුරු වෙලා ....
( හැබැයි මෙතන එක පාදිලි කෙනෙක් වත් ,සංගයා වහන්සේ කෙනෙක් වත් නැහැ )
අදටත් කිසිම ගැටළුවක් ..ඇවිල්ලත් නැහැ එන්නෙත් නැහැ ..
මොකද අපි දෙන්නවම වෙනස් කලේ .....
බුදුන්ගේ දර්මයයි , ක්රිස්තු දර්මයයි....
ඒ උදාර ධර්ම දායාදයට .මැරෙනතුරා ක්රිස්තුන් වහන්සේටත් බුදු රජාණන් වහන්සේටත් , .ගව්රවය කරමි නමස්කාර කරමි ...