reply
erozan
මට කියන්න එන්න එපා අධ්‍යාපනය ගැන , අද පාසැල් වල තියෙන්නේ එහෙම් පිටින්ම ආගමික ස්වරූපයක් , මේ රාමුව ඇතුලේ තමයි හැම එකම උගන්වන්නේ, මේ තත්වය ගොඩක් දරුණූයි බාලිකා පාසැල් වල. මුලින්ම 9,10,11 වසරේදි ළමයින්ට පොඩි දැනුමක් දෙනවා මේ සම්බන්ධව ඊට පස්සේ උසස් පෙළදි කරන්නේ විද්‍යා විශයට යම්තම් උඩින් උගන්වන එක විතරයි.. මේ දැනුම මදියි ප්‍රායෝගික ලෝකයට හරිනම් මේ ගැන දැනුවත් කරන්න ඕනේ හැම කෙනාවම අවුරුදු 12 ඉදලා මොකද වැඩි වියට සාමාන්‍යයෙන් ගෑණූ ළමයෙක් පත්වෙන්නේ 11~12 අතර, පිරිමි ළමයෙක් නම් 14 දී වගේ මේ වයසේ ඉදලා තමයි ඕනම මනුෂ්‍යයෙකුට ලිංගික ආශාව එන්නේ ඉතින් මේ වයසේ ඉදලා උගන්වන්න ඕනේ මෙහි යථාර්තවාදි පැත්ත නමුත් අද ඇත්තටම වෙන්නේ , මේ ගැන කිසිම කෙනෙක් දැනුවත් නොකර හංගන එකයි ආගමික මතවලට මුවා වෙලා.. අනෙක් එක පාසැල් වල ඉන්න ගුරුවරු ඊට වඩා ආගම්වාදින් පාසැල් විෂයෙ තියෙන දේ පවා උගන් වන්නේ නෑ හරියට. මිනිස්සුන්ගේ තියෙනවා ගතියක් කුතුහලය කියලා මේක නිසා ඕනෙම කෙනෙක් අළුත් දේවල් අත්හදා බලන්න යනවා ,දැනුම සොයා යනවා ,එතකොට වැරදි වෙනව වැඩියි ඊට කලින් දැනුවත් වෙලා තියෙනවා නම් වැරදි විමේ සම්භාවිතාව අඩු කරගන්න පුලුවන්..