
ඒ හැම දේම මේකේ තියෙන්නවා. තාමත් ගොඩක් දේවල් හිතේ තියෙනවා. ඒ කාලේ සුන්දර දේවල්..
ම්ම් පළවෙනි කෙල්ලට මුලින් යැව්ව් සින්දුව " සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු" .. එත් ඒ දේවල් එහෙම උනේ නෑ බන්. කෙල්ලෝ 3 කට ආදරේ කරා සිරාවටම.. එයාලට නම් දැන් කොල්ලොත් ඉන්නවා. එත් තාම කතා කරනවා. විස්තර කියනවා. හිතපන් අපි පණ වගේ ආදරේ කරපු කෙල්ල වෙන කෙනෙක් එක්ක යනකොට දැනෙන හැගීම.. ෆට්ට අවුල් යකෝ ඒ වෙලාවට..දිගටම මේක කරන් යමු මචන්.. හිතට දැනෙන නුලක්... පිටුවක් මග අරින්නේ නැතුව කියෙව්වා මචන්. ජීවිතේ ගොඩක් සුන්දර තැන් .. දුක තැන් මතක් උනා. එක එක කෙල්ලන්ගේ ලැබුණු ආදරය එක එක විදියයි..ඒ හැම දේම මේකේ තියෙන්නවා. තාමත් ගොඩක් දේවල් හිතේ තියෙනවා. ඒ කාලේ සුන්දර දේවල්..
ම්ම් පළවෙනි කෙල්ලට මුලින් යැව්ව් සින්දුව " සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු" .. එත් ඒ දේවල් එහෙම උනේ නෑ බන්. කෙල්ලෝ 3 කට ආදරේ කරා සිරාවටම.. එයාලට නම් දැන් කොල්ලොත් ඉන්නවා. එත් තාම කතා කරනවා. විස්තර කියනවා. හිතපන් අපි පණ වගේ ආදරේ කරපු කෙල්ල වෙන කෙනෙක් එක්ක යනකොට දැනෙන හැගීම.. ෆට්ට අවුල් යකෝ ඒ වෙලාවට..දිගටම මේක කරන් යමු මචන්.. හිතට දැනෙන නුලක්...
maath awurudu 16 idan 21 wenakal bokken love karapu ekek thama
kella wenas wuna 3rd shy A/L karain passe
mama pissek novee berune mage ammage adare nisa
oyalage stories serama daanna.wadimal ayage experiences ahanna aasai
Pahala thiyenne mage kathawa
සොළොස් වියෙදි හාද වුන අපි සිහින පොදියක් පොදි බැඳන්
පස් වසක් ගත වුණා නොදැනිම අපේ වයසත් පහු කරන්
නොගැලපෙන බව පැවසුවා ඔබ නොසිතු ලෙස කිසි අන්දමින්
සිතා ගන්නට බැරිවුණා මට ඇයිද කියනුයෙ මේ ලෙසින්
මගුල් පෝරුවකට නගින්නට සිතා සිටියත් එක සිතින්
කොතැන හෝ වැරදුනා අප හට නැවත එක් නොවනා ලෙසින්
පුරා අඩ දශකයක් සිටියත් නොබිඳෙනා යුවලක් ලෙසින්
වෙන් වුනා අප නැවත කිසිදා එක් නොවෙන ලෙස දිවුරමින්
කියූ කෙළිලොල් කතා ඔබ මා තුරුලේ දැවටී සෙනෙහසින්
දැන් මොනවා කරනවා ඇත්දැයි මහද විමසයි විපරමින්
වෙන් වෙලා සිටියත් ඉතින් අපි නාඳුනන මිනිසුන් ලෙසින්
දුකක් නෑ මට සත්තමයි මතකය කලත්තන විට හිතින්
කවද හෝ අපි යලිත් හමුවෙයි අපි අපේ නොවුනත් ප්රියේ
කවද කොහෙදෝ කෙලෙස වේවිද නොදනිමී එය ලබැඳියේ
නොලැබුනත් අතැඟිලි බඳින්නට මැවුව ලෙස අප සිහිනයේ
සුබ පතන්නෙමි ඉදිරි දිවියට මගේ සුදු බෝනික්කියේ !


ඒ හැගීම මාත් වින්දා මචං..





ජීවිතේ ඔහොම තමා බන්. අපිට ඔය දේවල් එක්ක ජීවත් වෙන්න වෙනවා.. වෙන මොන කරන්නද ..![]()
නුලක් යනවා දැකලා මටත් ලියන්න හිතුනා. නවකතාවක් වගේ ලස්සනට ලියන්න දන්නේ නැහැ. මේක කියවලා උබලගේත් හිතට වැදුණු පළමු පෙම ගැන ලියන්න.
මේ හරියටම අවුරුදු 13 කට කලින්. ඒ වෙනකොට මම තනියම කොලබ ඇවිත් තිබුනේ අතේ ඇගිලි ගන්නටත් අඩුවෙන්. එතකොට A/L කරලත් නැහැ. දවසක් තාත්තගේ වැඩකට මට කොලබ එන්න වුන. කොටුවෙන් x පත්තරයකුත් අරගෙන A/C බස් එකකට නැග්ගේ අන්තිම ෂිට් එකට ගිහින් ගෙදර යන්න කලින් පත්තරය කියවන්න හිතාගෙන.
බස් එකට නැග්ගම තමයි දැක්කේ බස් එකේ 2-3 දෙනෙයි හිටියේ. හිටපු එකම ස්ත්රී පරානය වම පැත්තේ තනි ෂිට් එකක ඉන්නවා. හරි ලස්සනයි එයා. පත්තරය කියවන අදහස අයින් කරලා මම ඒ ෂිට් එකටම කෙලින් තියන ඩබල් ෂිට් එකේ ජනේලය ලග එකේ නැතුව අනිත් එකේ ඉදගත්තා.
වෙලාව උදේ 10.30 ට විතර ඇති. බස් එක කොටුවෙන් පිට වෙනකොට මුළු බස් එකටම සෙනග 8 ක් හිටියේ නැහැ. එහෙන් මෙහෙන් වචනේ දාල යන්තම් කතා කළා. එයා මට වඩා අවුරුදු 3 ක් වැඩිමල්. මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්. බහින්න ලංවෙලා නම්බර් එක ඉල්ලුවා. එයා හොස්ටල් එකේ එක තමයි දුන්නේ. ඒ කාලේ හෑන්ඩ් ෆෝන් භාවිතය හරි අඩුයි.
සතියකට පස්සේ මම කෝල් එකක් දුන්න. වචන 4-5 කතා කලේ. ඊට අවුරුද්දකට විතර ආයේ එයාලගේ ෆැකල්ටිය කිට්ටුවට ගිය දවසක කමියුනිකෂන් එකකින් කෝල් කල. එදත් වචන 4-5 කතා කලේ. හැබැයි එය ඇහුව බලන්න එන්නේ නැතිද කියල.
ආයේ මාස 6 කට විතර පස්සේ අහම්බෙන් කොලබදී මට එයාව හමුවුනා. එදා අපි එකට A/C බස් එකක අවා. එදා අපි අතර ගොඩාක් අදහස් හුවමාරු කරගත්තා. ඊට පස්සේ සතියකට සැරයක් විතර මම එයාට කෝල් ගත්තා. ඊලග මාසේ අහම්බෙන් හමුවෙන විදියට ප්ලෑන් කරලම ගිහින් එයා ගෙදර එන දවසේ ගිහින් කොලබදී එයාව හමුවුනා. එදත් අපි එකට A/C බස් එකක අවා.
ගමනාන්තයේදී එයා කිව්වා එයාලගේ ගෙදර එන්න කියලා. මම ගියා. එයාලගේ අම්ම තාත්තට මාව යාලුවෙක් විදියට හදුන්වලා දුන්න.
ඊළගට ආව සිංහල අවුරුද්දේදී එයා මට ෂර්ට් එකකුයි, ලෙදර් පර්ස් එකකුයි, පැනකුයි දුන්න. මම බලාපොරොත්තු නොවුනම දෙයක්. එකක් එයාට ඒ කාලේ සල්ලිත් නැති කාලේ. මටත් නැහැ. ඔය කාලේ එයා ෆෝන් එකක් ගත්තා. මටත් තාත්තගේ එක දුන්න. ඒ නිසා sms වලින් අපිත් චැට් කළා. ඔය කාලේ sms රු 2.50 යි.
එයාට මේ වෙනකොට කොල්ලෙක් හිටියේ නැහැ. දෙන්නෙක් ට්රයි කරනවා කියලා මට කියලා තිබුනා. එක්කෙනෙක් සීනියර් බැච් එකක. අනිකා ගමේ කෙනෙක්. මම එක්ක විතරයි මෙයා බස් වල මෙහෙම ගමන් බිමන් ගිහින් තිබුනේ. මේ වෙනකොට මගේ A/L ප්රතිපල ඇවිත්. පලවෙනි පාර සි 3යි.
අපි සති 2ට විතර සැරයක් හමුවුනා. A/C බස් වල කොලබ ගියා ආවා. මේ වෙනකොට එයාට ගෙදරින් විවාහ යෝජනා එන්න පටන් අරන් තිබුනේ. මෙන්න මේ දවස් වල කෙනෙක් ගැන තීරණයක් ගන්න හදනවා කියලා මට තේරුනා. ඒ ලිස්ට් එකේ මමත් ඉන්නවා කියලා මට තේරුනා. ඒ විතරක් නෙවෙයි එයාගේ ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ මම බවත් මට තේරුණා. මමත් මේ වෙනකොට හිතින් එයාට ආදරය කරනවා.
එත් කියාගන්න තරම් ශක්තියක් නැහැ.
1.එයා මට වඩා අවුරුදු 3ක් වැඩිමල්.
2.මට 1st ටයිම් කැම්පස් යන්න බැරිවුනා. ඒ වෙනකොට මම ජෝබ්ලස්
3.එයා හෙට අනිද්දා ඩොකෙක්
4.අවුට් වුන ගමන් එයාව බන්දන්න ගෙදර අයට හිත තියනවා. ( බදින්න තරම් මම ස්ථාවර නැහැ)
5.ඒ වගේම එයාලගේ ගෙදර අය මම එයත් එක්ක යන එන එකට කැමැත්තක් තිබුනෙත් නැහැ.(අපි ආදරය ප්රකාශ කරලා නොතිබුනාට සතියකට සැරයක් හමුවුනා. ඇවිදින්න ගියා. ෂොපින් ගියා.)
අන්තිමට එයා ගමේ කෙනාට කැමති වුනා. එයත් නොකියපු මමත් නොකියපු අපේ පළමු ආදරය ඊටත් අවුරුද්දකට විතර පස්සේ අපි දෙන්නම කතාවෙලා වෙන් වෙන්න තීරණය කළා. එත් අපි එක්කෙනක් වත් අපේ හිතේ තිබුණු ආදරය කියන්න ගියේ නැහැ.
අහම්බෙන් මේ ලගකදී එයාව හොස්පිටල් එකකදී හමුවුනා.මගේ නම්බර් එකත් ඉල්ලා ගත්තා. මටත් නම්බර් එක දුන්න.
දැන් එයා බැදලා බබාලා දෙන්නෙක් ඉන්නවා.
මමත් බැදලා බබෙක් ඉන්නවා.
එක හරි සුන්දර ආදරයක්. මම කාලයක් එයාගේ ආරක්ෂකයා වුනා. අපි දෙන්න කාගේවත් චරිත ඝාතනය කරගන්න ගියේ නැහැ. අන්න ඒ විශ්වාසය නිසා අදටත් අපිට එදා වගේම හමු වෙන්න පුළුවන්.



..marry කරන්න යන්නේ මේ අවුරුදේ අග හරි ඊලග අවුරුදේ මුල මන් දන්න මගේ යාලුවෙක්ව එයා..

ඉස්කෝලේ යන කාලේ ආදරය කරලා නැ..ඒ කාලේ කලේ කොල්ලේ එක්ක පිස්සු කෙලපු එකයි රග්ර ගහපු එකයි.හැබයි ඉස්කෝල famous මම .ඉස්කෝලෙන් අයින් උනට පස්සේ තම 1st love එක උනේ.එයාට මුලින්ම යවපු සින්දුව තමා වික්ටර් රත්නායගේ ආෂා නිරාශා මැවු සින්දුව..එයගේ නම නිරාශා..marry කරන්න යන්නේ මේ අවුරුදේ අග හරි ඊලග අවුරුදේ මුල මන් දන්න මගේ යාලුවෙක්ව එයා..
![]()
mage yaluweka wa bn marry krana yane..eya ain kala bn mawaඒ කිව්වේ බං..?
mage yaluweka wa bn marry krana yane..eya ain kala bn mawa


අවුරුද්දක් විතර ට්රයි කරලා තමා යාළු උනේ..යාළුවෙලා හිටිය කාලෙ මම අතින් අල්ලලා තියෙන්නේ එකම එක පාරයි..ඒකත් මාර බයෙන්. මගේ අතේ හොදටම දාඩිය දාලා තිබ්බේ බයටම
සිරාවටම පට්ට නූලක්..නෙතට පුංචි කදුලක් ගේන්න පුලුවන් උනා කිව්වොත් නිවැරදියි..අවුරුද්දක් විතර ට්රයි කරලා තමා යාළු උනේ..යාළුවෙලා හිටිය කාලෙ මම අතින් අල්ලලා තියෙන්නේ එකම එක පාරයි..ඒකත් මාර බයෙන්. මගේ අතේ හොදටම දාඩිය දාලා තිබ්බේ බයටම
අගෝස්තු නිවාඩුවට කලින් මෙන්න මේ සිංදුව මම ලියලා යැව්වේ..එතකොට යාළු වෙලා හිටියේ නෑ.. ඒ ලියුමට උත්තරයක් ගන්න මාසයක් බලන් ඉන්න උනා..
ඒකාලේ ලියපු ලියුමක් මේ..දීපු ගොඩක් ලියුම් කියවලා අහපවු මටම ගෙනත් දුන්නා.. ඒ උනාට එක ලියුමක් විතරක් අහපවු ගෙනත් දුන්නේ නෑ..තාමත් ඒක එයා ලග තියෙනවලු. මට දැන් මතකත් නෑ මොනාද මම එකේ ලිව්වේ කියලා
![]()