කොළඹට කිරි ගමට කැ**රි..
දැන් අපේ රටේ ලොකු මිනිසුන්ගේ දරුවන්ට එක විදිහකටත්, දුප්පතාගේ දරුවන්ට තව විදිහකටත් සලකන්නෙ. ලොකු අයගේ දරුවන්ට රෑට ලයිට් දාගෙන රගර් තරග, කාර් රේස්, සතුටු වෙන්න රක්ෂිත ඇතුළෙ සංචාරක නිකේතන, ඉන්දියාවෙන් නළු නිළියෝ, පොත්ත රතු ගායිකාවෝ, 20-20 ක්‍රිකට් තරග. මේවට වියදම් කරන්න ආණ්ඩුවට ඕන තරම් සල්ලි තියෙනවා. ජාත්‍යන්තර ක්‍රීඩා තරග පවත්වන්න කෝටි ගණන් වියදම් කරන්න සල්ලි තියෙනවා. තවත් ජාත්‍යන්තර තරග අපේ රටට ගේන්න කෝටි ගණන් වියදම් කරනවා. සමහර උත්සවවල ප්රචාරයට විතරක් වියදම් කරන මුදල් කොපමණද? ලොක්කො කරන මේ වියදම් දකින අපිටම මේ අය කියනවා "අනේ කොහොමද බස් දාන්නෙ දැනටම ආණ්ඩුවට බිලියන 4 ක්ම වියදම් යනවා රටේ ජනතාවට ප්‍රවාහන පහසුකම් දෙන්න" කියලා. රටේ ප්‍රවාහනයට මෙච්චර වියදම් කරලා අපි කොහොමද තවත් බස් දාන්නේ කියලත් අහනවා. අනේ පව් රටේ මිනිස්සු. ලොක්කන්ට සතුටු වෙන්න ජෝගි නටන්න වියදම් කරන්නෙත් අපේම බදු සල්ලි නේද කියලා අහන්න එකෙක් නැහැනේ. රටකට ගිය කලක්. මේක මහ පුදුම කාලයක්. සල්ලාල දේශපාලුවන් පුංචි කෙලි පැටික්කියන් එළිපිටම වෙන්දේසියේ දානවා. තවත් පැත්තකින් කන්න තියා ලෙවන්නටවත් බැරි තරමට අහස උසට ජීවන වියදම වැඩි වෙලා. ඒත් ඉතිං දේශපාලුවන්ට නම් කිසිම ගානක් නැහැ, උන්ගේ "ආතල්" ටික අඩුවක් නැතිව ගන්නවා. මේවා ඉතිං අපේම මෝඩකම් තමයි. ඒත් කාටවත් හැමදාම අවුරුදු කන්නත් බැහැනේ. පොඩි මිනිස්සුන්ගේ විඳවිල්ල කවදාහරි ලොකු විනාශයක් එක්ක එළි බහින දිනයකුත් ළඟදීම උදා වෙයි. කොහොම හරි අපේ ප්‍රශ්න තේරුම් ගන්න, අපේ පොඩි එවුන්ගේ ජීවිත සුරකින්න පොළොවෙ පය ගහලා ජීවත් වෙන මිනිස්සු ලොකු පුටුවලට යනව නම් හොඳයි."
"කොළඹ වෝල්වෝ ඒ.සී. බස් දාන සල්ලිවලින් මේ වගේ දුප්පත් ගම්මානවලට බස් කීයක් නං ගන්න පුළුවන්ද? එහෙම වියදම් කරන්න රජයට සල්ලි තියෙනවා නම් ඇයි අපේ ගම්මානවලට බස් දාන්නෙ නැත්තේ. අපිට වෝල්වෝ ඒ. සී බස් එපාෘ අඩුම තරමින් උදේටවත් බස් දෙකක් අපේ පාරෙ ධාවනය වෙනවා නම් අපේ දරුවෝ මැරීගෙන එකම බස් එකකට එල්ලෙන්න දඟලන්නෙ නැහැ. ගමට ජීවිතයක් අහිමි වුණා. ඒ ගැනවත් හිතලා දැන්වත් අපේ ගමනාගමන ප්‍රශ්නයට විසඳුමක් දෙන්න. ලංගමය මේ පාරට බස් දාන්නෙත් නැහැ. තියෙන කුහකකමට ප්‍රයිවට් බස් දාන්න ඉඩ දෙන්නෙත් නැහැ. මොකක්ද මේකෙ තේරුම. මුදල් වැඩියෙන් ගියත් කමක් නැහැ අපිට නොමැරී ගමනක් බිමනක් යන්න ප්‍රයිවට් බස් එකක්වත් අපේ පාරෙ ධාවනය කරන්න ඉඩ දෙන්න කියලා අපි කියමු.
http://www.divaina.com/2012/07/15/feature09.html