අපෝ බං ..ඉස්සර බයියා.. දැන් බයියා නෙවෙයි කිය කිය මරාගෙන වැඩක් නෑ බං

මං හිතන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගෙන් බහුතරයක් ජීවිතේ යම්කිසි කාලෙක බයියො වෙලා ඉඳල තියෙනව මට හිතෙන විදිහට නං
ඔය ටැග් කරපු නම් වලත් මම පුද්ගලිකව අඳුරන උන් කීප දෙනෙක් ඉන්නව වුන් දැන් බයියෝ නෙවෙයි.. එහෙම වෙන එක අවුලක් නෑ මම කියන්නෙ.. 2013/14වෙනකන් මාත් බයියෙක්
මෙතන වැඩේ තියෙන්නෙ ඒක නෙවෙයි.. එලකිරිය කියන්නෙත් සමාජයක් නේ.. එතකොට මේක අපේ ඇත්‍ත සමාජයේම ඔන්ලයින් පැතිකඩක්, එතකොට ඇත්ත සමාජයේ වගේම මේකෙත් ඉන්නව සෙට් එකක් , ටිකක් සීනියර්.. වයසිනුත් වැඩි, අපි සමාජයේ හඳුන්වන අත්දැකීම් බහුලයි කියල ගරු කරන කොට්ඨාසයක්. මට පොරොවල් එක්ක කිසිම ඇරියස් එකක් නෑ... එලකිරිය ඇතුලේ මම වුනත් ඒ මිනිස්සුන්ට ගරු කරනව... හැබැයි වුන් වැරදි වැඩක් කරනව.. ගොඩක් ඒ වගේ ගෝඨාව ගේන්න දරදිය ඇදපු සීනියර් බයියෝ දැන් පේන්න නෑ.. ගොඩක් mcc/ ecta ගැන එහෙම මේකෙ ගියපු ත්‍රෙඩ් කියවල මමත් සිරාවටම දැනුවත් වුනා.. දැන් වෙලා තියෙන්නෙ එහෙම පොරවල් හැංගිලා.. එක්කො තාමත් ගෝඨා ගැන හිතේ කොනක හරි බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නව. නැත්තන් සේරම එපා වෙලා

ඒක සාදාරණයි ඉතින්.
හැබැයි ඒ වැඩේ වැරදී.. තමන් දෙයක් හරි කියන්න ඉදිරිපත් වුනා නං යම් වෙහෙසක් දැරුව නං ඒකෙ වගකීමත් තමං ගන්න ඕන. අඩුම තරමේ තමංගෙ අතින් වරදක් වුනා කියල හිතෙනව නං(එහෙම හිතෙනව නං) ඒක නිවැරදි කරන එකත් තමන්ගෙ වගකීමක් බව තේරෙන්න ඕන.
අන්තිමට කියන්න තියෙන්නෙ ඉතින් ඡන්දේ දෙන්නෙ කාටද කියන එක, එක එකාගෙ පුද්ගලික අයිතිය. අපි මේ ගන්නෙ පොඩි ආතල් එකක්

ඒකට ට්‍රිගර් වෙනවද නැත්ද කියන එකත් තමන්ගෙ අයිතිය