ගණීත සිංදු

imscncl

Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    මචන්ලා
    ගණිතය
    සම්බන්ද
    උන සිංදු
    මොනවද
    තියෙන්නෙ

    සමකෝණි තිකෝනයේ
    වෙරලු ගෙඩිය හරි අටකට
    වගේ......
     
    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් ගව මස් කියලා....
    බලනු තුන්සිය හැට පහ වැඩිකර තිස් පහ යොදලා.....
    ගනන දොලොස් දහස් හත්සිය හැත්තෑ පහක් වෙලා....
    ඔබට තේරුනාද ඔබ කල පව් දුරදිග නොබලා....
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    sandak besa giya awara gire.. dinak uda karala..

    .....
    Ganan thamay mage hithata wade.. nitharama waradinawa...
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එක වරක් ඔබට මා එපානම් සියදහස් වාරයක් එපා මට ඔබ එපා

    අඩි 100 පාර ගාව
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වලා ගේ ගීතය
    "පා ...වේ වලා "
    (වික්ටර් රත්නායක)

    වැස්සට අහුවෙලා මැරිච්ච එකාගේ ගීතය
    " මලේ හැන්දෑවේ වහින වෙලාවේ "
    (ක්ලැරන්ස් )

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    සමකෝණී ත්‍රිකෝණයකි
    ඔබත් මාත් ඇයත් තිදෙන
    ඔබ එක මුල්ලක සිටියා
    ඇය තව මුල්ලක හිටියා
    නෙත් හතරක පහස ලබා
    මම මේ මුල්ලේ හිටියා

    ඔබ මගෙ ආදරය පතයි
    ඇය මගෙ ආදරය පතයි
    දෙදෙනාටම මාත් හිතයි
    ත්‍රිකෝණයේ පාද සමයි

    සමච්ඡේදනය කරලා
    දෙන්නට බෑ පෙම බෙදලා
    අපි තුන්මුල්ලටම වෙලා
    ඉමු මුහුණට මුහුණ බලා

    ගායනය :- දයාරත්න රණතුංග
    පද රචනය :- සමන් චන්ද්‍රනාත් වීරසිංහ
    සංගීතය :- දයාරත්න රණතුංග

    සිංහල ගීත සාහිත්‍යයේ අමරණීය නිර්මාණ පවතී. ඒවා අමරණීයත්වයට පත්වන්නේ ඒ තුළ ඇති අපූර්වත්වය නිසා ය. පිළුණු අනුභූතීන් වෙනුවට නැවුම් අනුභූතීන් සොයා ගිය ගේය පද රචකයන් නිසා මේ අපූර්වත්වය ගීත සාහිත්‍යයට එක්වී තිබේ. මීට වසර හතළිහකට පමණ පෙර බිහිවූ මේ නිර්මාණය ද අපූර්වත්වය සඳහා කදිම නිදසුනකි. පාසල් ප්‍රේමයක රැඳි බොළඳ බව කැටිකරගත් අපූර්ව ඉදිරිපත් කිරීමක් මෙහි අන්තර්ගත ය.

    මෙහි මුණගැසෙන යෞවනයාට අනංගයා මල් හී දෙකකින් සංග්‍රහ කොට තිබේ. යුවතියන් දෙදෙනෙකුගේ නේත්‍ර පූජාවට ඔහු හසුවෙයි. ඉන් ගැලවීමට ඔහුට අවශ්‍යතාවක් නොමැත. දෙදෙනා නිසා ම මේ යෞවනයා ආස්වාදයක් ලබයි. මේ තත්ත්වය අපූර්වතම රූපකයක් බවට රචකයා විසින් පත්කරනු ලබයි. ඔහුට සිහිවන්නේ පාසලේ ඉගෙනගත් ගණිත පාඩමකි.

    ”සමකෝණී ත්‍රිකෝණයකි
    ඔබත් මාත් ඇයත් තිදෙන
    ඔබ එක මුල්ලක සිටියා
    ඇය තව මුල්ලක හිටියා
    නෙත් හතරක පහස ලබා
    මම මේ මුල්ලේ සිටියා

    රසිකයා තුළ සැබැවින් ම ත්‍රිකෝණයක සංකල්ප රූපයක් ජනිත කිරීමට රචකයා උත්සාහ කරයි. තිදෙනකු මුල් කරගත් ප්‍රේම ගැටලු වස්තු කරගත් තවත් අවස්ථා සිංහල ගීත සාහිත්‍යයේ වරින් වර හමුවෙයි.

    ”මට මෙන් ඔහුට ද කඳුල ඔබයි
    කඳුල ඔබයි
    හසරැල්ල ඔබයි
    (මිල්ටන් මල්ලවආරච්චි)

    එසේ ම ප්‍රණීත් අභයසුන්දරයන් ගේ පද රචනයක් සනත් නන්දසිරි ගායනා කර තිබුණේ ද, පෙම් ත්‍රිකෝණයක් සිහිගන්වමිනි.

    ”වරදක් කළත් හිතකින් නොවේ
    රිදවන්නෙ පළිගන්නෙ ඇයි
    ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්
    මට මාගෙ ඇස් දෙක වගෙයි..”
    (මහාචාර්ය සනත් නන්දසිරි)

    මේ කිසිදු නිර්මාණයක අනුභූතිය ගැඹුරින් ස්පර්ශ නොකළ ද මේ සෑම ඉදිරිපත් කිරීමකම චමත්කාරයක් ගැබ් වී පවතී. මෙවැනි අනුභූතීන් පාසල් සමයේ අතිශයින් සුලබයි. එහෙත් බොහෝවිට දක්නට ලැබෙන්නේ යුවතියකට තරුණයන් දෙදෙනකුගේ ඇල්ම බැල්ම වැටෙන ආකාරයයි. එහෙත් මෙහි විශේෂත්වය වන්නේ යුවතියන් දෙදෙනෙකු ගේ දෑස් එක් තරුණයකු වෙත යොමු වී තිබීමයි.

    ”ඔබ මගෙ ආදරය පතයි
    ඇය මගෙ ආදරය පතයි
    දෙදෙනාටම මාත් හිතයි
    ත්‍රිකෝණයේ පාද සමයි...”

    මෙහි අනෙක් විශේෂත්වය වන්නේ මේ යුවතියන් දෙදෙනාටම ඔහු සමසේ ප්‍රේම කිරීමයි. එකියක හෝ අතහැර දැමීමට ඔහු තුළ ඇත්තේ ලෝභයකි. මෙහි අපූර්වත්වය වන්නේ ඔහු ආශා කරන ගණිත පාඩම තවදුරටත් මේ ඔස්සේ තහවුරු කරගැනීම නිසා ය. මේ සිද්ධියෙන් ඔහු දකින්නේ සමපාද ත්‍රිකෝණයකි. එම්.එස්.ප්‍රනාන්දුගේ පැරණි ගීයක් මට මේ මොහොතේ සිහිවෙයි. එහිදී රන්එතනා සහ කළුඑතනාට තරුණයකු මැදිවෙයි.

    ”රන් එතනා සිනාසුණොත්
    කළු එතනා කෝප වෙනව
    කළු එතනා සිනාසුණොත්
    රන් එතනා තරහ වෙනව“

    (එම්.එස්.ප්‍රනාන්දු)

    දැන් අප තරුණයාට ද මූණදෙන්නට සිදුවී ඇත්තේ මේ හා සමාන අනුභූතියකටයි. දැන් ඔහුගේ ප්‍රේමය පුදදෙන්නේ කාටද? මේ ගැටලු ව දැන් වහා නිරාකරණය විය යුතුය.

    මේ ගීයේ මතුපිටින් දිවෙන හාත්ස්‍යජනක ආකෘතිය යටපත් කරමින් ඉතා හැඟීම්බර අවසානයක් කරා ක්‍රමයෙන් ළඟාවනු දැකිය හැකි ය. තරුණයාගේ මානුෂීය බව වඩාත් ම ගීතය අවසානයේ ඉස්මතු වෙයි.

    සාමාන්‍ය ජීවිතයේ දී සිදුවන්නේ, එකිනෙකාට නොදැනුවත්ව ම දෙදෙනා ම ඇසුරු කිරීමට අවස්ථාව සලසා ගැනීමයි. එහෙත් මේ තරුණයා තම හිතවතියන් දෙදෙනාට එබඳු අසාධාරණයක් සිදු නොකරයි. එකෙකුට ළං වුවහොත් අනෙකාගේ හිත රිදෙන බව ඔහු දනියි. ආදරයේ නාමයෙන් එබඳු හිතරිදවීමක් කිරීමට ඔහු පෙළඹෙන්නේ නැත. ඒ නිසාම ඔහු විශාල ආත්ම පරිත්‍යාගයක් කරයි. එනම් නිහඬව සිටීමයි. ඒ විසඳුම ද ගණිතමය විසඳුමක් වීම නිසා රසිකයා ලබන ආස්වාදය ප්‍රබල ය.

    ”සමච්ඡේදනය කරලා
    දෙන්නට බෑ පෙම බෙදලා
    අපි තුන්මුල්ලට ම වෙලා
    ඉමු මුහුණට මුහුණ බලා”

    මේ තරුණයා බොළඳ ප්‍රේමය වුවද අවබීධයෙන් විඳින්නකු බව පැහැදිලි වෙයි. ත්‍රිකෝණයක් නම් සමච්ඡේදනය කොට දෙපසට සමබර ව බෙදා දැක්විය හැකිය. එහෙත් ආදරය බෙදා දිය නොහැකිය. බෙදිය හැකි වුණත් සම සම ව බෙදිය නොහැකි ය. මේ ආදරය ද එසේ බෙදන්නට හැකි ය. එහෙත් එය සමබර නොවන බව ඔහු දනී. තමා අසල නිතර ගැවසෙන එක පන්තියේ එකට ඉගෙනගන්නා මේ යුවතියන්ට එබඳු චපල ආදරයක් පිදීමට ඔහු සූදානම් නැත. ඒ නිසා හිතවත්කම් පළුදු කරගැනීම වෙනුවට මේ ආකාරයෙන්ම පැවැතීම වඩා යහපත් බව ඔහුගේ නිගමනයයි.

    ”අපි තුන් මුල්ලට ම වෙලා
    ඉමු මුහුණට මුහුණ බලා”

    නිර්මාණය ආරම්භයේ දක්නට ලැබුණු හාත්ස්‍ය රසය මැකී ගොස් ශෝකී රසයක් ගීය අවසානයේ දී ශ්‍රාවකයා අතර ඉතිරි වේ. දයාරත්න රණතුංගයන්ගේ ගී නිර්මාණ අතර මේ දුලබ අත්දැකීම් සහිත නිර්මාණ බහුල ය. “රූං පෙත්ත කැරකෙනවා”, ‘සඳ මා හා සිනාසුණා”, “චාරුලතා”, “මංගල මධු සමය පතා”, “ගී ලියන්න මට කීවේ”, ආදී නිර්මාණ ඉන් අතළෛාස්සකි. එසේම ශෘංගාරය මෙන්ම ශෝකය ද මුසු වූ අපූර්ව හඬක් ද ඔහු සතු විය.

    මේ බොහෝ ගීත අපට ඇසුණේ මීට දශක ගණනාවකට ඈත ය. අද ගීතය තාක්ෂණික වශයෙන් බොහෝ දියුණු වී තිබේ. එහෙත් සිංහල ගීතය ආත්මීය වශයෙන් තාක්ෂණයේ දියුණුව සමඟ ගමන් කර නොමැත. එයට එක් හේතුවක් වන්නේ සාහිත්‍ය ඥානය නොමැති ගේය පද රචකයන් නිර්මාණකරණයේ නිරතවීමයි.

    - ධම්මික බණ්ඩාර
    උපු‍ටා ගැනීමා සිළුමිණ පුවත්පතින්)
     
    • Like
    Reactions: Kudnadun

    මේක වැරදියි කොල්ලො(රතු පාටටික).මේකෙ තේරුම වෙන එකක්.අම්ම සහ කෙල්ලට මැදි වෙච්ච කොල්ලෙක් ගැන තමයි මේකෙන් කියන්නෙ
     
    Last edited:

    chanaptc

    Member
    Nov 15, 2014
    384
    21
    0
    34
    මාතර
    :
    වලා ගේ ගීතය
    "පා ...වේ වලා "
    (වික්ටර් රත්නායක)

    වැස්සට අහුවෙලා මැරිච්ච එකාගේ ගීතය
    " මලේ හැන්දෑවේ වහින වෙලාවේ "
    (ක්ලැරන්ස් )

    :D:D:D:D:D:D