ගල්ෆ් ලයිසන් වීසා ගන්නවද?ගන්නවද?
අපි ලංකාවේ භාවිතා කරන ලයිසන් එක මැද පෙරදිග රටවලට වලංගු වෙන්නෙ නෑ කියලා උඹලා දන්නවා ඇති,ගල්ෆ් ලයිසන් නැති නම් ඩ්‍රයිවින්ග් වීසා එකකට ඇප්ලයි කරන්න පොඩි වැඩ ටිකක් මූලිකව කරගන්න ඔනා,ඒක ගැන මේ ත්‍රේඩ් එක දාන්නෙ,
ගල්ෆ් ලයිසන් එක ගන්න නම් අනිවාර්යයෙන් ලංකාවෙ ලයිසන් එක ඇත්ත කියලා අපිට සත්‍ය වාර්ථාවක් ගන්න ඔනා මුලින්ම,ඒකට යන්න ඔනා වේරහැර,DMT එකට
එතනට උදේම ගියාට වැඩක් නෑ,කවුන්ටර් අරින්නෙ 8.30ට.
ඒ නිසා රස්තියාදු නොවෙන්න යන තරමට තමයි හොඳ.වටේ පිටේ ඉන්න කාක්කො එක්ක ගනුදෙනු තියාගන්න එපා
මටත් ඇවිත් මල්ලි 2000ක් දෙන්න විනාඩි 5න් වැඩේ කරලා දෙන්නම් කියලා සල්ලි ඉල්ලුවා,මේ වෙලාවෙ අමාරුයි අයියෙ ගතමන්ට් එකක් ලඟ නෑ කියපල්ලා එහෙම උනොත්.8.30ට එතන ගේට් එකෙන් ඇතුලට ගිහින් H සෙක්ෂන් එකට තමයි අපි යන්න ඔනා වෙන්නෙ,එතන කවුන්ටර් එකකට 500ක් බැඳලා අපි ගන්නවා මේ කොලේ,ඒක අරන් එතනම තියන කාමරේක ඉන්න අක්කි බබාට කියලා මේ කොලේ සීල් එක ගහලා අත්සන් කරවගන්න ඔනා
ඊට පස්සෙ කෙලින්ම යන්න ඔනා මචන්
foreign ministry එකට
කොටුවෙ කාගිල්ස් බිල්ඩිමේ තියෙන්නෙ,එතනට ගිහින් මේ කොලේ එක්ක 500ක් දෙන්න ඔනා,රිසිට් එකක් හම්බවෙයි ඒක ලඟ තියාගනිල්ලා,ඒකෙ ටෝකන් නම්බර් එකක් ඇති,උඹලට ඉඳගෙන ඉන්න තියන තැන ටීවි එකෙ එවෙලෙට රිලීස් කරන ටෝකන් නම්බර් පෙන්නනවා,උඹලගෙ නම්බර් එක වැටුනු ගමන් කවුන්ටර් එකෙන් උඹලගෙ සත්‍ය වාර්ථාව අතට ගනින්,ලස්සනට පිටිපස්සෙ සීල් එක වැදිලා ඇති
ඊට පස්සෙ තව වැඩක් තියනවා,යන්නෙ කොහෙද කියලා දන්නවනෙ,ඩුබායි,කුවෙට්,කටාර්,සවුදි අරවා මේවා..මේ රටට අදාල එම්බසි එක දැනගනින්,කුවෙට් නම් තියෙන්නෙ රූපවාහිනි සංස්ථාව ඉස්සරහා.ඒකට ගිහින් කියන්න ඔනා ගල්ෆ් ලයිසන් වීසා එකකට ඉදිරිපත් කරන්න මේක සීල් කරගන්න ඔනා කියලා.කුවෙට් නම් කොමර්ෂල් බැංකුවට සල්ලි බදින්න ඔනා,උන් එතනින් පොඩි කොල කෑල්ලක් දෙනවා,3700ක් බැඳලා ඒ රිසිට් එකත් එක්ක පාස්පෝට් කොපියයි ලයිසන් කොපියයි එක්ක මේක බාර දෙන්න ඔනා උදේ 11ට කලින්
දවල් 2.30ට තමයි ආපහු හම්බවෙන්නෙ.
පොඩි රවුමක් කොහෙ හරි දාලා ආපහු ඇවිත් අර කොලේ ගන්න තියෙන්නෙ.ඒ ඒ වෙලාවට දෙන පොඩි පොඩි කොල කෑලි ලඟ තියාගනිල්ලා.ඒවා ආපහු දීලා තමයි අත්සන් කරපු කොලේ ගන්න ඔනා.
මේ තියෙන්නෙ උඩ කියපු තැන් දෙකෙන් අත්සන් ගහපු කොලේ
ඔක අනිවාර්යයෙන් යවන්න වෙනවා උඹ ලයිසන් එක ගන්න යන රටට,තව පොඩි පොඩි ඩොකියුමන්ට් ඇති,ඒවා පොඩි දේවල් මේක එක්ක බලද්දින්
ප.ලි
මචන් ලයිසන් එක ගන්න යද්දින් උඹේ පාස් පෝට් එකේ අදාල ජොබ් එක වැදිලා තියෙන්න ඔනා.ඒ කීවේ ඩ්‍රයිවින් නම් හවුස්බෝයි හෝ වෙනත් වැදිලා තියෙන්න බෑ.එහෙම තිබුනොත් ෆොරීන් මිනිස්ට්‍රියෙන් අත්සන් කරපු කොලේ එම්බසි යන්න කලින් අරන්,පාස්පෝර්ට් එකත් එක්ක පුංචි බොරැල්ලෙ පාස් පෝට් ඔෆිස් එකට යමන්.අර සත්‍ය වාර්ථාවෙ කොපියක් අරන් යමන් අමතක නොකර,ඊට පස්සෙ එතන තියන කවුන්ටරෙන් ජොබ වෙනස් වෙන්න ඔනා විදිහට ෆෝම් එක පුරවලා 500ක් එක්ක,විත් පාස්පෝර්ට්,අර කොපිය අනිවා ඒ ෆෝම් එකට ඇටෑච් කරන්න.පැයක් යන්න කලින් ජොබ වෙනස් කරලා පාස්පෝට් එක අතට දෙනවා
අනිවා පාස්පෝර්ට් එකෙ ජොබ වෙනස් කරගන යමල්ලා,නැති නම් එම්බසියෙන් ගූ කටු බන්,
තේරුම් ගන්න ඇති කියලා හිතනවා
.යන අයට වැදගත් වෙයි.
රටකට යන්නෙ සුවපහසු ජීවිතයක් හදාගන්න මිස පිස්සු කෙලින්න නෙවෙයි මචන්.එහෙ තනිකම කියලා ගූ බඩු,කුඩු,අරක්කු වලට මැදි වෙලා ජීවිතේ විනාශ කරගන්න එපා,තමන් ආපු හේතුව මතක තියාගෙන වැඩ කරලා ලස්සනට අපේ රටට ආපහු ඇවිත් හොය හම්බ කරගත්තු දෙයින් අලුත් ජීවිතයක් ආරම්භ කරපල්ලා,රට ගියා කියලා ඒ රටට සින්න වෙන්න එපා,මොකද ලංකාව තරම් වෙන රටක් අපිට නෑ.
වැදගත් වෙන කෙනෙක්ට දකින්න බම්පියක් දාන්න,
සුභ දවසක් මචන්

ගල්ෆ් ලයිසන් එක ගන්න නම් අනිවාර්යයෙන් ලංකාවෙ ලයිසන් එක ඇත්ත කියලා අපිට සත්‍ය වාර්ථාවක් ගන්න ඔනා මුලින්ම,ඒකට යන්න ඔනා වේරහැර,DMT එකට

එතනට උදේම ගියාට වැඩක් නෑ,කවුන්ටර් අරින්නෙ 8.30ට.
ඒ නිසා රස්තියාදු නොවෙන්න යන තරමට තමයි හොඳ.වටේ පිටේ ඉන්න කාක්කො එක්ක ගනුදෙනු තියාගන්න එපා
මටත් ඇවිත් මල්ලි 2000ක් දෙන්න විනාඩි 5න් වැඩේ කරලා දෙන්නම් කියලා සල්ලි ඉල්ලුවා,මේ වෙලාවෙ අමාරුයි අයියෙ ගතමන්ට් එකක් ලඟ නෑ කියපල්ලා එහෙම උනොත්.8.30ට එතන ගේට් එකෙන් ඇතුලට ගිහින් H සෙක්ෂන් එකට තමයි අපි යන්න ඔනා වෙන්නෙ,එතන කවුන්ටර් එකකට 500ක් බැඳලා අපි ගන්නවා මේ කොලේ,ඒක අරන් එතනම තියන කාමරේක ඉන්න අක්කි බබාට කියලා මේ කොලේ සීල් එක ගහලා අත්සන් කරවගන්න ඔනා
ඊට පස්සෙ කෙලින්ම යන්න ඔනා මචන්
foreign ministry එකට

කොටුවෙ කාගිල්ස් බිල්ඩිමේ තියෙන්නෙ,එතනට ගිහින් මේ කොලේ එක්ක 500ක් දෙන්න ඔනා,රිසිට් එකක් හම්බවෙයි ඒක ලඟ තියාගනිල්ලා,ඒකෙ ටෝකන් නම්බර් එකක් ඇති,උඹලට ඉඳගෙන ඉන්න තියන තැන ටීවි එකෙ එවෙලෙට රිලීස් කරන ටෝකන් නම්බර් පෙන්නනවා,උඹලගෙ නම්බර් එක වැටුනු ගමන් කවුන්ටර් එකෙන් උඹලගෙ සත්‍ය වාර්ථාව අතට ගනින්,ලස්සනට පිටිපස්සෙ සීල් එක වැදිලා ඇති
ඊට පස්සෙ තව වැඩක් තියනවා,යන්නෙ කොහෙද කියලා දන්නවනෙ,ඩුබායි,කුවෙට්,කටාර්,සවුදි අරවා මේවා..මේ රටට අදාල එම්බසි එක දැනගනින්,කුවෙට් නම් තියෙන්නෙ රූපවාහිනි සංස්ථාව ඉස්සරහා.ඒකට ගිහින් කියන්න ඔනා ගල්ෆ් ලයිසන් වීසා එකකට ඉදිරිපත් කරන්න මේක සීල් කරගන්න ඔනා කියලා.කුවෙට් නම් කොමර්ෂල් බැංකුවට සල්ලි බදින්න ඔනා,උන් එතනින් පොඩි කොල කෑල්ලක් දෙනවා,3700ක් බැඳලා ඒ රිසිට් එකත් එක්ක පාස්පෝට් කොපියයි ලයිසන් කොපියයි එක්ක මේක බාර දෙන්න ඔනා උදේ 11ට කලින්
දවල් 2.30ට තමයි ආපහු හම්බවෙන්නෙ.
පොඩි රවුමක් කොහෙ හරි දාලා ආපහු ඇවිත් අර කොලේ ගන්න තියෙන්නෙ.ඒ ඒ වෙලාවට දෙන පොඩි පොඩි කොල කෑලි ලඟ තියාගනිල්ලා.ඒවා ආපහු දීලා තමයි අත්සන් කරපු කොලේ ගන්න ඔනා.
මේ තියෙන්නෙ උඩ කියපු තැන් දෙකෙන් අත්සන් ගහපු කොලේ
ඔක අනිවාර්යයෙන් යවන්න වෙනවා උඹ ලයිසන් එක ගන්න යන රටට,තව පොඩි පොඩි ඩොකියුමන්ට් ඇති,ඒවා පොඩි දේවල් මේක එක්ක බලද්දින්

ප.ලි
මචන් ලයිසන් එක ගන්න යද්දින් උඹේ පාස් පෝට් එකේ අදාල ජොබ් එක වැදිලා තියෙන්න ඔනා.ඒ කීවේ ඩ්‍රයිවින් නම් හවුස්බෝයි හෝ වෙනත් වැදිලා තියෙන්න බෑ.එහෙම තිබුනොත් ෆොරීන් මිනිස්ට්‍රියෙන් අත්සන් කරපු කොලේ එම්බසි යන්න කලින් අරන්,පාස්පෝර්ට් එකත් එක්ක පුංචි බොරැල්ලෙ පාස් පෝට් ඔෆිස් එකට යමන්.අර සත්‍ය වාර්ථාවෙ කොපියක් අරන් යමන් අමතක නොකර,ඊට පස්සෙ එතන තියන කවුන්ටරෙන් ජොබ වෙනස් වෙන්න ඔනා විදිහට ෆෝම් එක පුරවලා 500ක් එක්ක,විත් පාස්පෝර්ට්,අර කොපිය අනිවා ඒ ෆෝම් එකට ඇටෑච් කරන්න.පැයක් යන්න කලින් ජොබ වෙනස් කරලා පාස්පෝට් එක අතට දෙනවාඅනිවා පාස්පෝර්ට් එකෙ ජොබ වෙනස් කරගන යමල්ලා,නැති නම් එම්බසියෙන් ගූ කටු බන්,

තේරුම් ගන්න ඇති කියලා හිතනවා
.යන අයට වැදගත් වෙයි.රටකට යන්නෙ සුවපහසු ජීවිතයක් හදාගන්න මිස පිස්සු කෙලින්න නෙවෙයි මචන්.එහෙ තනිකම කියලා ගූ බඩු,කුඩු,අරක්කු වලට මැදි වෙලා ජීවිතේ විනාශ කරගන්න එපා,තමන් ආපු හේතුව මතක තියාගෙන වැඩ කරලා ලස්සනට අපේ රටට ආපහු ඇවිත් හොය හම්බ කරගත්තු දෙයින් අලුත් ජීවිතයක් ආරම්භ කරපල්ලා,රට ගියා කියලා ඒ රටට සින්න වෙන්න එපා,මොකද ලංකාව තරම් වෙන රටක් අපිට නෑ.
වැදගත් වෙන කෙනෙක්ට දකින්න බම්පියක් දාන්න,
සුභ දවසක් මචන්

Edition@Elakiri.Com