ලස්සන අතින් බැලුවොත් නම් මට නම් ගාල්ල, නුවර, බදුල්ල දිස්ත්‍රික්ක ලස්සනයි. ඔයා නුවර පැත්ත වැඩියෙන් හිටපු නිසා ගාල්ල කැපිල පේනවා වෙන්නත් පුළුවන්. ගාල්ල ගැන කියපු නිසා තව දෙයක් කියන්නම්,
ගොඩක් ෆීල්ඩ් වල ප්‍රමුඛයා ඇවිල්ලා තියෙන්නේත් ගාල්ලෙන්. එහෙම නෙමෙයි නම් උදාහරණ සහිතව මේ ගැන දන්නා කෙනෙක් නිවැරදි කරන්න.
C.W.W. කන්නන්ගර, විජයානන්ද දහනායක (ආදර්ශමත් දේශපාලනය), මාර්ටින් වික්‍රමසිංහ, අරිසෙන් අහුබුදු, එදිරිවීර සරත්චන්ද්‍ර (සාහිත්‍ය), සෙනරත් පරණවිතාන (පුරාවිද්‍යාව), සිරිල් පොන්නම්පෙරුම (පරිණාමය/ ජීව විද්‍යාව), නන්දදාස කෝදාගොඩ(Medicine), D.J. විමලසුරේන්ද්‍ර (Father of Hydropower) ඇතුළු බොහෝ විද්වතුන්.