මම මේ තෙරෙඩ් එක දාන්නේ මම බස් එකේ දැක්ක දෙයක් නිසයි!!!
මෙහෙමයි ගැබිණී මාතාවන් ගොඩක් කල්පනාකාරී වෙන්න ඔනේ නේ!!! ඔයලා අදුරන ගැබිණි මාතාවක් ඉන්නවා නම් මේ ගැන එයාලට කියන්න.
ඒ තමයි ගැබිණි මාතාවන් පාරේ යද්දි අනුගමනය කරන්න ඔන දේවල් ටිකක්.
1. අග තද වෙන විදියට ඇදුම් අදින්න හොද නැහැ හැම තිස්සේම ශරීරය ලිහිල්ව තියෙන්න ඔනේ!
2.හෑන්ඩ් බෑග් භාවිතා කරද්දි තරමක් කුඩා ඒවා අරන් යන්න. මොකද මම දැකලා තියෙනවා තමාගේ ඇගටත් වැඩිය ලොකු බෑග් අරන් යනවා,නිකමටවත් ඒකක් කොහේ හරි පැටලුනොත් සොරිම තමයි!!!!
3.හැම තිස්සේම අත් දෙක නිදහස්ව තියා ගන්න, බස් එකේදි බොහෝ විට ඔයාලා ඉදන් හිටියත් නැගිටින්න වෙන වෙලාවල් තියෙනවා(බහින්න යද්දි වගේ) ඒ වෙලාවල් වලට බස් එකේ ආදාරක සමහර අම්මලා අල්ලන් ඉන්න අතේ කුඩේ තියෙනවා ලේන්සුව තියෙනවා ෆෝන් එක තියෙනවා අනම් මනම් ගොඩයි!!ඔය දේවල් නිසා ආදාරකයෙන් අත් ලිස්සලා යන්න පුලුවන්.
4.මේක අපේ යාලුවෙක් දාපු දෙයක්!!
දැක්ක වැරදි වලින් මතක ඔච්චරයි තව මතක් උනොත් දාන්නම්!!
හිත හිත ලියන්න ගියාම පන යනවා බලලා නිකන් යන්න එපා,හොදයි නම් අඩුම ගානේ "Elz" කියලා දාන්න හොද නැත්තන් "Sucks" කියලා හරි දාන්න අකුරැ පහයි නේ!! අනිත් අයටත් කියන්න.![]()