crown kiuwe machan??
http://www.crowninvestments.lk/branche.php ඔන්න ඔයාට ලඟම එක බලල කතාකරල අහන්න use කරපු ගිටාර් තියෙනවද කියල


Last edited:
crown kiuwe machan??


http://www.crowninvestments.lk/branche.php ඔන්න ඔයාට ලඟම එක බලල කතාකරල අහන්න use කරපු ගිටාර් තියෙනවද කියල![]()

ඔහොම හොයන්න බෑ මචෝ හොඳද නරකද කියල.. ගිටාර් එකක් ගන්නවනම් හොඳට දන්න කෙනෙක් එක්ක යන්න. ගිටාර් එක පැත්තට හරවල බලපන් උඹ ඔය ඇඟිල්ල තියන් ඉන්න තැන තියෙන 12 වෙනි fret එක තියෙන තැනින්. strings සහ fret board එක අතර පරතරය ගොඩක් වැඩි වෙන්න බෑ.
![]()
ඔය පරතරය වැඩි උනොත් ප්ලේ කරන්න අමාරුයි. අඩු වෙන තරමට හොඳයි. හැබැයි ගොඩක්ම අඩු උනොත් tone අවුල් යනව. ඒ නිසා සාමාන්‍ය ගානට තියෙන එකක් ගත්තනම් හරි.
ඕක වැඩි නම් මොකද කරන්නෙ???
මට අයිය කෙනෙක්ගෙන් එකක් හම්බ වුණා....
ඒකෙ 1cm ට ආසන්න ගානකට තියෙන්නෙ.....
ඒක අඩු කර ගන්න බැරිද??

එච්චර නම් වැඩියි මචෝ.. මට හරියටම ගාන නම් මතක නෑ. මිලි මීටර් ගානක් තියෙන්නෙ ගැප් එක. හදන්න බැරුව ඇති බන්. ඉස්සර සමහර ගිටාර් වල Bridge එක ටිකක් කපල strings ඇතුලට බස්සන්න පුළුවන්. එතකොට ටිකක් පාත් වෙනව. මගෙ ළඟ තිබුන ඒ වගෙ ගිටාර් එකක්. හැබැයි ඒක සාර්ථක නෑ. ගිටාර් එකේ Tone එක වෙනස් වෙනව. අනික දැන් එන ගිටාර් වල ඒ කෙලි කරන්න බෑ. මමත් හරියටම දන්නෙ නෑ ඕක හදන්න පුලුවන්ද කියල.ඕක වැඩි නම් මොකද කරන්නෙ???
මට අයිය කෙනෙක්ගෙන් එකක් හම්බ වුණා....
ඒකෙ 1cm ට ආසන්න ගානකට තියෙන්නෙ.....
ඒක අඩු කර ගන්න බැරිද??

සමහරක් කස්ටිය කියනව යකඩ ස්ට්‍රින්ග්ස් වලට වඩා න්යිලෝන් ඒවා හොඳයිලු ඇත්තද ඒක,,?![]()
![]()

මාත් මේ සෑහෙන කට්ටක් කනවා ගිටාර් එකක් ගහන්න.
උබ ප්ලේ කරන්න පටන් ආන් කොච්චර කල්ද?
ගත්තේ ඔබව රස ගී පද වයන්නට
නැත්තේ පුරුද්දකි මා හට ගයන්නට
තිබ්බේ ඔබව සයනය මත රැකෙන්නට
දන්නේ කවුද ගිටාර් ප්ලේ කරන්නට
දින දෙක තුනක් ගත්තා රස විඳින්නට
තිබුනා නුහුරු ගතියක් එහි දැනෙන්නට
තිබ්බා ඇඳ ලඟින් මට එය පෙනෙන්නට
හැදුවා සිත මට බෑ ප්ලේ කරන්නට
ඔහොම හිටියොත් නම් උඹට ඉගෙනගන්න වෙන්නෙ නෑ බන්.![]()

. මම නම් හිතන්නෙ මචං ගිටාර් එකගහන්න පටන් ගන්න කලින් සංගීතය පොඩ්ඩක් ඉගෙන ගන්න එක හොදයි කියල. නැත්නම් තේරුමක් නෑ. කොහොමත් හෝඩියේ ඉදල ඉගෙන ගන්න එක හොදයි. එකපාරටම කෝඩ්ස් ප්ලේ කරන්න ඉගෙන ගන්න අය සති දෙක තුනෙන් ගිටාර් ගැහිල්ල අත අරිනව. ඒ නිසා Music ගැන පොඩි හරි අවබෝධයක් අරගෙන වැඩේ පටන් ගත්තොත් එල. පංතියන්න ඕනෙ නෑ.. ගූගල් අයියගෙන් අහල ඉගෙන ගන්න පුලුවන්.
