ගීතයක් පිටුපස සැඟවුණු කතාවක්

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    සිරා මචන්. බලපන් කොච්චර ලස්සන සින්දුද මේවා. ඒ වගේම පසුබිම් උන කතාවත් අත්දැකීමත් දැනගෙන ඒ සින්දුව අහනවා කියන්නේ හිතට මාර අමුතු ගතියක් එනවා. මේක අප්ඩේට් කරපංකෝ. :love::love::love::love:

    එකට බලපන් දැන් තියෙන සින්දු නෙදකින් ගොබ්බයො කිසිම තේරුමක් නා ඔහේ පද ටිකක් ගොදතාගෙන කොම්පුටර් එකෙන් මියුසික් හදාගෙන නාහෙන් අඬනවා. :growl::growl::growl::growl:
     

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    සිරා මචන්. බලපන් කොච්චර ලස්සන සින්දුද මේවා. ඒ වගේම පසුබිම් උන කතාවත් අත්දැකීමත් දැනගෙන ඒ සින්දුව අහනවා කියන්නේ හිතට මාර අමුතු ගතියක් එනවා. මේක අප්ඩේට් කරපංකෝ. :love::love::love::love:

    එකට බලපන් දැන් තියෙන සින්දු නෙදකින් ගොබ්බයො කිසිම තේරුමක් නා ඔහේ පද ටිකක් ගොදතාගෙන කොම්පුටර් එකෙන් මියුසික් හදාගෙන නාහෙන් අඬනවා. :growl::growl::growl::growl:

    Ekenma!
    :yes::yes::yes::yes:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සිංහල සින්දු ගොඩක තියෙන්නේ කාගෙ හරි ඇත්ත අත්දැකීමක්.. ඒ සමහර ඒවා එලියට එනවා අඩුයි..
    මොනවා උනත් අපි හරිම වාසනාවන්තයි මේ වගේ සිංදු අහන්න සහ අපේ පසු පරපුර ගොඩක් අවාසනාවන්තයි ඉරාජ් ප්‍රමුඛ නඩේ සිංදු අහන්න වීම ගැන..
    කරුණාරත්න දිවුල්ගනේ මහත්තයගේ "තනිකඩය තව මම සුදු හාමිනේ" කියන ගීයටත් හරිම ලස්සන කතාවක් තියෙනවා,
    මම ඉඩ තියෙන වෙලාවක දාන්නම්..

     

    athumusic

    Active member
  • Sep 19, 2017
    270
    194
    43
    පසුබිම් විස්තර කියවන්නට ලැබුණහම තවත් සතුටුයි. ගීත ගැන නම් කියන්නට දෙයක් නැහැ. හුඟක්ම හොඳයි. ඔබට ස්තූතියි.
     

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    පසුබිම් විස්තර කියවන්නට ලැබුණහම තවත් සතුටුයි. ගීත ගැන නම් කියන්නට දෙයක් නැහැ. හුඟක්ම හොඳයි. ඔබට ස්තූතියි.

    :love::love::love::love:
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    hoda thread ekak..
    oya story tika nam kalin ahala thiyenawa machan
    anyway thnx for sharing. rep +++

    me EK eke issara giaypu thread.meke oya dewal gana puduma danumak thiyena set ekak innawa/hitiya machan..me thread tika baluwama therewi

    සුන්දර ගීයක ඇරබුම,..
    http://www.elakiri.com/forum/showthread.php?t=1313860

    හද විල කළඹන ගි ජල රේඛා
    http://www.elakiri.com/forum/showthread.php?t=1437174

    ඔව් බන්.... ඒවා තමයි සුපිරිම ත්‍රෙඩ්..... ඉස්සර එලකිරිය ඕපන් කරපු ගමන් ඇතුලට ගිහින් බලන ත්‍රෙඩ් වලින් එකක්.....:(:(:(
     

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    රුවක් ඇදෙනවා



    රුවක් ඇදෙනවා ගීතයේ නිර්මාතෘ ප්‍රවීන ගිත රචක මහින්ද දිසානායක සූරින්.

    මහින්ද දිසානායකයන් මේ ගීතයට වස්තුබීජය සපයාගත් අයුරු පිලිබඳ මතකය යළි යළිත් දශක කීපයක් එහා අතීතයට හාරා අවුස්සමින් එහි ඇති මියුරු මතකය අවදි කරන්නට විය. ඒ මෙසේය. මහින්ද දිසානායකන් කියූ එපුවත ම ඔබට මෙතැන් සිට කියන්නේ මගේ බසිනි.

    “අදුර වැටී හෝරා එක හමාරක් පමණ ගතවී ඇත. හාත්පස වූ අඳුර වෙළාගත් ගහකොළ ‍වල සෙවනැලි පවා නොපෙනෙන තරමට ‍ගිලී ඇති රාත්‍රිය දිගු රැයක් කරා පියවර ඔසවමින් සිටී.නගරය තරමක් ජනාකීර්ණ බවින් මිදුනත් නගරය කෙළවර වූ අවන්හල සෑම රාත්‍රිකම කාර්ය බහුලය. අවන්හලට පිවිසෙන මාර්ගයේ එක් පසෙක ඇති විදුලි ලාම්පු විහිදවූයේ මන්දස්මිත ආලෝකයකි. එයින් නිකුත් වූයේ අවන්හලට පිවිසෙන මාර්ගය පමණක් එළිය කරන්නට තරම් සෑහෙන එළියකි. එහි එළිය හාත්පස වෙළා අදුර මකන්නට ප්‍රමාණවත් නොවීය. තරමක් දුරසිට බලන්නෙකුට වීදියේ ඇති විදුලි බුබුලු යටින් ගමන් කරන හෙවනැළි පමණි.

    පාර කෙළවර වූ අවන්හල දශක ගණනාවක අතීතයට උරුම කියූ එකකි. දුර සිට එහි ඉපැරණි බව පැහැදිලිවම හඳුනාගත හැකිය. අවන්හලේ ඇතුළත පෙනුමද හරියට ඉංග්‍රීසි පාලන සමයේ ගොඩනැගූ ගොඩනැගිල්ලක සිරි ගත්තේය. තැනින් තැන ඇති මේස පුටු ලීබඩු පවා දශක ගණනාවක අතීතයට නෑකම් කියූ ඒවාය. ඒ දෙමහල් අවන්හලේ ඉහල මාලයට පිවිසෙන්න තිබුනේ ලී වැටක් සහිත තරප්පු පෙලකි. අවහන්හලේ ලීතරප්පු පෙළේ ඉහලට පහලට ගමන් කරන මිනිසුන්ගේ සැබෑ ස්වරූපයත්, වේටර්වරුන්ගේ පා ගැටෙන හඬත් වෙන වෙනම හදුනාගත හැකිය. අවන්හලේ පහළ මහල තරම් ඉහළ මහල කාර්ය බහුල නොවූ අතර එහි සිටියේ නිතිපතා පැමිණෙන සුන්දරම රාත්‍රියේ මිහිර විඳීන මිනිසුන් පමණි. ඔවුන්ට කිසිම කලබලයක් නැත. රාත්‍රිය උදාවෙත්ම නිරන්තරයෙන් පිරී තිරී යන අවන්හල පුරා උස්පහත් වෙමින් නැගෙන සිනා හඬත්, සංවාද විසංවාද හා උසුළු විසුළු වලින් පිරුණි.

    අවන්හලේ ඉහළ මාලයේ කෙළවරෙහි වූ ජනේලයෙන් පිටත බලන්නෙකුට අවන්හලට පිවිසෙන මාවත හොදින් දිස්වේ. රාත්‍රිය වුවත් පාර පුරා විහිදන විදුලි එලියෙන් අවන්හලට පැමිණෙන සහ එයින් පිටව යන මිනිසුන්ගේ සෙවණැළි දැකගත හැකිය. එසේ පැමිණියේ හෝ පිටව ගියේ කවුරුන්ද යන්න පැහැදිළිව හදුනාගත නොහැකි වුවත් කීදෙනෙක් පැමිණියෙන් කීදෙනකේ නික්ම ගියේද යන්න අදුරේ වුවත් දැනගත හැකිය.


    හැමදාමත් අවන්හල වෙත එකම වේලාවකට පැමිණ හෝරා දෙකතුනක් එහි ගත කර නික්මයන මැදි විය ඉක්මවූ මිනිසෙකි. හෙතෙම නිරන්තරයෙන් අසුන්ගත්තේ ඉහළ මාලයේ ජනේලය අසල පිහිටි මේසෙයේය. ඔහුට ජනේලයෙන් එපිට මාවත හොඳනි දිස්වේ. ඔහ් මීවිතක් තොලගාමින් ඒ මාවත දෙස දනෙත් යොමා කල්පනාවේ කිමිදෙයි. තමන්ට අවහ්‍ය දේ ගෙන්වා ගන්නා වේටර්වරයා වෙත කියන දේ හැරුණු විට වෙනත් කිසිවක් සමග හෝ කතාවකට නොයන මේ මැදිවිය ඉක්මවූ තැනැත්තා අවනහලේ සේවකයන්ට බෙහෙවින්ම හුරු පුරුදුය. එහෙත් කිසිවකුටත් ඔහුගෙන් කරදරයක් නැත. තමන් ඇණවුම් කරන මීවිතට හුදකලාව පෙම් බදින ඔහු අවසානයේ වේටර්වරයා ඉදිරිපත් කරන බිල්පතට මුදල් දී වේටර්වරයාගේ අතටද සන්තෝසමක්දී ඉන් පිටව යයි.

    රාත්‍රියේ අදුර මැදින් දිනෙක එසේ වූ මේ අවන්හලට පැමි‍ණියේ තරුණයෙකි. තවමත් තුරුණු විය නොඉක්ම වූ හෙතම අවන්හලට අමුත්තෙකු වුවත්, අවන්හල ඔහුට අමුත්තක් නොවුණි. ඔහු අවන්හලේ ඉහළ මාලය වෙත පැමිණ වටපිට බලා මැදිවිය ඉක්මවූ මිනිසා හුන් මේසය වෙත ගොස් ඔහුට ප්‍රතිවිරුද්ධ දිසවෙන් වූ හිස් පුටුවේ වාඩිවිය. වේටර්වරයාට අතවනා ළඟට කැඳවූ ඔහු යමක් කොඳුරා කීවේය. විනකාඩි කීපයක් යන්නට මත්තෙන් ඔහු ඇණුවුම් කළ මීවිතත් ඊට අවැසි සියලු දේත් ඔහු ඉදිරියේ විය.

    මීවිතක් තොලගෑ ඔහු දුම්වැටියක් දල්වා හීන් දුම් වළලු කීපයක් වාතලයට මුසු කරන අයුරු මැදිවිය ඉක්මවූ මිනිසා යටැසින් දුටුවේය. යෞවනයා කල්පනා සයුරේ කිමිදී බොහෝ ඈතට ගොස් ඇති බව ඔහුට වැටහිණ. කිසිම දිනෙක අවන්හලට පැමිණෙන අමුතතන් සමග දොඩමළු නොවන ඔහු හෙමින් හඬ අවදි ‍කළේය.

    “මල්ලි ඇයි මේ.....?”

    “නෑ... නිකං...”

    හීන් සීරුවේ දෑස් ඔසවමින් තමා ඉදිරියේ හුන් මිනිසා දෙස බලාගත් සැණින් සිය දෑස් ඔහුගේ දෑස්වලින් ඉවතට ගත්තේය. යෞවනයාගේ වචන තුළ නොකියූ බොහෝ දේ ඇති බව ඔහුට හැඟිණි.

    “වෙන්න බෑ මල්ලි. මොකක් හරි පැටලිල්ලක ඉන්නවා වාගෙ?”

    මැදිවිය ඉක්මවූ තැනැත්තා කීවේය. කතාවට මුල පුරන්න මගක් සොයද්දී මධු බදුන් කීපයක නිමාව සටහන්වී තිබුණි.

    “මට මගේම කියන්න පුළුවන් විදිහෙ ආදරයක් තිබුණා. මම ඒ ආදරේ වෙනුවෙන් හුඟක් අදරේ කළා. කවදාවත්ම නොහිතපු විදිහට.......”

    “අන්තිමට ඉතුරු වුණේ මෙච්චරයි”

    යෞවනයා සිය ප්‍රථම ප්‍රේමයේ අතීත නටඹුන් අතර සක්මන් කරමින් ප්‍රේමයේ සොදුරු තැන් මෙන්ම රිදුණු තැන්ද බිඳුණු හඬකින් අවදි කළේය.

    “නෑ මල්ලි උඹ තවම පරාද වෙලා නෑ... උඹ පටන් අරන් තියෙන්නෙ වැරදි තැනකින්. හොඳම කාලෙ තව ඉස්සරහට මොකට පරාද වුණත් බොන්න එපා... ආපහු හිතපන්”

    මධුවිතෙන් හොඳහැටි රත්වී සිටි මිනිසා යෞවනයාට එක දිගට කියාගෙන කියාගෙන ගියේය.......”

    මහින්ද දිසානායකයන් රුවක් ඇදෙනවා ගීතය ලියන්නට වස්තුබීජය සපයාගත්තේ ඒ ආකාරයෙනි.

     
    • Love
    Reactions: randitha chathumal

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @csharp රුවක් ඇදෙනවා සින්දුවේ ඇත්ත තේරුම ඕකයි. මම දැක්කා ඔස්තාර්ලා ඕක ගේ සින්දුවක් ගාණට දානවා. ලංකාවේ බිහි උන සුපිරිම සිංදුවක්.
     
    • Love
    Reactions: csharp