එකමත් එක දවසක ලොව හොඳම පොලිසිය තේරීමේ තරගයක් තිබුණේලු. ස්‌කොට්‌ලන්ඩ්යාඩ් ආදී ලෙසින් ලොව දියණුම රටවල පොලිස් නිලධාරින් සමග අපේ පොලිසියේ නිලධාරින් කිහිප දෙනකුද ඊට සහභාගි වූයේලු.
තරග සංවිධායකයන් තරගය අරඹමින් විශාල කැලයකට හාවෙක් අතහැර ඌව සොයාගෙන එන්නැයි ඊට සහභාගි වූ පොලිස් තරගකරුවන්ට කීවේලු. මෙසේ තරගය ඇරඹී මාරුවෙන් මාරුවට ඇමරිකන්, එංගලන්ත, ප්‍රංශ ආදී ලෙසින් දියුණු යෑයි කියන රටවල් ඇතුළු සියලුම රටවල පොලිස් නිලධාරින් වරින් වර හාවා සොයා කැලයට ගියද එකකුටවත් හාවා සොයාගත නොහැකි වූයේලු.
අවසානයේ ශ්‍රී ලංකා පොලිසියේ කණ්‌ඩායම පොලු කිහිපයක්‌ද අතට ගෙන කැලයට ගියේලු. විනාඩි කිහිපයක ඇසිල්ලේ ඔවුන් තඩි වලහෙක්‌ද රැගෙන ඌට පහර දෙමින් යළි පිටතට ආවේලු. මෙය දුටු තරග සංවිධායකයන් මේ සිටිනුයේ හාවා නොව වලහෙක් නොවේදැයි ඔවුන්ගෙන් ඇසුවේලු. එහිදී එකකු අමුතු බැල්මකින් වලහා දෙස බැලුවේලු.
එකෙනෙහි වලහා “බුදු සර් මම වලහෙක් නෙමේ වලහෙක් නෙමේ.. හාවෙක්.. හාවෙක්” යෑයි කියමින් තරග සංවිධායකයන්ගේ කන් අඩි පැලෙන්නට මොර දුන්නේලු. ඉතින් අපේ පොලිසියේ අය වැඩේ ගොඩ දා ගත්තේලු. මාරයි නේ..? re-post ok