ගෙම්බෙක් වෙන්න එපා 🐸

nirogoodboy

Well-known member
  • Feb 17, 2008
    204
    809
    93
    36
    U.K
    ගෙම්බෙක්ව ලිපේ තියන
    වතුර භාජනයකට දාලා ලිපට ගින්දර දැම්මම,
    ගෙම්බා ඒ රත් වෙන වතුරේ උෂ්ණත්වය ශරීර උෂ්ණත්වයට හදා ගන්නවා...

    වතුර තව තව රත් වෙනවා
    ඌ ආයේ ආයේ වතුරේ උෂ්ණත්වයට අනුගත වෙන්න බලනවා...

    හැබැයි එක වෙලාවක් එනවා වතුරවල උෂ්ණත්වයට ගෙම්බට උෂ්ණත්වය හදාගන්න බැරි වෙන...

    ගෙම්බා භාජනයෙන් එළියට පනින්න හිතනවා
    ඌ පනින්න උත්සහා කරනවා..
    පනින්න බෑ..
    මොකද ඌ ඌගේ මුලු ශක්තියම
    උණුවතුරට හැඩගැහෙන්න පාවිච්චි කරලා...

    ගෙම්බා මැරෙනවා...

    ඌ මැරෙන්න හේතුව වතුරට දාපු එකද...?

    නෑ.......

    ඌ එළියට පනින්න ඕන වෙලාව
    දැනගන හිටියේ නෑ... තේරුම් ගත්තෙ නෑ..

    උෂ්ණත්වය දැනෙද්දී
    ඒකෙම හැඩ ගැහෙන්න හැදුවා...
    ආයේ අයේ හැඩ ගැහෙන්න හැදුවා...

    උගේ මුලු ශක්තියම හැඩ ගැහෙන්න යෙදෙව්වම
    ඌට එළියට පනින ශක්තියක් නැතිව
    අන්තිමේ දි මැරුණා...
    🔹
    🔹
    🔹
    ජීවිතයේ අපිටත් පනින්න ඕන තැන් එනවා..
    ඒ තැන් වලදී පනින්නේ නැතිව,
    අපි ඒකට කොහොමහරි හැඩ ගැහෙන්න හැදුවම,
    ඉබේම අපේ ශක්තිය, කාලය, ආත්මය වැය වෙලා
    අපි විනාශ වෙලා ගිහින්..

    අපි ශාරීරිකව මානසිකව පීඩා විඳින්න
    ලොකුම හේතුව,
    වැරදීමකින් බැස්සත්,
    එළියට පනින්න ඕන තැන හරියට හඳුනා නොගැනීම...

    මිනිසුන් හඳුනා නොගැනීම...

    හිතන්න...

    ඔතනින් එළියට පනින්න....
    උපුටා ගැනීමකි
    8DD41741-B2D0-4045-A7E9-E978ACD007ED.jpeg
     

    Attachments

    • 851301EA-84A0-46C0-ABC3-54D0F339FE28.jpeg
      851301EA-84A0-46C0-ABC3-54D0F339FE28.jpeg
      62.4 KB · Views: 119

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    මොකාද මෙ ලියපු එකා වතුර රත් වෙනකන් නටන්නෙ කකුලුවා