මාරම එෆිෂන්ට් බං. බය නැතුව රෙකමන්ඩ් කරනවා. නමුත් වැඩ දන්න බාසෙක් ඕනා. නිකං ලපයි සිපයි එපා. ගඩොල් බ්ලොක්ගල් වගේ නෙවෙයි ෆිනිෂින් මාරයි. අනික සිමෙන්ති බදාම කුට්ටි ගන්න දාන්න ඕනාම නැ. සිමෙන්ති වලින්ම ලොකු ගානක් ඉතිරි වෙනවා. ස්ට්‍රෙන්ත් අතින් පවා හොදයි, වැඩියි. පෙගෙන්නේ නැ වැස්සට. ගේ ඇතුලට රස්නේ අඩුයි. ගිල්ලලා තියලා කැපුවත් ගලේ මදේ වතුර නැ. හැබැයි සැහැල්ලුයි. ගලක් අරන් බලපං මම කියනවාට. වෙනස තේරෙයි.