ගු පක්ෂ දෙකට වඩා නම් තාමත් හොඳයි...
නායකත්වය වෙනස් කරන්න පුළුවන් නම් තවත් හොඳයි...
ලොකුම අවුල මේ රටේ චන්ද දිනන්න නම් පොඩ්ඩක් දනවාදේ පැත්තට බර වෙන්න වෙනවා...බොරු කියන්න වෙනව.. හැබැයි එහෙම කරාම real jvp පාක්ෂිකයෝ අවුල් වෙනවා.. ඕකයි තියන ප්‍රයෝගික තත්වේ.. අනුරව අයින් කරලා චේ ගුඑරව නායක කමට දැම්මත් ලංකාවේ jvp එකට 20% වත් චන්ද ගන්න අමාරුයි දැන් තියන තත්වේ අනුව... හැබැයි තව අවුරුදු 10ක් 15ක් යද්දී වෙනස් වෙන්න පුළුවන් එක
මම නම් සමාජවාදියෙක් නෙවෙයි. ධනවාදෙ පැත්තට තමයි බර. මම නම් කියන්නෙ ඔය දෙකේම දේවල් තියෙන්න ඕන කියලා. මොන වාදෙ වත් නෙවෙයි ලන්කාවට දැන් ඕනෙ රට හදන්න ඇත්ත උවමනාවක් තියෙන උන් ටිකක්. හොරු නොවෙන උන් ටිකක්. හොරකමට පස්ස ගහන උන් ටිකක්. හොරකමේ ඉඳල ඉඳල ඒකටම පුරුදු වෙලා, ඒකෙන්ම යැපෙන, දේශපාලන බලයත් ඒකටම පාවිච්චි කරන උන් නෙවෙයි. හැම දෙයක්ම කොමිස් කුට්ටියක් වගේ පේන, නැත්තන් ඊළඟ පාර බලේ ගන්න තුරුම්පුවක් වගේ පේන උන් එක්ක මේක කරන්න බෑ කවදාවත්. දැන් දේශපාලනේ , ඉහළ රජයේ තනතුරු වල ඉන්නෙ එහෙම උන් ටිකක්. අනුර කුමාරත් ඇතුලුව.










