චීනෙට පලාගිය දෙවොල් හොරා
රාජපක්ෂ පවුලේ ‘රාජයෝගය' චීනයට පලායයි!
Details Created On Tuesday, 06 January 2015 05:32 Category: සාමාන්‍ය
shashindra 1අනාගත රාජපක්ෂ පරම්පරාවේ එකම 'රාජයෝග' හිමිකාරයා වන ඌව පළාත් සභා මහඇමති කතරගම දේවාලයේ බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මීට ස්වල්ප වේලාවකට ඉහතදී මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොල හරහා චීනයට පලාගිය බව වාර්තා වේ.
ඔහුගේ බිරිඳ ලෙක්සිකා හා දරුවන් දෙදෙනා ඊයේ (05) පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොල හරහා චීනයේ ෂැංහයි නුවර බලා පිටත්ව ගොස් ඇති බව විකල්ප මාධ්‍යන් විසින් ඊයේ වාර්තා කරන්නට යෙදිණ. බිරිඳ හා දරුවන් සමග ගමන් නොකළ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අද පෙරවරුවේ තනියම මත්තල ගුවන් තොටුපොලින් මෙසේ පලාගොස් තිබේ.
නාමල් රාජපක්ෂ මහතා පසුගිය දා මැතිවරණ රැලියකට සහභාගි වෙමින් ‘කටුනායක එයාර්පෝට් එක වැහුවට අපට ප්‍රශ්නයක් නෑ. අපිට පැනල යන්න ඕනනම් මත්තල තියනව' යනුවෙන් කී කියමන සනාථ කරමින් පලමු රාජපක්ෂවරයා අද දින මැතිවරණයට දින 2 ක් තිබියදී මේ ආකාරයට පලාගොස් ඇත.

මගේ රෙප් ටිකත් නැතිවුනා මුන් ටික නිසා