චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මෙච්චර පලතුරු කන්දරාවකින් මේ විදියට පූජාවක් පවත්වන එක හරි කියලා මම නම් හිතන්නේ නෑ. බුදුරජානන් වහන්සේ මේ වගේ දේවල් අනුමත කරලා නෑ. මේ පලතුරු සියල්ලම දුප්පත් මිනිස්සුන්ට කන්න දුන්නා නම් කිසිම පවක් සිද්ධ වෙන්නේ නෑ. ගෞතම බුදුන්ට පූජා කරන බුද්ධ පූජාව එක්ක මේ පලතුරු පූජාව පටලව ගන්න එපා.

දුප්පත් මිනිස්සුන්ට නොදුන්නත් මේවා එහ්ම්ම විසිකලත් පව් සිද්ධවෙන්නේ නෑ යහපත් සිතින් මේ ක්‍රියාව කලානන්..බුද්ධ පූජාව එක්ක පටලගත්තේ නෑ..ඒත් මේ පලතුරුත් පූජා කරලා තියෙන්නේ බුදුන්ට කියලා මතක තියාගන්න..
 
  • Like
Reactions: sandaru d

amaz

Banned
Apr 10, 2009
889
94
0
:yes::yes::yes:ඒ හාමුදුරුවෝ ඇතුලු පිරිස සමහරවිට බොහොම ශ්‍රද්ධාවෙන් පිරිසිදු හිතින් මේ පූජාව කරන්න ඇති..හිත් පිරිසිදු කරගන්නත් ඇති..මේ අහක ඉන්න අපි ඒවා දිහා බලලා හිත පහදවා ගන්නවා නෙමෙයි ඒ පූජාවටට්යි පූජාවට සම්බන්ධ වෙච්ච අයටයි බැන බැන නිකන් පව්පුරෝ ගන්නවා..

ඔයාලා වගේ මෝඩ එලෙදෙන්නු තමයි අද බුද්ධ සාසනය කන්නේ:(
 
other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේ ටික පස්සේ සත්තුන්ටවත් දුන්නෙ නැත්නම් අපරාධයක්. අනේ මන්දා දැන් හාමුදුරුවරුයි මිනිස්සුයි හිතන් ඉන්නේ වැඩිපුර සල්ලි නාස්ති කරන තරමට තමයි වැඩිපුර පින් සිද්දවෙන්නේ කියලා.අසුහාරදාහේ පහන් පුජා වගේ ඒවාගෙත් කොච්චර නාස්තියක් වෙනවද? තාමත් ළමා මන්ද පොෂණය ප්‍රශ්නයක් වෙලා තියෙන අපේ වගේ රටක කෑම නාස්ති කරන එක නම් අපරාධයක්.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔයාලා වගේ මෝඩ එලෙදෙන්නු තමයි අද බුද්ධ සාසනය කන්නේ:(

    කන්න හරි බුද්ධ ශාසනයක් ඉතුරුවෙලා තියෙන්නේ ඔයාලා වගේ ගොන් හරක් මෙච්චර කාලෙකට ඉපදිලා තිබ්බේ නැති නිසා.මම හිතන්නේ මේක ඔයාගේ පලවෙනි මනුස්ස ආත්මේ වෙන්න ඇති..මෙච්චර කල් තිරිසන් ආත්ම වල ඉපදිලා ඉපදිලා..:(.
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    දුප්පත් මිනිස්සුන්ට නොදුන්නත් මේවා එහ්ම්ම විසිකලත් පව් සිද්ධවෙන්නේ නෑ යහපත් සිතින් මේ ක්‍රියාව කලානන්..බුද්ධ පූජාව එක්ක පටලගත්තේ නෑ..ඒත් මේ පලතුරුත් පූජා කරලා තියෙන්නේ බුදුන්ට කියලා මතක තියාගන්න..

    බුදුවරයෙක් ඔහුගේ පිලිමෙකට මේ වගේ නාස්තිකාර දෙයක් කරන්න දිරි දෙනවනම් ඔහු බුදුවරයෙක් නෙවෙයි.පිලිම වලට කිරිබත් කෙහෙල් පූජා කරන එකද බුදු දහම කියන්නේ.
    බුදුන් වහන්සේ නිවන් ගියානම් ආපහු ඕවා අනුභව කරන්න පිලිමෙට එනවද?
    ඕවා අනුමත කරන ඔයාලා පව් පුරවගෙන ඊලඟ ආත්මේ පෙරෙතයො පෙරේතියන් වෙලා ඔය පිලිම වලට රිංගලා ඔය දෙන පලතුරු කිරිබත් කන්න වෙයි.ඒක නිසා ධර්මය වුනත් හරිමග යන්න.

    :nerd:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    දුප්පත් මිනිස්සුන්ට නොදුන්නත් මේවා එහ්ම්ම විසිකලත් පව් සිද්ධවෙන්නේ නෑ යහපත් සිතින් මේ ක්‍රියාව කලානන්..බුද්ධ පූජාව එක්ක පටලගත්තේ නෑ..ඒත් මේ පලතුරුත් පූජා කරලා තියෙන්නේ බුදුන්ට කියලා මතක තියාගන්න..

    ඔව් විසි කලාට පවක් සිද්ද වෙන්නේ නෑ ඒක ඇත්ත...
    ඒත් බෞද්ධයෙක් ඒ වගේ නාස්තියක් කල යුතුද? ඔය පලතුරු සේරම නැති බැරි කෙනෙක්ට දුන්නොත් ඒ කුසලය ඊට වැඩි නැද්ද?
    ඔව් ආගමේ පැවැත්මට ආමිස පූජාව ඕනී, ඒත් උවමනාවට වඩා ගිහින් කියලයි මට හිතේන්නේ.. :)
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,196
    113
    - උඩරට -
    කෙනෙකුට හිතෙන්න පුලුවන් මේක බුද්ධ පූජාවක් නේ , පින් වැඩක් කියලා.ලෝකයේ කන්න නැති මිනිස්සු කොච්චර ඉන්නවද? අපේ රටේ කොච්චර ඉන්නවද? සල්ලි කියන්නේ පින් කියලාසමහරු හිතන් ඉන්නවා..පලතුරු ටිකක් පූජා කරත් , ගොඩක් කරත් එකම විදිහට තමා පින..ලොකුවට කරා කියලා ලැබෙන්නේ ප්‍රසිද්දිය විතරයි..ඔය හිමි නම සල්ලි ගහක්..ඕක මල් වලින් කරා නම් ගොඩක් අගෙයි නේද? මුන් තමා ආගම කන්නේ..පූජා කරාට පස්සේ ඔය ටික කන්න හොද නෑ කියලා විසික් කරනවා.

    පලතුරු තියෙන්නේ කන්න , පූජා කරන්න මිසක් විසික් කරන්න නෙවේ.අසල්වැසි රටවල් කරන දේවල් මයි මුන්ට කරන්න ඕනි..රට හරක්.

    :eek::rolleyes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ශ්‍රද්ධාව ඕනවට වඩා වැඩි, ප්‍රඥ්ඥාව අඩු පුද්ගලයන් තමයි මේවා අනුමත කරන්නේ. හාමුදුරුවන් ලක්ෂයක් ගෙනල්ලා ලොකු පූජාවක් තිබ්බා නම් ඒක කමක් නෑ ,ඒකෙන් බඩ හරි පුරවගනියි, පිනක් එයි , බුද්ධ කාලේ වුනත් සංඝ‍යාට දන් දුන්නා මිසක් පිළිම තියලා ඒවා ඉස්සරහා ලක්ෂගාණක වටින පළතුරු තිබ්බේ නෑ පින් ගන්න කියලා.
    මෙහෙම දෙයක් කරලා පිනක් එන්නේ නෑ. මේකෙන් වෙන්නේ ශ්‍රද්ධාව වැඩි වෙන එක විතරයි, මෙතන ශ්‍රාද්ධාව නාස්තිය එක්ක එකට මැනලා බැලුවොත් මේක එහෙම් පිටින්ම නාස්තියක්. පොඩි පළතුරු වට්ටියක් වගේ නම් කමක් නෑ, එතන එතකොට නාස්තිය අවමයි.

    අපි මේක නිසා අපේ හිත සවුත්තු කරගෙන පව් පුරවගන්න ඕනේ නෑ නමුත් වැරදි දෙයක් දැක්ක තැන ඒක හෙළ දකින්න ඕනේ. ආහාර මල් වගේ දෙයකට සමකරන්න ,කෑම කියන්නේ මිනිස්සුන්ට වටින දෙයක්, ආහාර කියන්නේ ලෝකය දුර්ලභ දෙයක්, කෑම නැතුව මිනිස්සු මැරෙනවා ලක්ෂ ගණන් සමහර රටවල, ලංකාවේ වුනත් තත්වය එහෙමයි. මේකත් හරියට අර oh my god movie එකේ වගේ. අවසානයේදි කෑම බෙදලා දුන්නා කිව්වනේ? එහෙම දුන්නා නම් කමක් නෑ ,අඩුම ගානේ නාස්තිය හරි අඩු වෙනවා.

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    කන්න හරි බුද්ධ ශාසනයක් ඉතුරුවෙලා තියෙන්නේ ඔයාලා වගේ ගොන් හරක් මෙච්චර කාලෙකට ඉපදිලා තිබ්බේ නැති නිසා.මම හිතන්නේ මේක ඔයාගේ පලවෙනි මනුස්ස ආත්මේ වෙන්න ඇති..මෙච්චර කල් තිරිසන් ආත්ම වල ඉපදිලා ඉපදිලා..:(.

    ඔයාලා දැන් මනුස්සයන් විදිහට ඉපදිලා හිටියත් තිරිසන්නු වගේ තමයි මේ විදිහට මේවගේ දේවල් අනුමත කරනවනම්.තිරිසෙනෙක් මිසක් මිනිසෙක් මේ වගේ නාස්තිකාර දේවල් අනුමත කරන්නේ නෑ.ඔයාලා මේ අසපුවල ඉන්න හොර ගනයොත් එක්ක එකතුවෙලා මේ රට මහායානයක් කරන්න හදන එකම තිරිසන් වැඩක් නේද?කරුනාකරලා සිල්වත් භික්ෂූන් වහන්සේලා එක්ක බුදුදහම ගොඩ නංවන්න දායක වෙන්න.සමහරවිට ඔයාලා බෞද්ධ වෙසින් බුදු දහම විනාස කරන්න ආපු මර දූතිකාවන් වෙන්න ඇති.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,204
    8,962
    113
    Dubai
    දුප්පත් මිනිස්සුන්ට නොදුන්නත් මේවා එහ්ම්ම විසිකලත් පව් සිද්ධවෙන්නේ නෑ යහපත් සිතින් මේ ක්‍රියාව කලානන්..බුද්ධ පූජාව එක්ක පටලගත්තේ නෑ..ඒත් මේ පලතුරුත් පූජා කරලා තියෙන්නේ බුදුන්ට කියලා මතක තියාගන්න..

    ඒ මිනිස්සු විසින් හදා ගත්ත දෙයක්. බුදු දහම කියන්නේ ආගමකට වඩා දර්ශනයක්. එහෙම නැතුව අන්ධ භක්තිකයන්ගේ ආගමක් නෙවෙයි. මට එකක් කියන්න බුදුන් වහන්සේ කොතනද දෙශනා කරල තියෙන්නේ බුදුන් වෙනුවෙන් මේ වගේ පලතුරු පූජාවල් පවත්වන්න කියලා. මෙහෙම යනකොට ඔය කියයි අර කලින් හාමුදුරුවො ඌරු මස් එක්ක දුන්න දානයත් හරි කියලා. එක පලතුරක් පූජා කරත් එකම පින පලතුරු ලොරි ගානක් පූජා කරත් එකම පින. මෙච්චර පලතුරු ගොඩක් මිනිස්සුන්ට කන්න නොදී විසික් කරත් පවු සිද්ධ වෙන්නේ නෑ කියලා ඔය කියනවා.. මේ පලතුරු කාට හරි කන්න දුන්නොත් තමයි ඒක පිනක් වෙන්නේ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔයාලා දැන් මනුස්සයන් විදිහට ඉපදිලා හිටියත් තිරිසන්නු වගේ තමයි මේ විදිහට මේවගේ දේවල් අනුමත කරනවනම්.තිරිසෙනෙක් මිසක් මිනිසෙක් මේ වගේ නාස්තිකාර දේවල් අනුමත කරන්නේ නෑ.ඔයාලා මේ අසපුවල ඉන්න හොර ගනයොත් එක්ක එකතුවෙලා මේ රට මහායානයක් කරන්න හදන එකම තිරිසන් වැඩක් නේද?කරුනාකරලා සිල්වත් භික්ෂූන් වහන්සේලා එක්ක බුදුදහම ගොඩ නංවන්න දායක වෙන්න.සමහරවිට ඔයාලා බෞද්ධ වෙසින් බුදු දහම විනාස කරන්න ආපු මර දූතිකාවන් වෙන්න ඇති.

    :lol::lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒ මිනිස්සු විසින් හදා ගත්ත දෙයක්. බුදු දහම කියන්නේ ආගමකට වඩා දර්ශනයක්. එහෙම නැතුව අන්ධ භක්තිකයන්ගේ ආගමක් නෙවෙයි. මට එකක් කියන්න බුදුන් වහන්සේ කොතනද දෙශනා කරල තියෙන්නේ බුදුන් වෙනුවෙන් මේ වගේ පලතුරු පූජාවල් පවත්වන්න කියලා. මෙහෙම යනකොට ඔය කියයි අර කලින් හාමුදුරුවො ඌරු මස් එක්ක දුන්න දානයත් හරි කියලා. එක පලතුරක් පූජා කරත් එකම පින පලතුරු ලොරි ගානක් පූජා කරත් එකම පින. මෙච්චර පලතුරු ගොඩක් මිනිස්සුන්ට කන්න නොදී විසික් කරත් පවු සිද්ධ වෙන්නේ නෑ කියලා ඔය කියනවා.. මේ පලතුරු කාට හරි කන්න දුන්නොත් තමයි ඒක පිනක් වෙන්නේ.

    තර්ක කරන්න කලින් තව පොඩ්ඩක් බුද්ධ දර්ශනය ගැන දැනගෙන එන්න..මොන දේත් කරලා ඒ දෙයින් පිනා යනවනන් එක තමයි පින කියන්නේ..චේතනාව තමයි යහපත් වෙන්න ඕනේ..ඕවා දුප්පත් මිනිස්සුන්ට දුන්නත් වැඩක් නෑ ඒ දීලාත් අකුසල් සිතුවිලි පහල වුනොත්..
     
    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    බුදුරජාණන්වහන්සේ ප්‍රතිපත්ති පූජාව විතරක් නෙමෙයි ආමිස පූජාව ගැනත් දේශනා කලා.කාටවත් හිංසාවක් නැති කාගෙ හරි හිතේ කුසල් සිතුවිලි මතුවුනානන් එච්චරයිනේ..ඔහොම ගිහින් අන්තිමට දලදා මාලිගාවේ බුද්ධ පූජාවත් තියන්න එපා කියයි..ඒවත් බුදුරජාණන්වහන්සේ වලඳන්නේ නැති නිසා අහක යනවා කියලා..යම්කිසි පූජාවකින් ශ්‍රද්ධාව ,කුසල් සිතුවිලි වැඩෙනවනන් එතනයි පින..
    බුද්ධ පූජාවට තියන්නෙ ටික ටික
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බුද්ධ පූජාවට තියන්නෙ ටික ටික

    :lol::lol::lol:මාලිගාවේ බුද්ධ පූජාවට ව්‍යාංජන කීයක් තියේද කියලා දන්නවද?:)
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ශ්‍රද්ධාව ඕනවට වඩා වැඩි, ප්‍රඥ්ඥාව අඩු පුද්ගලයන් තමයි මේවා අනුමත කරන්නේ. හාමුදුරුවන් ලක්ෂයක් ගෙනල්ලා ලොකු පූජාවක් තිබ්බා නම් ඒක කමක් නෑ ,ඒකෙන් බඩ හරි පුරවගනියි, පිනක් එයි , බුද්ධ කාලේ වුනත් සංඝ‍යාට දන් දුන්නා මිසක් පිළිම තියලා ඒවා ඉස්සරහා ලක්ෂගාණක වටින පළතුරු තිබ්බේ නෑ පින් ගන්න කියලා.
    මෙහෙම දෙයක් කරලා පිනක් එන්නේ නෑ. මේකෙන් වෙන්නේ ශ්‍රද්ධාව වැඩි වෙන එක විතරයි, මෙතන ශ්‍රාද්ධාව නාස්තිය එක්ක එකට මැනලා බැලුවොත් මේක එහෙම් පිටින්ම නාස්තියක්. පොඩි පළතුරු වට්ටියක් වගේ නම් කමක් නෑ, එතන එතකොට නාස්තිය අවමයි.

    අපි මේක නිසා අපේ හිත සවුත්තු කරගෙන පව් පුරවගන්න ඕනේ නෑ නමුත් වැරදි දෙයක් දැක්ක තැන ඒක හෙළ දකින්න ඕනේ. ආහාර මල් වගේ දෙයකට සමකරන්න ,කෑම කියන්නේ මිනිස්සුන්ට වටින දෙයක්, ආහාර කියන්නේ ලෝකය දුර්ලභ දෙයක්, කෑම නැතුව මිනිස්සු මැරෙනවා ලක්ෂ ගණන් සමහර රටවල, ලංකාවේ වුනත් තත්වය එහෙමයි. මේකත් හරියට අර oh my god movie එකේ වගේ. අවසානයේදි කෑම බෙදලා දුන්නා කිව්වනේ? එහෙම දුන්නා නම් කමක් නෑ ,අඩුම ගානේ නාස්තිය හරි අඩු වෙනවා.

    උබල කියන එකේ දෙපැත්තක් තියනව.නාස්තියෙ ප්‍රමානාත්මකව මැනීම වැරදී.එක ගෙඩිය නාස්ති කරත් ගෙඩි 10ක් නාස්ති කරත්.එක ගෙඩිය ගෙඩිය එක තැනකට එකතු කරාම ගොඩක්නෙ.මේකත් බුද්ද පූජාවක් නේද බන්.එතකොට දවසකට බුද්දපූජා කියල වේල් දෙකකට අයින් කරන කෑම රට පුරා එකතු කරොත් මිනිස්සු කී දෙනෙක් ගෙ බඩ පුරවන්න පුලුවන්ද.පොයින්ට් එකක් තියනව නේද.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    බුද්ධ පූජාවට තියන්නෙ ටික ටික

    ටික ටික උනත් ගොඩ ගොඩ උනත් නාස්තිය නම් නාස්තිය නේද බන්.දලදා මාලිගාවෙ විතරද දානෙ දෙන්නෙ.ලන්කාවෙ පන්සල් 6000ක් විතර තියනව.එතකොට ප්‍රමානාත්මකව ලොකුයි නේද.