
confuse වගේ ටිකක් පේන්නේ නමුත් ඇත්තටම එහෙම එකක් නෑ, ආමිස පූජාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරලා නෑ, ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ යම් මට්ටකට, හරියට කිව්වොත් ආමිසය 8,9 ක් වගේ ඉතුරු ටික ප්‍රතිපත්තු පූජාව. ආමිස පූජාවෙන් කුසල රැස්වෙන බව ඇත්ත නමුත් ආමිස පූජාවෙන් අමූලිකා ශ්‍රද්ධාව ඇති වෙනවා මොකද ආමිස පූජාව කියලා දැන් කරන්නේ පිළීම වන්දනාවයි, බෝධිය වටේ වට 7 යන එකයි, පහන් පත්තු කරලා දුවගෙන එන එකයි, පොතේ තියෙන ගාථාව බලාගෙන කියවලා එන එකයි නේ, ඕක ඉතින් මිනිස්සු කරන්නේ අනෙක් අය කරන නිසානේ? නෙවෙයිද? ඉතින් ඒක තමයි අමූලිකා ශ්‍රද්ධාව කියන්නේ. ඔය මල් පූජා කරලා ඕක පරවෙනවා බලාගෙන ඉන්නේ කීයෙන් කීදෙනාද? මල් ටික පූජා කරා ගෙදර දුවගෙන ආවා, පහුවෙනිදා ශුද්ධ කරන මිනිහා ඇවිත් ඕවා කුණු එකට දාගෙන යනවා. ඉතින් ආමිස පූජාව වැඩිමේන් අමූලිකා ශ්‍රද්ධාව තමයි වැඩෙන්නේ. ඕකෙන් මනසට සහනයක් වෙන එක ඇත්ත ,ඒක නිසා මම වරදක් කියන්නේ නෑ, ආමිස පූජාව වැරදියි කියන්නෙත් නෑ, ඇත්තටම කිව්වොත් අමුලිකා ශ්රද්ධාවත් ඕනේ මිනිස්සුන්ව පහදවලා ධර්මයේ තියාගන්න ධර්මය හරියට අවබෝධවෙනකම්.
ඒක හරි නමුත් මම කියන්නේ පිළීම ඉස්සරහා කෑම ටොන් ගණන් තියලා පින් බලාපොරොත්තු වෙන එක අර්ත රහිත වැඩක්,ඒක නාස්තියක්. හාමුදුරුවන් ටිකක් ගෙනල්ලා දන් දුන්නා නම් අන්න ඒක නියම ආමිස පූජාවක් කුසලය රැස්වෙන, සමන්ත භද්‍ර හාමුදුරුට හැමෝම බනිනවා නමුත් ඒ හාමුදුරු නියම ආමිසය පූජාවක් මේ ලගදි තිබ්බා හාමුදුරුලා ගොඩක් ගෙනල්ලා ලොකු දනයක් දීම මගින් ,අන්න ඒක තමයි හරි මග. ඒ වගේම නිවන් දකින්න ආමිසය මදි, ඒකට ප්‍රතිපත්තිය තමයි ගොඩක් වැදගත්.