ඡන්ද පරක්කු නේ

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මිනිස්සුන්ට මහින්දව එපාවෙන්න අවුරුදු 10 ක්ම ගියා.... ඇයි බන් අවුරුදු 2න් මිනිස්සුන්ට හිටන් පොනිල් ඩබල එපාවුනේ මේ තරම් වැඩ කොටසක් කරල යහපාලනේ පවා උදා කරල තියෙද්දිත්....


    හේතුව මයිත්‍රීට මහින්ද පටන් ගත්තා වගේ පටන් ගන්න බැරි උනා.
    මහින්ද හොඳ මිනිහා අවුරුදු 10 කදි ලක්ෂ ගණනකින් ප්‍රතික්ෂේප උනා වගේම ඒ සිස්ටම් එක සදාකාලික බලයක් කරගනී කියලා තේරුම් ගත්තා.
    මයිත්‍රී පත් උනේ මයිත්‍රී හොඳායි කියලා නෙවෙයි මම හිතන්නේ. මහින්දගේ ගැටෙන් බේරෙන්න.

    මහින්ද පක්ෂේ භාරදුන්නට යටින් හැලහොල්මන් කලා. මහින්ද වටේ හිටිය ප්‍රභල ඇමතිලා (චෝදනාත් ප්‍රභලයි )මහින්දව ඇද්දා ආයේ දේශපාලනේට. කොහොමත් මහින්ද අදටත් තනි පුද්ගලයෙක් විදියට ගත්තොත් ජනප්‍රියම කෙනා.
    ඉතින් මයිත්‍රී බලය අතහරින්න ටෝක් දුන්නට මහින්දගේ බැක්ග්‍රවුන්ඩ් එක තුල තනි වෙනවා කියලා තේරුම් ගත්තා. මෑන් ඒකට පිළියමක් කරගත්තේ පැරදුනු සොකඩයො ටිකක් වටේට දාගත්තා. රනිල් එක්කත් ලේසි නෑනේ.

    මයිත්‍රීගේ පහුගිය අවුරුදු දෙකේ සමහර අංශ වලින් යම් දියුණුවක් තියෙනවා. (ඒ මහින්දගේ කාලයේ දැඩි ලෙස විවේචය ඌ අංශ වලින් ) ඒවා ඔක්කොම මහින්දගෙ පාර්ශවය තවත් ශක්තිමත් වෙන්න උදව් කරගන්නවා )
    හැබැයි මිනිස්සු බලාපොරොත්තු උන ලෙවල් එකට හුඟක් යටින් මයිත්‍රී ඉන්නෙ. රනිල් සාධකේ කොහොම්ත් මයිත්‍රීගේ සෙට්ල් වීමට තර්ජනයක්. ඉතින් අන්තිමට මයිත්‍රී අවුරුදු දෙකකදි සෑහෙන පස්සට ගිහිල්ලා.

    දැන් වෙලා තියෙන්නේ හැමෝම තුරුම්පු භාවිතා කරනවා.
    1. මහින්ද හොර වංචාකාර උන් ඉවත්කොට පැමිණෙන්නේ නෑ සටනට. ආර්ක්ෂා කරනවා තුරුම්පු
    2. මයිත්‍රී එකින් එක එකින් එක බලය භාවිතා කරනව හැමගේ සුඛ විහරණය සඳහා. තුරුම්පු භාවිතය
    3.රනිල් කොහොමත් සුපුරුදු පරිදි ජන මනස නොහඳුනන නොතකන ක්‍රමෙට යනවා. තුරුම්පුව ගෝලයන්ගේ උවමනා එපාකම් සපිරවීම
    (ජේවීපී හා අනෙකුත් ත්‍රීවීල් පක්ෂ අදාල කර නොගන්නේ තරඟයෙන් ඉවත්ව ඇති සාධක නිසාය. විමල් හා ගම්මන්පිල යනු කූඬැල්ලන් ලෙස සලකමි )


     
    • Like
    Reactions: Anemanda1

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    කලින් ආංඩුව නියමිත කාලේට ඡන්ද තිබ්බා මොනා උනත්. මුන් ඒ කාලේ ගේම ඉල්ලපු හැටි කොහොමද.

    paffrel organization

    CaFFE



    ඒත් දැන් ඡන්ද සෑහෙන්න පරක්කුයි. කෝ බන් මුන්?

    කලින් ආණ්ඩුව චන්දෙ පරදියි කියල බයට චන්දෙ කලින් තිබ්බ. දැන් ආණ්ඩුව චන්දෙ පරදියි කියල බයට චන්දෙ පරක්කු කරනවා. ඔක්කොම එකයි. හැම එකෙන්ම බැට කන්නේ බදු ගෙවන මිනිස්සු.
     
    • Like
    Reactions: upulpdn

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අවුරුදු දහයකට විතර එක ඡන්දයක් තිබ්බම ඇති. ඒකෙන්, ජනාධිපති, අගමැති, ඇමති මණ්ඩලය ඔක්කොම පත්කරගත්තනම් හරි.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    හා... හා... රාජිත හැමදාම ඕක කරගෙන මෙහෙම ඉන්නද කල්පනාව.
    මේ රට භාරගන්න...මේරට භාරගන්න...
     
    chande tiyene neweine chande dunne. chande wenas kerela tiyanna. kotasha krameta

    ඇත්තටම කොට්ඨාශ ක්‍රමයක් ද තියේනනේ?

    කථානායකවරයා පාර්ලිමේන්තුව කල් තැබුවේය. සභාව කල් තැබූ අවස්ථාවේදී අසුනෙන් නැගී සිටි රනිල්
    තම හිතවතුන් සමඟ යළි සාකච්ඡාවකට ගියේය. යමු යමු තව කතා කරලා ප්‍රශ්නෙ විසඳගමු කී රනිල් විපක්ෂයේ අසුන්ගෙන සිටි අනුර කුමාර දෙසට අත දිගු කර අනුර එක්ක යැයි කියා අතින් සංඥා කළේ එළියට එන ලෙසය. එය ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සියළුම දෙනා පැහැදිලිව දුටහ.
    රනිල් ගේ සංඥාව දැක නොදුටු ලෙස අහක බලාගෙන සිටි අනුර ළඟට ගිය සිසිර ජයකොඩි
    *අන්න බොස් කතා කරනවා යැයි පැවසීය. සිසිරගේ කතාවට කේන්ති ගිය අනුර ඔහුට බැණ වැදුණේය. යළිත් සිසිර කීවේ බොස් කතා කළා නේද?* යනුවෙනි.
    *රතු අලි පැටියට ආරාධනාවක් ආවා නේද?* යැයි විමල් ඇසුවේය. ඊට කිසිවක් නොකී අනුර සභා ගැබෙන් පිටතට ගියේය.
    සභාව කල් තැබූ පසු පක්ෂ නායක රැස්වීමක් පැවැති අතර එහිදී පක්ෂ නායකයෝ මෙම සංශෝධනයට දැඩි ලෙස විරෝධය පාන්නට වූ අතර එහි ඉහළින්ම සිටි හකීම් සහ බදියුදීන් පැවසුවේ තමන් මෙයට විරුද්ධව ඡන්දය දෙන බවය.
    තත්ත්වය සම්පූර්ණයෙන් කණපිට හැරුණේ නීතිපතිවරයා එවන ලද දැනුම් දීමක් කථානායකවරයා විසින් සවස පහට යළිත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසුවය. එයින් කියවුණේ පනත සරළ බහුතරයෙන් සම්මත කිරීම ප්‍රමාණවත් නොවන බවත් ඊට තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය බවත්ය. ආණ්ඩුවට තරු විසිවුණේ එවිටය. ඒ වන විටත් තුනෙන් දෙකකට අවශ්‍ය මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවේ නොසිටි අතර වහා ක්‍රියාත්මක වූ ආණ්ඩුව මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණෙන්නැයි දැනුම් දුන්නේය.
    ආණ්ඩුවට හකීම් සහ බදියුදීන් ගේ කැමැත්ත අත්‍යාවශය විය. ඒ අනුව අගමැතිවරයා හකීම් සහ බදියුදීන් සමඟ වෙනම සාකච්ඡාවක් පැවැත්වීය. එම සාකච්ඡා පැවැත්වෙන අතරතුර අගමැතිවරයාගේ කාමරයට බ්‍රීෆ් කේස් දෙකක් රැගෙන යනු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පැහැදිලිවම දුටහ.
    ඔවුන්ගේ කැමැත්ත ලබා ගැනීම සඳහා පළාත් සභා මැතිවරණයේ දී නියෝජිතයන් තෝරා ගැනීමේ අනුපාතය වෙනස් කිරීමට රනිල් ට සිදුවිය. ඒ අනුව කොට්ඨාස සහ සමානුපාතික ක්‍රමවේදයේ සියයට 60 සියයට 40 අනුපාතය මුස්ලිම් නියෝජිතයන්ගේ ඉල්ලීම පරිදි සියයට 50 ට දක්වා වෙනස් කිරීමට සිදුවිය
    .
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ආණ්ඩුවට හකීම් සහ බදියුදීන් ගේ කැමැත්ත අත්‍යාවශය විය. ඒ අනුව අගමැතිවරයා හකීම් සහ බදියුදීන් සමඟ වෙනම සාකච්ඡාවක් පැවැත්වීය. එම සාකච්ඡා පැවැත්වෙන අතරතුර අගමැතිවරයාගේ කාමරයට බ්‍රීෆ් කේස් දෙකක් රැගෙන යනු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පැහැදිලිවම දුටහ.
    ඔවුන්ගේ කැමැත්ත ලබා ගැනීම සඳහා පළාත් සභා මැතිවරණයේ දී නියෝජිතයන් තෝරා ගැනීමේ අනුපාතය වෙනස් කිරීමට රනිල් ට සිදුවිය. ඒ අනුව කොට්ඨාස සහ සමානුපාතික ක්‍රමවේදයේ සියයට 60 සියයට 40 අනුපාතය මුස්ලිම් නියෝජිතයන්ගේ ඉල්ලීම පරිදි සියයට 50 ට දක්වා වෙනස් කිරීමට සිදුවිය
    .


    ඕක ඔහොම තමා..
    තිස්ස විතාරණලා ඕවා හැදුවට හමස් පෙට්ටියේ දාලා වහලා බලෙන්ම වහගෙන හිටියෙත් ඕකම තමා හේතුව... ඒක පාර්ශවිකව ලියපු නිසා ලිව්වේ.
    හැම එකාම ඔය වගේ ගස් වලටයි කුකුළන්ටයි ඕන විදියට නටන්න දුන්න ඒ ඒ කාලෙදි
    මේ කාලෙදි මුන් ඒ කාලෙදිත් මුන්...