මිනිස්සුන්ට මහින්දව එපාවෙන්න අවුරුදු 10 ක්ම ගියා.... ඇයි බන් අවුරුදු 2න් මිනිස්සුන්ට හිටන් පොනිල් ඩබල එපාවුනේ මේ තරම් වැඩ කොටසක් කරල යහපාලනේ පවා උදා කරල තියෙද්දිත්....
හේතුව මයිත්රීට මහින්ද පටන් ගත්තා වගේ පටන් ගන්න බැරි උනා.
මහින්ද හොඳ මිනිහා අවුරුදු 10 කදි ලක්ෂ ගණනකින් ප්‍රතික්ෂේප උනා වගේම ඒ සිස්ටම් එක සදාකාලික බලයක් කරගනී කියලා තේරුම් ගත්තා.
මයිත්‍රී පත් උනේ මයිත්‍රී හොඳායි කියලා නෙවෙයි මම හිතන්නේ. මහින්දගේ ගැටෙන් බේරෙන්න.
මහින්ද පක්ෂේ භාරදුන්නට යටින් හැලහොල්මන් කලා. මහින්ද වටේ හිටිය ප්‍රභල ඇමතිලා (චෝදනාත් ප්‍රභලයි )මහින්දව ඇද්දා ආයේ දේශපාලනේට. කොහොමත් මහින්ද අදටත් තනි පුද්ගලයෙක් විදියට ගත්තොත් ජනප්‍රියම කෙනා.
ඉතින් මයිත්‍රී බලය අතහරින්න ටෝක් දුන්නට මහින්දගේ බැක්ග්‍රවුන්ඩ් එක තුල තනි වෙනවා කියලා තේරුම් ගත්තා. මෑන් ඒකට පිළියමක් කරගත්තේ පැරදුනු සොකඩයො ටිකක් වටේට දාගත්තා. රනිල් එක්කත් ලේසි නෑනේ.
මයිත්රීගේ පහුගිය අවුරුදු දෙකේ සමහර අංශ වලින් යම් දියුණුවක් තියෙනවා. (ඒ මහින්දගේ කාලයේ දැඩි ලෙස විවේචය ඌ අංශ වලින් ) ඒවා ඔක්කොම මහින්දගෙ පාර්ශවය තවත් ශක්තිමත් වෙන්න උදව් කරගන්නවා )
හැබැයි මිනිස්සු බලාපොරොත්තු උන ලෙවල් එකට හුඟක් යටින් මයිත්‍රී ඉන්නෙ. රනිල් සාධකේ කොහොම්ත් මයිත්රීගේ සෙට්ල් වීමට තර්ජනයක්. ඉතින් අන්තිමට මයිත්‍රී අවුරුදු දෙකකදි සෑහෙන පස්සට ගිහිල්ලා.
දැන් වෙලා තියෙන්නේ හැමෝම තුරුම්පු භාවිතා කරනවා.
1. මහින්ද හොර වංචාකාර උන් ඉවත්කොට පැමිණෙන්නේ නෑ සටනට. ආර්ක්ෂා කරනවා තුරුම්පු
2. මයිත්‍රී එකින් එක එකින් එක බලය භාවිතා කරනව හැමගේ සුඛ විහරණය සඳහා. තුරුම්පු භාවිතය
3.රනිල් කොහොමත් සුපුරුදු පරිදි ජන මනස නොහඳුනන නොතකන ක්‍රමෙට යනවා. තුරුම්පුව ගෝලයන්ගේ උවමනා එපාකම් සපිරවීම
(ජේවීපී හා අනෙකුත් ත්‍රීවීල් පක්ෂ අදාල කර නොගන්නේ තරඟයෙන් ඉවත්ව ඇති සාධක නිසාය. විමල් හා ගම්මන්පිල යනු කූඬැල්ලන් ලෙස සලකමි )
