ඡායාරූපකරණය 101 | පාඩම් මාලාව

Mens Rea

Well-known member
  • Nov 10, 2011
    501
    322
    63
    Colombo
    ඡායාරූපකරණය 101 | පාඩම් මාලාව

    10687875_585146974922895_4552713890820866455_o.jpg



    එළකිරි එකේ පරණ සාමාජිකයෙක් හැටියට එළකිරි එකට යම් කිසි වැදගත් දෙයක් දෙන්න ඕනේ කියලා කාලෙක ඉඳන් අවශ්‍යතාවක් තිබුණා. ඉතින් මේ ව්‍යායාමය රජසැප පිණිස නෙවෙයි ඉතින්. අපේ එළකිරි කට්ටියට වගේම guestsලා විදිහට සයිට් එකට එන අයට වැදගත් වෙන දෙයක් දෙන්නයි.

    වසර ගණනාවක් තිස්සේ ඡායාරූප, චිත්‍රපට සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ වැඩ කරපු කෙනෙක් හැටියට මට ලබා දෙන්න පුලුවන් දෙයක් හැටියට අලුතෙන් ක්ෂේත්‍රයට එකතු වෙන්නට කැමති අයටත්, වැඩිපුර දැනුම ලබා ගැනීමට කැමති ක්ෂේත්‍රයේ පළපුරුදු අයටත් එක සේ වැදගත් විය හැකි ඡායාරුපකරණය 101 | සරල සිංහලෙන් පාඩම් මාලාව ඔබ වෙතට ගෙන එන්නට අද පටන් මම සූදානම්.


    :nerd::nerd::yes::yes::yes:


    10708762_585171998253726_8875120762142782433_o.jpg



    මෙම පාඩම් මාලාවෙන් ඡායාරූපකරණය පිළිබඳ ටිකක් ගැඹුරට ඔබව ගෙන යන්න මම බලාපොරොත්තු වෙනවා.

    :yes::yes::yes:

    ජංගම දුරකතනයකින් අලංකාර ඡායාරූපයක් ගැනීම වගේ සරල දෙයක ඉඳන් DSLR ඡායාරූපකරණය, DSLR වීඩියෝකරණය, වෘත්තීය කැමරාකරණය, ක්ෂේත්‍රයේ රහස්, පහසු-මිලෙන් අඩු-කෙටි ක්‍රම, උපකරණ සහ උපාංග, වැදගත් උපදෙස්, නව උපකරණ මිලදී ගැනීමේ දී සැලකිලිමත් විය යුතු දෑ, ඡායාරූප ශිල්පියකු නොකළ යුතු වැරදි, පසු සංස්කරණ ක්‍රමවේද, ෆොටෝෂොප් සහ ලයිට්රූම් භාවිතය වැනි විවිධ මාතෘකා ඔස්සේ මේ පාඩම් මාලාව ගෙනියන්න මම තීරණය කළා.

    ;););)

    මේ පාඩම් මාලාවේ ගැටළුවක්, නොපැහැදිලි තැනක් තියෙනවා නම් මට PM එකක් දාලා ඒ ගැන අහන්න. එහෙමත් නැත්තම් මට ඊමේල් එකක් එවන්න. එහෙමත් නැති නම් ෆේස්බුක් මගින් මට මැසේජ් එකක් දාන්න. අත්‍යවශ්‍ය දෙයක් නම් රාත්‍රී සතියේ දින වල 7.00න් පස්සෙත් සති අන්ත දින වල හවස 6.00න් පස්සෙත් මගේ පුද්ගලික දුරකථන අංකයට කතා කරලා අසා ගන්න පුළුවන්.

    [FONT=&quot]ඒ වගේ ම කිසියම් අත් වැරැද්දක් හෝ අඩුපාඩුවක් ඔබ දැක්කොත් ඒ ගැනත් මා දැනුවත් කරන්න. මම හැකි ඉක්මනින් එවැනි දෙයක් නිවැරදි කරන්නම්. [/FONT]



    මගේ මේ පාඩම් මාලාව ඔය හැම කෙනෙක්ට ම ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ස්තුතියි!

    :yes::yes::yes::yes::yes:
    මම,
    පසන් ඉරෝෂණ බණ්ඩාර,
    රෙඩ් අයි පික්චර්ස් ආයතනය,
    45, මීතොටමුල්ල පාර,
    වැල්ලම්පිටිය.

    Email

    www.facebook.com/mensrea1.1

    +94721527123
    +94721527123




    icYZBSH.png

    Call
    Send SMS
    Add to Skype
    You'll need Skype CreditFree via Skype
     
    Last edited:

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    322
    63
    Colombo
    පාඩම් අංක 0| Introduction - හැඳින්වීම

    [FONT=&quot]
    qbjrdAx.png

    ඡායාරූපකරණය කියන්නේ ඇත්තටම මොකක් ද? [/FONT]


    [FONT=&quot]මේක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. ඇත්තටම අද කාලේ කැමරා එකක් එල්ල ගෙන ‘මම ෆොටෝග්‍රැෆර්’ කියලා කියා ගන්න අය පඳුරකට පයින් ගැහුවොත් දහයක් පහළොවක් විසි වෙන තත්ත්වයට ඇවිත් තියෙන්නේ. හැබැයි වෘත්තීය මට්ටමේ කැමරාවක් අතේ තිබුණු පළියට කෙනෙක් ඡායාරූප ශිල්පියෙක් වෙන්නෙත් නෑ. වෘත්තීය මට්ටමේ කැමරාවක් අතේ නැති වුන පළියට දක්ෂ කැමරා ශිල්පියෙක් නො වෙයි කියලා කෙනෙකුට කියන්නත් බැහැ. මේක තමයි අද ඡායාරූප ක්ෂේත්‍රයේ දකින්න ලැබෙන උභතෝකෝටිකය.[/FONT]

    [FONT=&quot]මම මෙහෙම කියන්නම් සරල ව. අපි හිතමු කාගේ ළඟ හරි [/FONT]Canon 5D Mark iii [FONT=&quot]වර්ගයේ ඉහල [/FONT]DSLR [FONT=&quot]කැමරාවක් අතේ තියෙනවා කියලා. හැබැයි ඒ උන්දෑ තමන්ගේ ඡායාරූප ටික ගන්නේ [/FONT]Auto Focus [FONT=&quot]දාලා නම් එයාට [/FONT]DSLR [FONT=&quot]කැමරා එකක් තිබ්බා කියලා වැඩක් නෑ. දක්ෂ ඡායාරූප ශිල්පියකුට ඒ වගේ ඡායාරූපයක් හොඳ ජංගම දුරකතනයක කැමරාවකින් පවා ගන්න පුළුවන්. අනිත් එක අර මුල් කෙනාට කිසිම කලාත්මක හැඟීමක් නැති නම් එයාගේ ඡායාරූප හොඳ ඡායාරූප වෙන්නේ නෑ. පොඩි කැමරාවකින් පවා [/FONT]angle, perspective, exposure [FONT=&quot]වෙනස් කරලා ඉතා ම ඉහල පෙළේ ඡායාරූපයක් දක්‍ෂ කෙනෙකුට ගන්න පුළුවන්.[/FONT]

    [FONT=&quot]ඉතින් දක්‍ෂ ඡායාරූප ශිල්පියෙක් වෙන්නේ කොහොම ද? මේක දැන් ඔය හැම කෙනෙකුට ම ඇති වෙලා තියෙන ප්‍රශ්නයක් වෙන්න ඕනේ. [/FONT]

    1.
    [FONT=&quot]මුල් ම දේ තමයි සාමාන්‍ය ජීවිතේ අපි හැමෝ ම දකින දේ වෙනස් විදිහකට, වෙනස් ඇහැකින්, වෙනස් කෝණයකින් දකින්න පුළුවන් වෙන්න ඕනේ. [/FONT]

    [FONT=&quot]බලන්න මේ පහල තියෙන පින්තූරය. අතේ දාගෙන යන සාමාන්‍ය බ්‍රේස්ලට් එකක් සහ මාලයක් තමයි මේ ඡායාරූපයේ තියෙන්නේ. නමුත් ඉතාම අලංකාර විදිහට රූප කෝණය, දෘෂ්ටි කෝණය, වස්තු [/FONT][FONT=&quot]වින්‍යාසය[/FONT][FONT=&quot] ඉතා ම විශිෂ්ටයි. අපි හැමදාම දකින දෙයක් වෙනස් විදිහට දකින්න පුළුවන් නම් ඔබත් විශිෂ්ට ඡායාරූප ශිල්පියෙක් වීමේ මූලික අඩිතාලම දාලා ඉවරයි. මේ ගැන වැඩි දුර විස්තර පසු පාඩමකින් ඉදිරිපත් කරන්නම්.[/FONT]


    the-jems.jpg


    2.
    [FONT=&quot]ඊළඟ වැදගත් ම දේ තමයි ඡායාරූපකරණයේ මූලික සිද්ධාන්ත ඉගෙන ගන්නා එක. [/FONT]

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]හෝව් හෝව්! දැන් මෙහෙම ඉගෙන ගන්න කතාව කිව්ව පමණින් බය වෙලා දුවන්න ලැස්ති වෙන්න එපා. ඡායාරූපකරණයේ සිද්ධාන්ත මහා ලොකු ගොඩක් නැහැ. නමුත් තියෙන කරුණු ටික නිවැරදි විදිහට ඉගෙන ගන්න එක අනිවාර්යයෙන් ම කළ යුතු දෙයක්. වැරදි දෙයක් මුල ඉඳන් ඉගෙන ගත්තොත් හැම දාම වැරදි විදිහට තමයි දිගට ම යන්නේ. ඒක නිසා මුල් ටික හරියට ඔලුවට දා ගන්න. එතකොට ටිකින් ටික ගැටලු ඔක්කොම මග හැරෙනවා.[/FONT]

    [FONT=&quot]දැන් වෘත්තිය ඡායාරූප ශිල්පියෙක් වෙන්න උවමනා කරන්නේ මොනවා ද? මුලින් සඳහන් කරපු කරුණු දෙක නම් අනිවාර්යයෙන් ම ඕනේ. නැති නම් බැහැ. හැබැයි නිකම් ඩිජිටල් කැමරාවක් අරගෙන ගිහින් වෙඩින් ෆොටෝග්‍රැෆි කරන්න යන්න එපා. අඩුම වශයෙන් [/FONT]DSLR [FONT=&quot]කැමරාවක් වත් තියෙන්න ඕනේ.[/FONT]
    [FONT=&quot]දැන් [/FONT]DSLR [FONT=&quot]කියන වචනේ කීප සැරයක් ම ආවා. මේ මොකක් ද? ඊට කලින් කැමරා මොඩල ගැන පොඩ්ඩක් කතා කරමු.[/FONT]

    779px-Studijskifotoaparat.JPG



    [FONT=&quot]ඉස්සර ම කාලේ ආපු ඒ වගේ කැමරා අද කොහෙත් ම භාවිතා වෙන්නේ නෑ[FONT=&quot]. [FONT=&quot](මේක ඡායාරුපකරණය ගැන මිසක් ඡායාරූපකරණයේ ඉතිහාසය ගැන පාඩමක් නෙවෙයි. ඒක නිසා මේ ගැන මම කතා කරන්නේ නෑ. දැන ගන්න ඕනේ නම් විකිපීඩියා කියලා "මෙව්වා" එකක් තියෙනවා. අන්න [FONT=&quot]ඒ[/FONT]කෙන් බලා ගන්න.)[/FONT][/FONT][/FONT]

    [FONT=&quot]ෆිල්ම් රෝල් භාවිතා කරපු මෑත අතීතයේ ආපු කැමරා ගොඩක් දැන් භාවිතයෙන් ඈත් වෙලා ගිහින්. මතක් ඇති ඉස්සර අව්වට අල්ලලා නෙගටිව් බලපු කාලයක් අපේ පොඩි කාලේ තිබුණා. මේ කැමරා වලට කියන්නේ [/FONT]SLR [FONT=&quot]කැමරා කියලයි. [/FONT]

    SLR – SINGLE LENS REFLEX ([FONT=&quot]තනි කාචයේ පරාවර්තනය)[/FONT]

    [FONT=&quot]මේ කැමරා වල තියෙන්නේ [/FONT]mirrors [FONT=&quot](කණ්නාඩි) වලින් දර්ශනය කාචයට පරාවර්තනය වෙනවා. මේ නිසා මේවට [/FONT]SINGLE LENS REFLEX CAMERAS [FONT=&quot]කියලා කියනවා. නමුත් මේ කැමරා දැන් භාවිතයෙන් ගොඩක් දුරට ඈත් වෙලා ගිහින්. සමහර ගෙවල් වල පොඩි ළමයින්ගේ සෙල්ලම් බඩු විදිහට [/FONT]SLR [FONT=&quot]කැමරා දීලා තියෙනවා මම දැකලා තියෙනවා. (සමහර විට ඒ දරුවන්ගේ දෙමව්පියෝ පැණි හඳ දකින කාලේ ජෝඩුවගේ [/FONT]Selfies [FONT=&quot]ගහ ගන්න පාවිච්චි කරපු කැමරාව වෙන්න ඇති. හම්මේ ඉතිං. :p )[/FONT]

    [FONT=&quot]ඉස්සර නම් [/FONT]SLR [FONT=&quot]කැමරා වලට වඩා [/FONT]DSLR [FONT=&quot]කැමරා තත්ත්වයෙන් බාල බව තමයි සාමාන්‍ය මතය වුණේ. නමුත් දැන් තත්ත්වය ටිකක් වෙනස් වේගෙන එන්නේ. [/FONT]DSLR [FONT=&quot]කැමරා පවා 35 [/FONT]mm SLR [FONT=&quot]කැමරා තත්ත්වයට සමාන වෙන තරමට ඉහල ප්‍රමාණයකට ඇවිත්. [/FONT]

    [FONT=&quot]කෙසේ නමුත් සමහර [/FONT]high[FONT=&quot]-[/FONT]end[FONT=&quot](උසස් තත්ත්වයේ)[/FONT] SLR [FONT=&quot]කැමරා වල [/FONT]picture quality [FONT=&quot]එක සහ වර්ණ සංවේදනය ඉතාම ඉහල තත්ත්වයේ තියෙනවා. ඒ නිසා සමහර අවස්ථා වල [/FONT]SLR [FONT=&quot]භාවිතා කරන්න සිද්ධ වෙනවා. (ඇත්ත ම කිව්වොත් තව ම [/FONT]IMAX [FONT=&quot]වර්ගයේ 70[/FONT]mm [FONT=&quot]කැමරාවක විභේදනය තියෙන [/FONT]Digital [FONT=&quot]වර්ගයේ කැමරා හදලා නැහැ. 9[/FONT]k [FONT=&quot]වගේ ප්‍රමාණයකට විතරයි [/FONT]Red Dragon [FONT=&quot]වගේ කැමරාවකට වුනත් යන්න පුළුවන්. ඒත් [/FONT]IMAX [FONT=&quot]එකක් [/FONT]16-18K [FONT=&quot]පවා [/FONT]shoot [FONT=&quot]කරන්න පුළුවන්. කෙලින් ම රීල් වලට තමයි ප්‍රින්ට් වෙන්නේ. තව ම ඩිජිටල් තාක්‍ෂණය එතැනින් එහාට දියුණු වෙලා නෑ. කොහොම වුනත් ඉදිරියේ දී ඒවත් එයි.) නමුත් [/FONT]SLR [FONT=&quot]වල තියෙන අනිත් අඩුපාඩු එක්ක බලද්දී ඒක එක්තරා ආකාරයක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. [/FONT]SLR [FONT=&quot]ඡායාරූපකරණය ගැන වෙනම ම පාඩමක් පස්සේ ඉදිරිපත් කරන්නම්.[/FONT]


    [FONT=&quot]හැබැයි තවමත් සමහර ගුඩු පොල් ගෙඩි වගේ ඉන්න කිසිම දියුණුවක් නැති ආදි කල්පික චමින්දලා කිහිප දෙනෙක් පරණ මෙලෝ රහක් නැති [/FONT]SLR[FONT=&quot]කැමරා (හොඳ එව්වා නම් තව කමක් නෑ) පාවිච්චි කරන අවස්ථා මම දැකලා තියෙනවා. එව්වා අපිට හදන්න බෑ. අපි අපේ යුගයට එමු.[/FONT]

    roll.jpg



    [FONT=&quot]දැන් කාලේ ගොඩක් ගෑනු ළමයි, පිරිමි ළමයි සහ වෙනත් ළමයි ළඟ තියෙන දෙයක් තමයි [/FONT]Digital Cameras[FONT=&quot] කියන දෙය. මේ කැමරා වෘත්තීය කැමරා නෙවෙයි. මේ කැමරා වල ඇතැම් සෙටින්ග්ස් හදන්න බෑ. ඒවා එක්කෝ තියෙන විදිහට ම පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැත්තම් ඒවායේ සෙටින්ග්ස් ඇත්තෙ ම නෑ. සමහර ඩිජිටල් කැමරා වල මැනුවල් ෆෝකස් එකක් නැහැ. තියෙන්නේ ඔටෝ ෆෝකස් විතරයි. එහෙම වුනා ම ඡායාරූප ශිල්පියෙක් අන්ත අමාරුවකට වැටෙනවා. ඒ වගේම සමහර කැමරා වල ඡායාරූප තත්ත්වය ඉතා ම බාලයි. ඒ වගේ ම අඳුරේ ඡායාරූප ගැනීමේ හැකියාව ඉතාම අඩුයි, නැතිනම් ඇත්තේ ම නැහැ. [/FONT]


    images

    [FONT=&quot]නමුත් ඉතා ම හොඳ තත්ත්වයේ ඩිජිටල් කැමරා නැත්තේ නැහැ.[/FONT] [FONT=&quot]සමහර ඩිජිටල් කැමරා වල ලෙන්ස් මාරු කිරීමේ හැකියාව, [/FONT]DSLR[FONT=&quot] කැමරාවක දකින්න ලැබෙන පහසුකම් වගේ දේවල් තියෙන අවස්ථා තියෙනවා. මේ කැමරා වල විශේෂත්වය වෙන්නේ මේවා [/FONT]point and shoot [FONT=&quot]නැත්නම් ‘තිබ්බා ගැහුවා’ ක්‍රමයට ඡායාරූප ගැනීමේ හැකියාවයි. ඒ කිව්වේ මේ කැමරා වල මහා ලොකු සෙටින්ග්ස් හදන්න දෙයක් නෑ. ස්වයංක්‍රීය ව කැමරාවට ඕනේ විදිහට ඡායාරූපය ගැනෙනවා. (හැබැයි [/FONT]DSLR [FONT=&quot]වල පවා තිබ්බා ගැහුවා ක්‍රමවේදය කරන්න බැරි නෑ. ඒවාත් [/FONT]Point and Shoot [FONT=&quot]වර්ගයේ ඩිජිටල් කැමරා විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒක හරියට කියතකින් පැන්සලක් උල් කරනවා වගේ වැඩක්. කටර් එකකින් කරන්න පුළුවන් වැඩේ කරන්න කියතක් මොකට ද? කියත තියෙන්නේ ලී ඉරන්න.) හැබැයි නිවැරදි ව කලාත්මක ව ඡායාරූප ගනිද්දී මේ තිබ්බා ගැහුවා කලාව විශාල කරදරයක් වෙන්න පුළුවන්. ලෙන්ස් මාරු කිරීමට නො හැකි වීම තවත් කරදරයක්. ඒ වගේ ම සමහර විට මේ කැමරා වල එන [/FONT]Zoom [FONT=&quot]ලෙන්ස් [/FONT]Variable Aperture Lenses [FONT=&quot]වගේ කරදරකාරී ලෙන්ස් වර්ගයක් වෙන්න පුළුවන්.[/FONT] [FONT=&quot]ඉතින් හොඳ ම දේ තමයි කෙලින් ම [/FONT]DLSR [FONT=&quot]එකකට යන එක.[/FONT]


    ZURBEAUTY-S.JPG

    DSLR
    DSLR [FONT=&quot]කියන්නේ [/FONT]DIGITAL SINGLE LENS REFLEX [FONT=&quot]කියන එක. දැනට ම අපි දන්නවා [/FONT]Single Lens Reflex [FONT=&quot]කියන්නේ මොකක් ද කියලා. මේ කැමරා වල සිද්ධ වෙන්නෙත් ඩිජිටල් ක්‍රමයට පරණ [/FONT]SLR[FONT=&quot] කැමරා වල සිද්ධ වෙච්ච දේ ම තමයි. හැබැයි [/FONT]Digital CMOS sensors, Mirror system [FONT=&quot]වගේ දේවල් වලින් [/FONT]SLR [FONT=&quot]වලට වඩා වෙනස් කම් රාශියක් ඇති වෙනවා. ඒ වගේ ම ෆිල්ම් රෝල් භාවිතා කරන්නට සිදු නො වීම, ලෙන්ස් මාරු කිරීම පහසු වීම, වියදම අඩු වීම, ඩිජිටල් පිටපත එකවර ම ලබාගත හැකි වීම වගේ ගොඩක් වාසි [/FONT]DSLR [FONT=&quot]කැමරා භාවිතා කිරීමෙන් අපිට ලැබෙනවා. [/FONT]DLSR [FONT=&quot]වල භාවිතා වෙන තාක්‍ෂණය මොකක් ද කියන එක පස්සේ පාඩමකින් කියන්නම්.
    [FONT=&quot]ලංකාවේ ගොඩක් භාවිතා වෙන DLSR [FONT=&quot]කිහිපයක් විදිහට Canon 5D Mark [FONT=&quot]ii/ Mark ii/ Canon 60[FONT=&quot]D/ [FONT=&quot]Canon 70D/ Canon 7D/ Nikon D90/N[FONT=&quot]ikon D800/[FONT=&quot]Nikon D[/FONT]3100 කියන්න පුළුවන්. මේ ඇරෙන්න Fujifilm[FONT=&quot], Sony[FONT=&quot], Panasonic Lumix[/FONT] වගේ [/FONT]තවත් ගොඩක් කැමරා වර්ග අපි දකිනවා.

    [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][FONT=&quot]හැබැයි දැන් නම් DSLR පවා ආදි[FONT=&quot] කල්පික භාවයකට පත් වේගනයි එන්නේ. මොක ද දැන් ඉදිරියේ දී එන්නේ MIR[FONT=&quot]RORLESS තාක්‍ෂණයෙන් යුතු කැමරා නිසා. දැන් [FONT=&quot]දැන් වෙළඳ[FONT=&quot]පලට නිකුත් වෙන Mirrorless කැමරා දකිනකොට මට හිතෙන්නේ තව අවුරුදු කිහිපයක් යනකොට අපේ දරුවන්ට සෙල්ලම් කරන්නට අපේ 5D Mark ii දීලා අපි [FONT=&quot]Mirrorless කැමරා උස්සගෙන හතර වටේ දුවන කාලයක් උදා වෙන්නත් බැරි නැහැ කියන ඒකයි. මේ[FONT=&quot]වා[/FONT]යේ විශේෂත්වය වෙන්නේ [FONT=&quot]D[FONT=&quot]SLR වල භාවිතා වුනු M[FONT=&quot]irror[FONT=&quot]/ කණ්ණාඩි තාක්‍ෂණය වෙනුවට පුර්ණ වශයෙන් Mirrorless තාක්‍ෂණයක් ගෙන ඒමයි. ඒ වගේ ම මේ නිසා බරින් අඩු, භාවිතයට පහසු, [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]ඉක්මනින් රත් නො වන, [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]වීඩියෝකරණය සඳහා වැඩි පහසුකම් ඇති[FONT=&quot] කැමරා මාදිලි හඳුන්වා දෙන්නට පටන් ගෙන තිබෙනවා. [FONT=&quot]Mirrorless [FONT=&quot]කැමරා පිළිබඳ ව ඉදිරි පාඩමකින් අපි සාකච්ඡා කරමු.[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
    lumix-gh3.jpg

    [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
    [FONT=&quot]
    මගේ පාඩම් මාලාවේ ප්‍රධාන කොටස කැප වෙන්නේ මෙ[FONT=&quot]තැ[/FONT]නින් [/FONT][FONT=&quot]DSLR [/FONT][FONT=&quot]ඡායාරූපකරණය පිළිබඳ ව ඉගැන්වීමටයි. ඉතින් ඊළඟ පාඩමෙන් අපි [/FONT][FONT=&quot]DSLR [/FONT][FONT=&quot]ඡායාරුපකරණයේ මූලික ම සිද්ධාන්තය ඉගෙන ගනිමු. ඒ [/FONT][FONT=&quot]exposure triangle [/FONT][FONT=&quot]නොහොත් ආලෝක ත්‍රිකෝණයයි. මේ ආලෝක ත්‍රිකෝණය ඔලුවට දා ගත්තේ නැත්තම් හැමදා ම [/FONT][FONT=&quot]Autofocus [/FONT][FONT=&quot]වලින් [/FONT][FONT=&quot]photo [/FONT][FONT=&quot]ගන්න තමයි සිද්ධ වෙන්නේ. [/FONT][FONT=&quot]Auto/Manual Focus [/FONT][FONT=&quot]ගැන සියලු විස්තර ඊළඟ පාඩමින්.

    [FONT=&quot]ම[FONT=&quot]ම,
    [FONT=&quot]පසන් ඉරෝෂණ බණ්ඩාර.[/FONT]
    [/FONT][/FONT][/FONT]
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    322
    63
    Colombo
    පාඩම් අංක 1| Exposure Triangle - ආලෝක ත්‍රිකෝණය

    SnwI7jw.png


    [FONT=&quot]අපි අලුතෙන් කැමරාවක් ගත්තු ගමන් කරන්නේ ඔන් කරලා ෂටර් බටන් එක (ෆොටෝ ගහන මෙව්වා බටන් එක) ඔබලා මොකක් හරි දෙයක් ඡායාරූපයට නගන එක. ගොඩක් වෙලාවට එහෙම කරද්දී ඔබ ඒ ඡායාරූපය ගන්නේ [/FONT]Auto Mode [FONT=&quot]එහෙම නැත්නම් [/FONT]Auto Focus [FONT=&quot]කියන ක්‍රමයෙන්. නමුත් නියම විදිහට තමන්ට උවමනා විදිහට ඡායාරූපයක් ගන්න ඕනේ නම් [/FONT]auto focus [FONT=&quot]වෙනුවට [/FONT]manual [FONT=&quot]හෙවත් [/FONT]Manual Focus mode [FONT=&quot]එකට මාරු වෙන්න ඕනේ. මේකත් හරියට වාහන එළවන එක වගේ.[/FONT]


    [FONT=&quot]මැනුවල් වාහනයක් එළවන එක ටිකක් අමාරුයි කියලා අපි දන්නවා. හැබැයි ඔටෝ[/FONT] [FONT=&quot]වාහනයක් එළවන එක ගොඩක් පහසුයි. (වාහන එළවන්න දන්නේ නැත්නම් මට කරන්න දෙයක් නෑ. ලර්නර්ස් එකකට යන්න.) මෙතන ඔටෝ මැනුවල් කියලා අදහස් කලේ ගියර් කැඩෙන සිස්ටම් එක. මැනුවල් නම් තමන් හිතලා අවශ්‍ය වෙලාවේ අවශ්‍ය විදිහට ක්ලච් එක පාගලා ගියර් එක එක දාන්න ඕනේ. නමුත් ඔටෝ වාහන වල ක්ලච් නෑ, ගියර් නිකම් ම කැඩෙනවා.
    [/FONT]



    [FONT=&quot]අන්න ඒ වගේ ඔටෝ ෆෝකස් එකෙත් නිකම් ම ෆෝකස් වීම සිද්ධ වෙනවා. මේක සිද්ධ වෙන්නේ කොහොම ද?[/FONT]
    [FONT=&quot]ඒක සිද්ධ වෙන්නේ එකිනෙකට සම්බන්ධ ප්‍රධාන කරුණු තුනක් (බොහෝ වෙලාවට) අනුවයි. මේ තුන තමයි ඡායාරූප කලාවේ වැදගත් ම දෙය. ඒක නිසා තුනට ගෞරව කරන්න දැන් ම ඉඳලා පුරුදු වෙන්න. (මෙතැන කිසිදු ව්‍යංගාර්ථයක් නැත. :p )[/FONT]


    1. Aperture[FONT=&quot]– [/FONT]Depth of Field[FONT=&quot]තත්ත්වය පාලනය වේ[/FONT]

    2. ISO[FONT=&quot]– [/FONT]Noise/Grain [FONT=&quot]තත්ත්වය පාලනය වේ.[/FONT]

    3. Shutter Speed – Motion Blur [FONT=&quot]තත්ත්වය පාලනය වේ.[/FONT]
    [FONT=&quot]ඔය තුන අනුව ඡායාරූපයකට [/FONT]exposure/[FONT=&quot]ආලෝකය ලැබීම, [/FONT]under exposure/[FONT=&quot]අඳුරු වීම, [/FONT]depth of field/[FONT=&quot]ක්ෂේත්‍ර ගැඹුර [/FONT]([FONT=&quot]මේ මගින් පසුතලය බොඳ කර ගැනීම කළ හැකියි)[/FONT], Noise/Grain/[FONT=&quot]ලප සහ තිත් සහිත බව, [/FONT]mothon blur[FONT=&quot]/චලන අවිශදතාව යන කරුණු සියල්ල ම තීරණය වෙනවා. ඉතින් මැනුවල් ෆොටෝ ගහනවා කියලා කෙනෙක් කිව්වොත් ඒ කියන්නේ ඒ ඡායාරූප ශිල්පියා හොඳට තුන පාලනය කරන්න දන්න කෙනෙක් බවයි.[/FONT]


    [FONT=&quot]ආලෝක ත්‍රිකෝණය කියන්නේ මොකක් ද කියලා දැන් අපි බලමු.[/FONT]


    [FONT=&quot]
    10173724_585632038207722_888275482652222080_n.jpg
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]......මේ තියෙන්නේ ආලෝක ත්‍රිකෝණය.....[/FONT]
    [FONT=&quot] මේ විවරයේ ප්‍රමාණය, [/FONT]ISO [FONT=&quot]අගය, සහ ෂටරයේ වේගය කියන "තුන" අනුව තමයි ඡායාරූපයක් අලංකාර විදිහට ගන්න පුළුවන් මූලික අඩිතාලම තියෙන්නේ. [/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]දැනට මේ තියෙන දේවල් කුණුහරප වගේ දැනෙන්න ඉඩ තියෙනවා. නමුත් බය වෙන්න එපා. ඉදිරි පාඩම් වලින් මේ හැම දෙයක් ම තේරුම් ගන්න හැකියාව ලැබෙනවා.[/FONT]


    [FONT=&quot]මේවා එක එකක් ගැන වෙන වෙනම කතා කළ යුතු මාතෘකා. මේ මාතෘකා තුන ගැන වෙන වෙනම ඉගෙන ගෙන ඉවර වුනාට පස්සේ තමයි ආලෝක ත්‍රිකෝණය සම්පුර්ණයෙන් පැහැදිලි ව තේරුම් ගැනීමට පුළුවන් වෙන්නේ. ඒ නිසා මම දැන් ම වැඩි විස්තර කතා කරන්නට යන්නේ නැහැ.[/FONT]


    [FONT=&quot]මේ මාතෘකා තුන සහ [/FONT]FOCAL LENGTH [FONT=&quot]කියන පාඩම ඉවර වුනාට පස්සේ [/FONT]Auto Modde [FONT=&quot]එකෙන්[/FONT] Manual Mode [FONT=&quot]එකට මාරු වෙන්න ඔයාලට පුළුවන් වෙයි. එතැනින් එහාට තියෙන [/FONT]Av/Tv Modes [FONT=&quot]වගේ දේවල් ඉදිරියේදී කතා කරමු.
    [/FONT]



    [FONT=&quot]ඉතින් ලබන සතියේ ඊළඟ පාඩමෙන් අපි මේ තුනෙන් පළමු වෙනි සහ වැදගත් ම එක වෙන [/FONT]Aperture [FONT=&quot]හෙවත් විවරයේ අගය පිළිබඳ ව කතා කරනවා.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මේ සතියේ පාඩමේ කිසියම් ගැටළු සහගත දෙයක් තිබුනොත් මගෙන් අසා දැන ගන්න පුළුවන්. :[/FONT]D [FONT=&quot]ඒ වගේ ම කිසියම් අත් වැරැද්දක් හෝ අඩුපාඩුවක් ඔබ දැක්කොත් ඒ ගැනත් මා දැනුවත් කරන්න. මම හැකි ඉක්මනින් එවැනි දෙයක් නිවැරදි කරන්නම්. [/FONT]
     
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,731
    1,113
    113
    ඉන්න තැන
    නියම වැඩක් මචො.... දැන් කාලෙ ගොඩක් උන්ට වදුරට දැලි පිහිය හම්බුණා වගෙ තමා කැමරාවක් හම්බුනාම..... ඊට පස්සෙ ෆ්ටො එකට කොනකින් බණ්ඩා ෆොටොග්‍රැෆි කියල කොහෙන් හරි දාගෙන මෙලො දෙයක් දන්නෙ නැතුව ඔහෙ ෆොටො ගහනව....


    000204AE.gif
     
    • Like
    Reactions: Ayeshlive