මචන් ඔතන සිද්ධිකා කියන්න හදන කතාව හෙන ලොජිකල් කියල හිතෙන්නැද්ද.
ඇෆ්ලටොක්සීන් එක පාරටම උඩට ඇවිත් කතා කලාට අපි මෙච්චරකල් කෑව ගොඩක් කෑමවල මේක තිබිල තියෙනව කියන එක පැහැදිලියි. ඇෆ්ලටොක්සීන් කියන්නෙ බාහිරින් කෘතිමව එකතුවෙන පිළිකාකාරක රසායනිකයකටත් වඩා කෘෂි භෝග ගබඩාවෙදිම එකතුවෙන දෙයක් බවත් හැමෝම දැන් දන්නවනෙ. අපේ මිනිස්සුන්ට ස්වභාවික වරණයෙන් හෝ වෙනයම් ක්‍රමයකින් මේ දිලීර වලින් හටගන්න පිළිකාකාරක වලට ටොලරන්ස් එකක් ලැබිල තියෙන නිසාද මන්ද ඒවයින් රැඩිකල් හානියක් වෙන්නෙ නෑ. ගැටලුව තියෙන්නෙ ලංකාවෙ ආහාර වල ට්‍රේස් කෙමිකල්ස් නියාමනය කරන ත්රෙශෝල්ඩ් ඕනෙවට වඩා පළල් වැඩිකම, ඕක නැරෝව් කරන්න උවමනාවක් නිලධාරීන්ට තියෙන බවත් ඒ අය කතා කරන විදියෙන් පැහැදිලියි. ඉතින් ඕක කරන කම් ඔය නිෂ්පාදන පරිභෝජනය කරනව ඇරෙන්න රටේ මාකට් එකේ ආර්ථිකය ගැන හිතුවොත් වෙන විකල්පයක් නැති බවයි සිද්ධිකා කියන්න ට්‍රයි කරන්නෙ. එහෙම
පරිභෝජනය කරන එකෙන් අවුරුදු ගණනාවක් තිස්සෙ දැනටම වෙලා තියෙන හානියට අමුතුවෙන් දෙයක් එකතු නොවෙන බව. එයාට මීඩියා එක්ක අත්දැකීම් මදි කම නිසාද මන්ද ඒක මහ අපිළිවෙල වගකීම් විරහිත ගොං තාලෙට එයා අතින් කියවෙන්නෙ.
සිද්ධිකා කියන්නෙ තමන්ගෙ ආචාර්ය උපාධියට highly cited, මාරම කොලිටි රීසර්ච් එකක් කරපු ලේඩි කෙනෙක්. ලංකාවෙ කාලෙක ලොකු ඉම්පැක්ට් එකක් තියෙන දේවල් කරපු දක්ෂ විද්‍යාර්ථීන් රාජ්‍ය සේවය ඇතුලෙදි කොච්චර බලාපොරොත්තු රහිත, අසරණ පාණ්ඩු ගතියක් එනවද කියන එකයි මට නම්
මේ සීන් එකෙන් පේන්න තියෙන්නෙ. මේ ඉන්ටර්වීව් එක එයා හැන්ඩ්ල් කරපු විදිහ අවුල්. මිනිස්සුන්ට බැක්ග්‍රවුන්ඩ් එකේ තියෙන දේවල් පැහැදිලි කරන්නැතුව ඕනෙවට වඩා අවංක වෙන්න ගියොත් මිනිස්සු කලබල වෙන එක වළක්වන්න බෑ.