ජපනගේ පල් වැඩ 01

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ජපන්නු හදපු සුපිරිම යන්තර හුගක් උන් බොහොම ටික කාලයක් හදලා නවත්තලා දැම්ම. එහෙම නැත්නම් ඒ සීරීස් එක මොකක් හරි ජරාවකින් කන්ටිනිව් කලා Y60 පස්සේ Y61 එක ආවා වගේ. ඉතින් මම කතාකරන්න යන්නේ ජපනා එහෙම කරපු වාහන ගැන. ටොයොටා සුප්‍රා, නිසාන් ස්කයිලයින් වල ඉදන් මෑත ඉතිහාසේ ඊයේ පෙරේදා නවත්තලා දාපු FJ කෲසරේ, nissan Xterra ඉදන් ජප්පෝ හදාපු හොදම වන්ඩි ගැන කතා කරමු

    ටොයොටා සුප්‍රා

    isg0whn8lwgyjnd6zlqx.jpg


    අදටත් තියෙන එකෙක් විකුනන්නේ නැති වික්කත් අස්ප ගනන් වලට විකිනෙන වාහනයක් තමයි සුප්‍රා A80 එක

    590b5efe5c1ada16b624af03ca006194.jpg


    මොටොමචි ප්ලාන්ට් එකේදී 1993දී නිශ්පාදනය අරබන මේ ලෝකේ පුරාම වාහන පෙරේතයන්ගේ කටින් කෙල පෙරාපු වාහනය ඉසාඕ සුශුකි කියන ඩිසයිනර් විසින් නිර්මානය කරන ලද්දක්

    3000cc ට්වින් ටර්බෝ ඇන්ජිමකින් සහ ටර්බෝ රහිත naturally aspirated සමාන්‍ය ඇන්ජිමක් සහිතව නිශ්පාදනය උනා.සාමාන්‍ය ඇන්ජිම හෝස්පවර් 220කිනුත් ටුවින් ටර්බෝ ඇන්ජිම හෝස් පවර් 280ක බලයකුත් ලබාදුනා. ඒ උනත් මේ වාහන ගත්ත අය මේවා හෝස් පවර් 1000+ එහා ලබාගන්න පවා මොඩිෆයි කලා. ඔයාලා දන්නව ඇති මොඩිෆයි කරපු නිසාන් පැට්‍රෝල් එක ලැම්බෝර්ගිනියක් එක්ක උනත් පදින්න පුලුවන්. අන්න ඒවගේ




    1400hp:shocked:



    මේ වාහනය ලේසියෙන් මොඩිෆයි කරන්න පුලුවන් කම නිසාම හුගාක් ජනප්‍රිය උනා..




    පිටතින් පේන ලොකු වෙනස්කම් නොකලත් මේ වාහනය මොඩල 20ක් පමන නිකුත් කලා වෙලද පොලට

    අදටත් ලෝකේ නිශ්පාදනය කරපු සියලුම සුප්‍රා වලින් අඩුම 60%ක් වත් මිනිස්සු ලග හොදම තත්වෙන් ඇති විශාල අනතුරු වලට ලක්වෙලා ස්භාවික විපත් වලින් විනාශ නොවුනු ඒවා ඇරෙන්න. ඒ සෑම කෙනෙක්ම ඒ වාහන සියල්ල තව අව් රුදු 30-40ක් වත් රැක ගනීවි. ලෝක වාහන ඉතිහාසේ ටොයොටා බැජ් එක නොමැකෙන්න ගහපු සුප්‍රා මෝටර් රතය ජපන්නු 2002දී නිශ්පාදනය සම්පූර්නෙන් නවතා දමනවා.:no::no::no::no::no::no::no:

    11666941_10206037062944274_318565207_n.jpg


    එදා ඉදන් සුප්‍රා වල මිල ඉහල ගියා මිසක් පහල බැසීමක් නම් උනේ නෑ. අනූව දශකයේ ඉපදිලා හෙට අනිද්දා ට්‍රඛ් එකට බහින්න ඉන්න ලම්බෝ, පෝශ් වලටත් කොකා පෙන්නන මේ දැවැන්ත ජපනා සදාකාලිකවම මෝටර් රත ලෝලීන්ගේ හීන වලින් එකක් විහිහට සදාකල්ම පවතීවි
    7b5e54280cdc574b55287870eb3f7466.jpg
    7b5e54280cdc574b55287870eb3f7466.jpg


    92847d114f9f0c87f16f8ea6903117e1.jpg


    නිසාන් ස්කයිලයින් එකෙන් නැවත හම්බ වෙමු (මේ ඊයේ පෙරේදා හදන සීනී බෝලේ නෙමේ )



    d16114a905ec95b9513f537c74c83c4a.jpg
    1e2222a287140ca0cfee2985b5011acb.jpg
    :lol::lol::lol::lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සුපිරිම කාර් එකක් තමා ලංකාවේ නැද්ද? මුශ්ලීම් අපිලට මොන කාර් ද මාතියා හෙමදාම ඔටුවා තමා :(
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,546
    113
    Colombo
    පට්ට පට්ට, කාලෙකින් තමයි අලුත් වාහන ත්‍රෙඩේ එකක් දැක්කෙම