AMW marketing tricks failed
නෑ මචන් මේකේ ලොකු ඇත්තක් තියෙනවා. ඉස්සර මහනුවර පිළිමතලාව පැත්තේ හිටිය සුජී කියල නියම පේන්ටර් කෙනෙක්.හොඳම වැඩකාරයා.මිනිහ කරන්නේ ජපානෙට මාස කීපයකට(මතක විදියට 6කට) යනවා.ඒ ඔක්කොම වියදම දරන්නේ ලංකාවට වාහන ගෙන්නන ප්රසිද්ද පොරක්. එහෙ ගියාම මිනිහට රටේ තොටේ ඇවිදින්න බැහැ. අර කොම්පැනියේ ගරාජ් එකට වෙලා ඉන්න ඕනලු.එකේ කරන්නේ හැප්පිච්ච වාහන ගෙනල්ල රෙපෙයාර් එකට දාල අයේ අලුත් ඔක්ෂන්/ජායි සහතිකය අරන් උන්ගේම යාඩ් වල දාල තියෙන එකලු.එකල්ල ලංකාවේ උන්ගේ ඒජන්ට් හරහා ගැනුම් කරුවන්ට පින්තුර පෙන්නලා ගෙන්නලා දෙනවා.වැඩිය හැප්පිච්ච නැති ඒවා හොඳට හදල ඔක්ෂනුත් දානවලු.හැබැයි බෝද්ය් පාර්ට් නම් අලුත්ම හොඳ ඒවා දානවලු එච්චර ගණන් නැති නිසා.
මිනිහ නියමිත විසා කාලය ඉවර උනාම ඔය පොඩි පොඩි කෑලි බෑලි ( ඔය ක්ලිප් වර්ග, පොඩි බල්බ් වගේ බොඩි පාර්ට් කැලි) අරන් ඇවිත් මෙහෙ කඩවලට දාල එකෙනුත් ගානක් හොයාගන්නවා. මෙහෙ ඉන්න කලෙත් ඔය වාහනයක් දෙකක් පේන්ට් කරලා කීයක් හරි හොයාගන්නවා.
මිනිහ කියනවා ඔක්ෂන් වල තියනවලු brandnew වගේ හොඳම වාහනත්. නමුත් අර විදිය ලාබ නිසා ගොඩක් උන් ඒ වැඩේ කරනවලු.






