මෙන්න මෙ අගයන් මතක තියාගෙන පල්ලෙහා රිප්ලයි එක ගැණ හිතපන් .
1LKR =0.7616 JPY
1LKR=7.8132 KRW (South Korean won)
1LKR=0.8542 KPW (North Korean won )
මෙකනෙ බන් රට ඇතුලෙ සංසරණය වන මුදල් ප්‍රමාණය අනුව අපනයන ආනයන අනුව තීරණය වෙනවා. අපෙ වගෙ රටවල් වල අපනයනයට වඩා ආනයනය වැඩී ,
ඒ කිව්වෙ අගය වශයෙන් ගත්තොත්. බලපන් තෙල් තියෙන රටවල් වල තමා මුදල් අගය වැඩිම . කුවෙට් ඩිනාර් එක ,ඕමාන් රියාල් එක, වගෙ. මොකද තෙල් වලින් එන සල්ලි ප්‍රමාණය උන්ගෙ රට ඇතුලෙම සංසරණය වෙන්න තමා උන් රටවල් හදලා තියෙන්නෙ.
දියුණු නොදියුණු වැඩක් නැහැ.
අපෙ රටවල් වල ආනයනය තමා වැඩි, රටෙ නිෂ්පාදන කියලා ලොකුවට වෙන්නෙ නැහැ.
එතකොට අහාවි එහෙනම් ඇයි යකො අපෙ රටෙ ඇඟලුම් කර්මාන්ත තියෙනවා, මන්චි රයිගම් මැලිබන් ඩී එස් අයි වගෙ කම්පැණීස් තියෙනවා.
ඔව් තියෙනවා තමා. එත් එව්වා නම විතරයි අපෙ. එව්වායෙ නිෂ්පාදන් හදන්න ඔන කරන යන්ත්‍ර සූත්‍ර අමුද්‍රව්‍ය 90% ක්ම ගෙන්න පිට රටින්. එහෙම ගෙනල්ලා හැදුවත් රටෙ පිටරටින් ගෙන දෙවළුත් වැඩි. රටට ශුද්ධ වශයෙන් සල්ලි එන්නෙ රටවල් වල වැඩ කරන මිනිස්සුන්ගෙන් .එ කියන්නෙ ඔය ගෘහ සෙවිකාවන් ඇතුලු අනෙකුත් විදෙශ ශ්‍රමිකයන්ගෙන්. ඇඟලුම් උනත් රෙද්ද නූල් බොලෙ පවා පිට රටින්නෙ. රට යන මනුස්සයෙක්ගෙන් රටෙ සල්ලි පිටට යන්නෙ පළවෙනි පාරට හො හදිසි අවස්ථාවක ලංකාවෙ ඉඳන් පිටරටකට යන එයාර්ලයින් ටිකට් එකෙ සල්ලි විතරයි. එකත් ඉතුරුයි ජාතික ගුවන් සෙවෙ ගියානම්.
ඉතිං රට ඉන්න මිනිස්සු නිසා තමා රටෙ මූල්‍යමය අගය මෙහෙමවත් තියෙන්නෙ. නැත්තම් සිම්බාබ්වෙ වලට එහා මෙහෙ .
ජපානෙ අගය අඩු වෙන්න හෙතුව මන් දැණ් කියන්නම්.,. ඔව් ජපානෙ දියුණුයි. අපනයනය සැහෙන්න කරන රටක්. ජපන් වාහන ගැණ කියන්න ඔනෙ නැහැ නෙ. එත් ජපනෙ සොභාවික සම්පත් අතින් ඌණ රටක් අනෙක් රටවල් වලට සාපෙක්ෂව. එක නිසා වාහනයක් හදන්න ඔනෙ කරන තක්ෂණෙ බුද්ධිය උන්ගෙ උනාට නට් එකෙ ඉඳන් හදන්න ඔන කරන ලොහ කොටස් අමුද්‍රව්‍ය සෙරම පිට රටින්. එකයි උන්ගෙ සල්ලි පිටට යනවා වැඩි.
ඔය ප්‍රශ්නෙම තියෙනවා දකුණු කොරියාවටත් බලපන් උන්ගෙ කොරියන් වොන් එකත් අඩු අගයක යන්නෙ ,එක රුපියලක් කොරියන් වොන් 7 කට වැඩි .
දකුණු කොරියාවත් හොඳ දියුණු රටක්. හුන්ඩායි, එල් ජී, සැම්ස්න්ග් සමාගම් වල නිජබිම. එත් සොභාවික සම්පත් වලින් ඌන රටක් සෙරම වගෙ පිටරටින්. රට ඇතුලෙ නිෂ්පාදන කරාට එනවා වගෙම ගාණක් පිටටත් යනවා.
එත් අච්චර සම්භාදක තියෙන උතුරු කොරියන් වොන් එක දකුණු කොරියන් වොන් එකට සාපෙක්ෂව වටිනවා. උතුරු කොරියාව දකුණු කොරියාව වගෙ දියුණුත් නැහැ එත් උන් සොභාවික සම්පත් වලින් උපරිමයි. මිසයිලයක් හැදුවත් එකෙ අමුද්‍රව්‍ය සෙරම රට ඇතුලෙ තියෙනවා. උන්ට සම්භාදක නැති උනා නම් ඔයිට වඩා අගයක් ගන්නවා. සම්පත් තිබුණ නොතිබුණා රටෙ සල්ලි බහුලව රට ඇතුලෙ සංසරණය වෙනවා. එකයි හෙතුව.